IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


හොරුන්ට දඬුවම් දෙන්න පක්ෂ පාට මට කිසි ප්‍රශ්නයක් නෙමේ

(සුජිත් හේවාජුලිගේ තිස්සමහාරාමයේ සිට...)

(ඡායාරූප - ගයාන් අමරසේකර)

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බවත් හොරුන්ට දඬුවම් කිරීමේදී පක්ෂ පාට තමාට ප්‍රශ්නයක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිස්සමහාරාමයේදී පැවැසීය.

වැරැදි කළ අයට රටේ නීතිය එකසේ ක්‍රියාත්මක කරන්නේ යැයි කී ජනාධිපතිවරයා මිහින් ලංකා ගැන කොමිසම පත් කළ පසුව තවත් සුද්ධෝදනලා එළිවේවි යැයිද ප්‍රකාශ කළේය.

“අපේ මේ අපේක්ෂකයන් වැඬේ හරියට කළොත් ඉදිරියට යන්න පුළුවන්. වැඬේ වරද්ද ගත්තොත් ගෙදර යන්න පුළුවන්” යැයිද ඔහු කීය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට සහාය පළ කිරීම සඳහා තිස්සමහාරාමය දෙබරවැව ඇන්.ටී. දයානන්ද ක්‍රීඩාංගණයේදී පසුගිය 12 වැනි සිකුරාදා පැවැති ජන හමුවේදීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් රැස්වීම සංවිධානය කෙරිණ.

දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාව පළ කර ගෞරව දැක්වීමෙන් පසුව උත්සව සභාවේ කටයුතු ඇරැඹිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.

තිස්සමහාරාම මේ ආදරණීය ජනතාව හමුවීමට ලැබීම ගැන සතුටු වෙනවා. රුහුණ මාගම්පුර ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වය කියාපාන ප්‍රදේශයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බැඳුණු වාම ප්‍රගතිශීලී පිරිසක් මේ ප්‍රදේශවල සිටිනවා. ඩී.ඒ. රාජපක්ෂ යුගයේ සිට දිස්ත්‍රික්කයට ශ්‍රීලනිප නායකත්වයක් දුන්නා. අප පක්ෂය සමග එවැනි ගෞරවනීය සම්බන්ධයක් තියෙන පළාතක්. සන්ධාන මහ ලේකම් තනතුර අපි හම්බන්තොටට දුන්නේ ඒ ගෞරවය නිසයි.

අද පක්ෂය සරලයි. උස්කම්, මිටිකම් පක්ෂය තුළ නැහැ. අද තියෙන්නේ ගමේ ඡන්දය. ගමට වැඩ කරන නියෝජිතයකු තෝරා ගන්නා මැතිවරණය. ඒ පත්වන නියෝජිතයා පිරිසුදු අවංක කෙනෙකු වෙන්න ඕන.

ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා නාගරික මන්ත්‍රීවරයකු සිට අගමැති ධූරයට ආවා. ආර්. ප්‍රේමදාස මහත්තයත් එහෙමයි. මේ අපේක්ෂකයන්ටත් එහෙම ගමනක් යන්න පුළුවන්. මුලින් වැඬේ හරියට කළොත් ඒ ගමන යන්න පුළුවන්. වැඬේ වරද්ද ගත්තොත් ගෙදර යන්න පුළුවන්. වැරැදි කරන අයට මගෙන් කිසිම සමාවක් නැහැ. පක්ෂයේ විනය තියෙන්න ඕන. රටේ නීතිය ඕනෑම කෙනකුට එක විදිහට ක්‍රියාත්මක කරනවා.

මම ආවේ සදාකාලිකව වැජඹෙන්න නොවෙයි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණ කතාවක් යනවා. මගේ ධූර කාලය ගැන රට තුළ සංවාදයක් තියෙනවා. මා ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇහුවේ ඒ නිසයි. වෙනත් නායකයෝත් ඔහොම ඇහුවා. විපක්ෂයේ අය වගේම ආණ්ඩුවේ සමහරුන් අද මේකට කලබල වෙලා. විනිසුරුවන් දෙන ඕන තීරණයක් මා බාර ගන්නවා. මම ආවේ සදාකල් වැජඹෙන්න නොවෙයි. තනතුරු මට ප්‍රශ්නයක් නොවෙයි. තනතුරු තිබුණත් නැතත් මම වැඩ කරනවා.

අපේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක් තියෙනවා. රටේ පසුගිය කාලයේ බරපතළ දූෂණ වුණා. දේශපාලනඥයන් ඒවා කරන කොට රාජ්‍ය නිලධාරිනුත් ඔවුන් අනුගමනය කළා.

මම ජනාධිපති වී බරපතළ දූෂණ ගැනත්, බැඳුම්කරය ගැනත් කොමිෂන් සභා දෙකක් පත් කළා. මේ වාර්තා දෙකම මට එකම සතියේ ලැබුණා. මට පක්ෂ භේදයක් නැහැ. දඬුවම් කළ යුතු අයට දඬුවම් දෙනවා.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියල ගමේ කියමනක් තියෙනවා. මිහින් ලංකා ගැන ලබන සතියේ කොමිසමක් පත්කරනවා. ඒකෙන් සුද්දෝධනලා එළිවේවි. මා පක්ෂය වගේම ආණ්ඩුවත් ශුද්ධ කරනවා.

ආණ්ඩුව ඇතුළේ කොළොන්නාවේ කුණු කන්දට වඩා ලොකු කුණු කඳු තියෙනවා. මා ඒ කුණු කන්දත් අදින්න සූදානම්.

සමහරු මම රට විකුණනවා කියලා චෝදනා කරනවා. එදා අපි සමග සම්බන්ධතා පැවැත්වුයේ රටවල් කිහිපයක් පමණයි. අපිට විදේශ රටවලින් එල්ල වූ තර්ජන ඉවත් කරගන්න මා කටයුතු කළා. ලෝකයේ රටවල් මා ගැන විශ්වාසය තැබුවා. රුසියාව අපේ තේ නැවැත්වූවා. මම පුටින්ට ලිපියක් යැව්වා. එතුමා ඒ තහනම ඉවත් කර ගත්තා. පොහොර ප්‍රශ්නයක් ඇතිවුණා. මා පාකිස්ථාන අගමැතිතුමාට කතා කළා. ඉල්ලුවේ මෙටි්‍රක් ටොන් 40,000යි. 75,000ක්ම එව්වා. රටේ ප්‍රශ්න විසඳගෙන අපි ඉදිරියට යනවා.

පොහොර හිඟ ඇතිවුණේ අපේ ආණ්ඩුව කාලයේ පමණක් නොවෙයි. පසුගිය ආණ්ඩුවලදීත් ඒ වගේ දේවල් වුණා. හොඳ පිරිසක් හදන්න බුලත් කොළයට ඡන්දය දෙන්න. ඔබ පත් කරන නියෝජිතයා මගේ නියෝජිතයායි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා: මම දිස්ත්‍රික්කයේ හැම තැනකම ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන දිනා ගන්නවා. අපට විරුද්ධ අයත් අද එකතු වී සිටිනවා. අද ජනාධිපතිතුමා රටේ වෙනසක් කරනවා. හොරු අල්ලන වැඩපිළිවෙළ ජනාධිපතිතුමා ආරම්භ කළා.

හම්බන්තොට වරායේ සේවක ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ප්‍රශ්නය බාරගන්න සූදානම්. ඒක ගිය ආණ්ඩුව හදපු එකයි. හම්බන්තොටට සංවර්ධනය අපි ජනාධිපතිතුමා සමග එකතු වී ගේනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ සටනේ වැදගත් අවස්ථාවක් අද දෙබරවැවෙන් අරඹනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට එදා ප්‍රභු පන්තිය ක්‍රියා කළා. සඟ, වෙද, ගුරු... පංච මහා බලවේගය ගොඩනැගුණේ ඒ අනුවයි.

