IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ෆොන්සේකාගේ සහ ආණ්ඩුවේ මානසිකත්වය එකයි

(විනීතා එම් ගමගේ)

ජනරාල් ජගත් ජයසූරියට විරුද්ධව සාක්ෂි දෙන්නට සුදානම් යැයි කියන අන්දමේ අමුඅමුවේ පාවා දෙන ප‍්‍රකාශ කිරීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයාට ධෛර්ය එන්නේ ඔහුගේ මානසිකත්වය හා ආණ්ඩුවේ මානසිකත්වය එකක් වන නිසා යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කරයි.

සුළු ජාතික ජාතිවාදී කල්ලිවල ප‍්‍රාණ ඇපයට ලක් වූ මේ ආණ්ඩුවෙන් සහ එහි ඇමතිවරුන්, අගමැති හා ජනාධිපතිවරයාගෙන් මීට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවත් හෙතෙම පවසයි.

‘‘කිලිනොච්චියේ ප‍්‍රධාන රණවිරු ස්මාරකය ඉවත් කිරීමට එහි දිසාපතිවරයා, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වී තිබුණා. එදා කුරුණෑගල තිබූ රණවිරු ස්මාරකය ගැලවේවා. රණවිරු ස්මාරක ගලවන යුගයකට මේ රට අවතීර්ණ වී තිබෙනවා.’’ යැයි ද මන්ත‍්‍රීවරයා පවසයි.

අද (03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.

වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘රණවිරු ස්මාරක ගැලවෙන විට කොටි ස්මාරක නිර්මාණය වෙමින් තිබෙනවා. තිලීපන්ගේ ස්මාරක නිර්මාණය වෙන්නේ ඒ අනුවයි. අද කොටින්ගේ සොහොන් කොත්වල වීර කාව්‍ය රචනා වෙන්න පටන් අරන් තිබෙනවා. ඒ වගේම දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ ‘බුද්ධි අංශය’ යැයි කියා ගත් සංවිධානයක් ‘දෙමළ කාන්තාවන් සිංහල මිනිසුන් සමඟ ඇසුරු නොකළ යුතුයි‘ වැනි තර්ජන ගණනාවක් ඇතුළත් පත‍්‍රිකාවක් දෙමළ ජනතාව අතර බෙදාහැර තිබෙනවා.

අද ඒ විදියට රණවිරු ස්මාරක ගැලවෙද්දී කොටින්ගේ දේශපාලන භාවිතාවට පන එන්න පටන් අරන් තිබෙනවා. ඔබ දන්නවා, හිටපු යුද හමුදාපතිවරයකු වූ ජෙනරාල් ජගත් ජයසූරීය මැතිතුමන් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක තානාපති ධුරය දරලා නිල කාලය අවසන් වූ පසු මෙරටට එන්න සූදානම් වන විට එම රටවල අධිකරණවල ඔහුට විරුද්ධව නඩු පවරා තිබෙන බව.

ජනාධිපතිතුමා නම් නිතරම පවසනවා අපි ලෝකය ජයගෙන තිබෙන්නේ කියා. අපි දන්නේ නැහැ, ඉහත කී ලතින් ඇමෙරිකානු රටවල් කිහිපය එතුමා කියන ඒ ජයගත්තු ලෝකයට අයත් නැද්ද කියා. නමුත් මහින්ද රාජපක්ෂ පාලන යුගයේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කරන විට මේ ලතින් ඇමෙරිකානු රටවල් අපට සහාය දුන් බවත් අප වෙනුවෙන් පෙනී සිටි බවත් මතක් කරන්න  ඕනෙ. එදා ශ‍්‍රී ලංකාව දිහා හතුරු ආකල්පයකින් නොබලපු ඒ රටවල් තුළින් අද ජෙනරාල් ජගත් ජයසූරියට අභූත චෝදනා එල්ල වෙනවා.’’

 

 

 



අදහස් (9)

ෆොන්සේකාගේ සහ ආණ්ඩුවේ මානසිකත්වය එකයි

Nilhan Jayawardene Sunday, 03 September 2017 12:25 PM

ජගත් ජයසුරිය මහතාටත් උත්තර දෙන්න වෙනවා. සමහරුන්ට ඕවා තේරෙන්නේ නැත.

:       118       9

siva Sunday, 03 September 2017 12:29 PM

මානසික තත්වය දැන ගන්න පුළුවන් වෙයි. තව ටික දවසකින් පාස්පෝට් සහ ගෙවල් හදපු විදිය දැනගත්තම තේරෙයි.

:       240       266

vidya Sunday, 03 September 2017 04:23 PM

කයිවාරු ගහන්නේ නැතිව උගත් කමක් නැති වුණාම පුළුවන් දෙයක් කරනවා වගේනේ ....

:       37       8

ase Monday, 04 September 2017 09:29 AM

මහත්තයෝ තමාට වඩා උගතුන් තමන් වටේ සිටි යි නිතර සිතන්න

:       0       20

rohana Monday, 04 September 2017 02:33 PM

අනේ මෙයාට මොකුත් කියන්න එපා. මෙයා තමයි දෙක දෙකෙන් බෙදුවම බින්දුව කියපු උගතා.

:       0       22

kumar (galf) Monday, 04 September 2017 06:19 PM

මහත්තයෝ තමන්ගේ ඇහේ තියෙන පරාලය අයින්කරගන්න අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ අස්කරන්න ඉස්සෙල්ලා.

:       0       0

sathyayaa Monday, 04 September 2017 11:43 PM

ගිය ආණ්ඩුවට හේත්තුවෙලා ඉන්න වෙලාවේ හවුලේ කරපු වංචා හා දුෂණ නිසා රජාත් පුටුවෙන් ඇදගෙන වැටුනා. එක්කෝ රජා දැනගන්න ඕනේ රජා හරිද නැත්නම් පනික්කියා හරිද කියල. සිදුවුණා දේ බලන කොට රජාගේ මානසික තත්වයයි පනික්කියාගේ බොල් හඬයි දෙකම එකයි.

:       0       0

vidya Tuesday, 05 September 2017 02:15 AM

එදා නීතිය රීතියට ගරු කරලා සරත් ෆොන්සේකා මැති තුමාව බිම ඇදගෙන සතෙක් වගේ හිරයට දැම්මේ නැත්නම් මෙවැනි විරසක අද වෙන්නේ නැනේ . බලය ලැබුනහම කරපු නරක වැඩ නිසානේ මේ සේරම වෙන්නේ.

:       0       0

rocky Sunday, 17 September 2017 02:09 PM

ඉස්සර පන්සලේ පින්කම් වලදී රඟ දක්වපු නාඩගම් වල බම්බුවා කියලා කෙනෙක් හිටියා !!! මට එතුමාව නිකමට වගේ මතක් වෙනවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site