(ජේ.කේ.එල් චාමින්ද)
ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ පැමිණිලි 164ක් ඔක්තෝබර් 1 වැනි දා සිට 9 වැනිදා දක්වා අතර කාලය තුළ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 147ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 3 ක් හා වෙනත් පැමිණිලි 14ක් ලැබී ඇතැයි මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ලැබී ඇති පැමිණිලිවලින් 27 ක් අසත්‍ය පැමිණිලි බවට අනාවරණය වී ඇති බව ද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මින් වැඩිම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගාල්ල පොලිස් බල ප්‍රදේශයෙන් බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරිම, සම්බන්ධව වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇති බව මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව මැතිවරණ කාර්යාලවල පෝස්ටර් හා කටවුට් ඉරා දැමීම සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
2025 නොවැම්බර් මස 17
83
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
920
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2538
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජනපතිවරණ මැතිවරණ පැමිණිලි 164 ක් ගාල්ලෙන්