දොස්තරවරු, ඉංජිනේරුවරු ගමෙන් බිහිවුණේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නිසයි. බණ්ඩාරනායක මහත්තයා මැරුවේ එතුමා මරන්න නොවෙයි. පක්ෂය මරන්නයි. එතුමා මැරුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න පුළුවන් වුණේ නැහැ. මැතිණියගේ ප්‍රජා අයිතිය නැති කරලත් පක්ෂය විනාශ කරන්න හැදුවා. එහෙත් කරන්න බැරිවුණා. ඊට පසුව චන්ද්‍රිකා මරන්න හැදුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න බැරිවුණා.

තනි යූඑන්පී ආණ්ඩුවක් හැදුවා නම් අද මේ වේදිකාවේ ඉන්න බොහෝ දෙනෙකු ඉන්නේ හිරගෙදර. සම්මුතිවාදි ආණ්ඩුව හැදුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැදිහත්වීම නිසයි. මේ නිසා නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වුණා. පාක්ෂිකයාත් ආරක්ෂා වුණා. මහ බැංකු හොරකම එළියට ආවේ සම්මුතිවාදී ආණ්ඩුව තිබුණු නිසයි. බැඳුම්කර වංචාව ගැන මුළින්ම අල්ලස් කොමිසමට ගියේ මහින්ද අමරවීර. බැඳුම්කරේ ගැන කොමිෂන් සභාව පත් කළේ අපි නිසයි. හොරා එළිවුණේ මේ කොමිෂන් සභා වාර්තාව නිසයි.

පාර්ලිමේන්තුව ජෝක් එකක් කළා. එදා හොරා මොකාද කියලා රටම දැනගත්තා. හොරු සමග හෙළුවෙන්. සමහරු ඇත්තට බෙහෙත් දාගත්තා. සමහරු බොරුවට බෙහෙත් දා ගත්තා. දැන් නියම හොරා මාට්ටු.
අපි අතර තිබූ සමගිය කැඩුවේ නාමල් හා ගම්පහ පැත්තේ ඌරු මීයෙකු වගේ ඇඟක් තියෙන මොළේ නැති කෙනායි. අපි හංසයාට අලියට පූට්ටු වෙලා නැහැ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා:- මම එක්සත් ජාතික පක්ෂයෙන් ආවේ මන්ත්‍රීකම රනිල්ගේ කකුල් දෙක ළඟ තියලයි. මහින්ද වගේ නායකයෙක් පැරදුණේ ඇයි? මහින්ද මේ රට බේරා ගත්තු නායකයා. මේ රටට වැඩ කරපු නායකයා. පැරදුණු හේතුව හොයන්නේ නැතිව ඔවුනට ඉදිරියට යන්න බැහැ. මහින්ද යුද්ධය දිනුවට උතුරේ ජනතාවගේ හදවත දිනා ගත්තේ නැහැ. මුස්ලිම් ජනතාව එතුමාගෙන් ඈත්වුණා. රාජ්‍ය සේවකයන් වැඩි පිරිසකට රැකියා දුන්නේ මහින්ද. 58,000කට රැකියා දුන්නා. ඒ පනස් අට දහසට මෝටර් සයිකලය බැගිනුත් දුන්නා. මර්වින් සමෘද්ධි නියාමකයන් ගස් බැන්දා. මේවාට පියවර ගත්තද? සරත් ෆොන්සේකාට ජම්පරේ අන්දලා හිරේට දැම්මා. ජනතාව මේ වැඩවලට විරුද්ධව ඡන්දය දුන්නා.

මම එදා රනිල් එළවන්න සජිත් එක්ක කැරලි ගහපු කෙනෙක්. අන්තිමේදී මට ගෙදර යන්න වුණා. නමුත් අද රනිල්, සජිත් තකට තක. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න බැසිල් රාජපක්ෂ, අනුර බණ්ඩාරනායක කටයුතු කළා. එහෙම කරලා යූඑන්පීයට සේවය කළා. මෛත්‍රී පක්ෂය කඩාගෙන ගියාට වෙනම පක්ෂ හැදුවේ නැහැ. ඒ වගේම යූඑන්පීඑකේ සාමාජිකත්වය ගත්තෙත් නැහැ. අද අපේ පක්ෂය බෙදලා පොහොට්ටුව කියල අවජාතක පක්ෂයක් හදලා තියෙනවා. එහෙම හදල යූඑන්පීඑකට සපෝට් කරනවා.

