IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනපතිවරණ මැතිවරණ පැමිණිලි 164 ක් ගාල්ලෙන්

(ජේ.කේ.එල් චාමින්ද)

ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ පැමිණිලි 164ක් ඔක්තෝබර් 1 වැනි දා සිට 9 වැනිදා දක්වා අතර කාලය තුළ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 147ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 3 ක් හා වෙනත් පැමිණිලි 14ක් ලැබී ඇතැයි මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

ලැබී ඇති පැමිණිලිවලින් 27 ක් අසත්‍ය පැමිණිලි බවට අනාවරණය වී ඇති බව ද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මින් වැඩිම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගාල්ල පොලිස් බල ප්‍රදේශයෙන් බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරිම, සම්බන්ධව වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇති බව මධ්‍යස්ථානය සඳහන් කරයි.

මීට අමතරව මැතිවරණ කාර්යාලවල පෝස්ටර් හා කටවුට් ඉරා දැමීම සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



අදහස් (0)

ජනපතිවරණ මැතිවරණ පැමිණිලි 164 ක් ගාල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site