(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුවේ පැවති දේශපාලන රැළියකට අලි වෙඩි 2ක් රැගෙන පැමිණි පුද්ගලයකු අද(08) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
සැකකරු මනම්පිටිය, දළුකාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රැළිය ආරම්භකිරීමට පෙර ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කඩප්පල්කාරී ක්‍රියාවක් සඳහා අලි වෙඩි රැගෙන ආවේද යන්න සෙවීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරණයේ පළමුවෙනි වෙඩිමුරය තලාතුඔයෙන් පටන් ගත්තා කියනවනේ. දැන් පොළොන්නරුවෙන් ගිනිකෙළි සංදර්ශනය පටන්ගන්නද සැලසුම් කරලා තියෙන්න ඇත්තේ? සමහරුන්ගේ රැළිවලට බලාපොරොත්තු වුණාට වැඩි "සුවිසල් ජන ගඟක්" සහභාගී වීම ගැන තවත් සමහරු අන්දුන් කුන්දුන් වෙලා කියලත් කියනවා...
රැළිය ඉවර වෙලා ගෙදර යද්දී රෑ වෙනවනේ... එතකොට අලි පාරට එනවා. එ් නිසා අලින්ගෙන් බේරිලා ගෙදර යන්න අලි වෙඩි අරන් එන්න ඇති..
මේ මනුස්සයා ඔය පළාතේ ජීවත්වෙන ගොවියෙක් වෙන්න බැරිද? ගොවියෙකුට අලිවෙඩි සමග සෙනග ගැවසෙන ස්ථානයක සිටිය නොහැකි යයි නීතියක් තිබෙනවද? පොලීසිය කොහොමත් ඉතින් ගණන් දාන්නේ පොඩි මිනිහටනේ.
16 උදේ ජනතාවගේ අලි අල්ලන මෙහෙයුම...
පොලීසිය කළට වේලාවට සිදු කළ අත් අඩංගුව ගැන ප්‍රශංසා කළ යුතුය. මොන දේශපාලන කණ්ඩායමේ රැස්වීමක් වුණත් යම්කිසි කලබලයක් වුණානම් මහජනතාව හිස්ලූලූ අත දිවයන්න ගොස් පෑගිලා තුන් හාරසියක් ජීවිතක්ෂයට පත්වන්න තිබුණා. මෙවැනි දේවල් අසල්වැසි ඉන්දියාවේ සිදුවුණා. සාරි බෙදාදීමේ උත්සවයක සහ තවත් අවස්ථාවකදී... ඒ වගේම යුරෝපයේ පාපන්දු ක්‍රීඩාවකදීත් පෑගිලා විශාල සංඛ්‍යාවක් ජීවතක්ෂයට පත්වුණා. සමහරවිට මෙහි ඔය සිද්දිය වුණා නම් පාස්කු ඉරිදා වූ මනුෂ්‍ය ඝාතනයට වඩා භයංකර දෙයක් වෙන්න තිබුණා. මේවා තම තමන්ගේ දේශපාලන අදහස් පෙන්වීමේ අවස්ථාවක් කර නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවක් ලෙස සියළු දෙනා ප්‍රතික්ෂේප කළ යුතු දේවල්...