මහ බැංකුවට කොටි ගැහුවා. අවුරුදු 20කට පස්සේ ඒකට අලි ගැහුවා. නැතිවෙන්නම ගැහුවා. මට මගේම නොවන මගේම ගෙයක් තිබුණා කියලා රවී කියනවා. ඕක බැසිලුත් එදා කිව්වා. මට මගේම නොවන මගේම ගෙයක් මල්වානේ තිබුණ කියල ඔහු කිව්වා.

මෛත්‍රී මේ රටේ සියලුම හොරු අල්ලන නායකයා. අපි ආණ්ඩුවෙන් එළියට ගියොත් බිහිවන්නේ යූඑන්පී ආණ්ඩුවක්. ජනාධිපතිතුමා 2021 වනතුරු මේ රටේ ජනාධිපති.

පිළිගැනීමේ කතාව පවත්වමින් දකුණු පළාත් අමාත්‍ය එච්.ඩබ්ලිව්. ගුණසේන මහතා මෙසේ පැවැසීය.
මනාප ක්‍රමය තුළ ඇතිවූ ගැටුම් ආරවුල් අප නැති කළා. සියලු දෙනා සමගියෙන් කටයුතු කරන මැතිවරණයක් අප ලබාදුන්නා. පෙබරවාරි 10 වැනිදා වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය ලැබීම ස්ථිරයි. එය කාටවත් වළක්වන්න බැහැ. මුළු ගමම ඊට සූදානම්.

ජාතික නිදහස් පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා:- ජනාධිපතිතුමා බැඳුම්කර වාර්තාවෙන් හොරු කවුද කියල පෙන්නුවා. හොරු දෙගොල්ල පාර්ලිමේන්තුවේදී මරාගත්තා. අගමැති පාර්ලිමේන්තුවේදී එදා හැසිරුණු විදිය හරිද? රටට විහිළු සපයන නායකයෙක්. එවැනි නායකයකු සිටින පක්ෂයකින් ගමට මන්ත්‍රීවරුන් පත් කරනවාද? මෙවැනි පන්නයේ අගමැතිවරයෙක් මීට පෙර අප දැකලා නැහැ.

ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරුපමා රාජපක්ෂ, එරාජ් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (4)

හොරුන්ට දඬුවම් දෙන්න පක්ෂ පාට මට කිසි ප්‍රශ්නයක් නෙමේ

Shan Monday, 15 January 2018 07:24 AM

නිකම් ගැලරි කතා කියකියා ඉන්න එපා... ගිය ආණ්ඩුවේ හොරු ඔක්කොම තාමත් නිදැල්ලේ.... දැන් වෙන බයිලා කියනවා.

:       0       185

Senarath Monday, 15 January 2018 09:08 AM

මෙයාගේ ඔක්කොම වැඩ කටින් විතරයි. 2015 මාර්තුවල මහබැංකු හොරකමේ වාර්තාව පිටවෙන්න දවසක් කලින් පාර්ලිමේන්තුව විසුරුවලා හොරු ආරක්ෂා කළා. ඒ හොරු දෙවැනි පාරටත් මහබැංකුව එයට වඩා මහාපරිමාණයෙන් හොරා කෑවා එ්කේ ප්‍රතිඵලයක් විදියට. මෙයා තවම සුදනා වගේ කියා ගහනවා...

:       75       224

jayantha Tuesday, 16 January 2018 06:01 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා:- තනි යූඑන්පී ආණ්ඩුවක් හැදුවා නම් අද මේ වේදිකාවේ ඉන්න බොහෝ දෙනෙකු ඉන්නේ හිරගෙදර. සම්මුතිවාදි ආණ්ඩුව හැදුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැදිහත්වීම නිසයි. මේ නිසා නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වුණා. පාක්ෂිකයාත් ආරක්ෂා වුණා.

:       48       15

rocky Friday, 16 March 2018 02:31 PM

ජනාධිපති තුමා නියම දක්ෂයෙකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 400 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1585 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site