IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


හම්බන්තොට උද්ඝෝෂණය දේශපාලන ප‍්‍රශ්නයක් මිස මත්තල ගුවන්තොට නොවේ

හම්බන්තොටදී පසුගියදා පැවැති උද්ඝෝෂණයට හේතුව දිස්ත‍්‍රික්කයේ දේශපාලන ප‍්‍රශ්නයක් මිස මත්තල ගුවන්තොටුපළ සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙරේදා (18) පැවසීය.

එබැවින් එම උද්ඝෝෂණයට සම්බන්ධවූවන් තමන්ගේ නම ඈඳා ගනිමින් ජනතාව නොමඟ යවන ප‍්‍රකාශ නිකුත් කරන බවත්, එවැනි ප‍්‍රකාශ කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීය.

කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි අමාත්‍යවරයාගේ නිල නිවසේ දී පෙරේදා (18) පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.     

තනතුරු අද තිබිලා හෙට නැතිවෙන්න පුළුවන්. ආණ්ඩු පක්‍ෂය වගේම විපක්‍ෂයත් මට හොඳට පුරුදුයි. මම දේශපාලනයට ආවේ ජනතාවට සේවයක් කරන්න මිස මට යමක් හම්බකරගන්න නෙවෙයි. මම ජාතික ආණ්ඩුවට එකතුවුණේ හම්බන්තොට ජනතාවට සේවයක් කරන්නයි. ඒ තීරණය ගත්තෙත් හම්බන්තොට ජනතාවගෙන් අහලයි. ඒ නිසා මත්තල ගුවන් තොටුපළ විකිණීම හෝ හම්බන්තොට ජනතාවට එරෙහිව යම් දෙයක් සිදුවෙනවා නම් එයට විරුද්ධව මම අත් දෙකම ඔසවනවා.

මත්තල ගුවන් තොටුපළින් ලැබෙන ආදායම අඩු බවත් ඒ නිසා එය සංවර්ධන කිරීම සඳහා දේශීය හෝ විදේශීය ආයෝජකයකුට ලබාදිය යුතු බවට යෝජනා කරමින් සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් මත්තල ගුවන්තොටුපළ විකිණීමට අපි අදහස් කළේ නැහැ. ඒ නිසා මේ උද්ඝෝෂණය පිටුපස තිබෙන්නේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ දේශපාලනය පිළිබඳ ප‍්‍රශ්නයක් මිස මත්තල ගුවන්තොටුපළ සම්බන්ධ ප‍්‍රශ්නයක් නෙවෙයි. මේ උද්ඝෝෂකයන් හරිනම් විරුද්ධ විය යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයටයි. නමුත් ඔවුන් විරුද්ධ වෙන්නේ මටයි. අමරවීර පන්නමු යැයි ලියූ සටන් පාඨ උද්ඝෝෂකයන් අත තිබුණා. මගේ අනුරූප විදියට හැදු පඹයන් ගිනි තිව්වා.

විරෝධතාවට පෙර පොලිසිය විසින් උසාවියෙන් තහනම් නියෝගයක් අරගෙන තිබුණා. ඒ තහනම නොතකමින් තමයි මේ උද්ඝෝෂණය පැවැත්වුණේ. හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව පැවැති උද්ඝෝෂණයට සහභාගි වූ පිරිසෙන් සියයට දහයක්වත් මේ උද්ඝෝෂණයට ආවේ නැහැ. වෙනත් දිස්ත‍්‍රික්කවලින් පිරිස් ගෙනල්ලත් මේක සාර්ථක කරගන්න මේ අයට බැරිවුණා. අත්අඩංගුවේ පසුවන පිරිස් අතර මොනරාගල, රත්නපුර දිස්ත‍්‍රික්කවල අයත් ඉන්නවා. ඒ අයගේ ඥාතීන්, මව්පියන් දැන් මම හමුවෙන්න එනවා. බොරු කියල මිනිස්සු ගෙනයෑම පිළිබඳව ඔවුන් මේ අයට සාප කරනවා. කොහොම හරි එතැන සිදුවූ ගැටුමකින් පසුව මන්ත‍්‍රීවරුන් පිරිසක් ඇතුළුව තවත් පිරිසක් අත්අඩංගුවට පත්වුණා. මේ වනවිට මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් නිදහස් වුණා. තමන් නිදහස් වුණා වගේම අත්අඩංගුවේ පසුවන පිරිස ගැනත් දැන් ඔවුන් බැලිය යුතුයි.

ඔවුන් අත්අඩංගුවට පත්වීමත් දැන් මගේ ගිණුමට දාල. ඒකෙදිත් එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් නිදහස් කරලා මම අල්ලගෙන. මම ධීවර ඇමැති මිස පොලිසිය බාර ඇමැතිවරයා නෙමෙයි. මේක තනිකරම දේශපාලන කුමන්ත‍්‍රණයක්. මම කිසිම දවසක හිංසාකාරීව දේශපාලනය කළේ නැහැ. මැතිවරණවලදී මම පරද්දන්න බැරි ඒකයි. ඒක නිසා කවදාවත් මම මගේ දේශපාලනය වෙනස් කරන්නේ නැහැ. මේ අය නිදහස් වීම ගැන මට සතුටුයි. හිරේ ඉන්න අනිත් අයත් ඉක්මනින්ම නිදහස් විය යුතුයි කියන මතයේ මම ඉන්නවා.

ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසුව නාමල් රාජපක්‍ෂ මහතා හා ඔහුගේ පවුලේ උදවිය වෙනුවෙන් මම කළ කී දෑ එතුමාගේ හෘද සාක්‍ෂිය දන්නවා. උද්ඝෝෂණයට සම්බන්ධවූවන්ට ඇප නොදෙන ලෙසට සන්ධානයේ මහලේකම් අමරවීර මහතා බලපෑම් කළ බව කොළඹින් ගිය නීතිඥ මහතකු මොවුන් නිදහස් වූ දිනයේදී මාධ්‍යයට ප‍්‍රකාශ කළා. ඔහුට නඩු නැහැ. හැමදාම මාධ්‍යයේ පෙනී ඉන්නවා. එය තනිකරම අසත්‍ය ප‍්‍රකාශයක් වගේම එමඟින් උසාවියට අපහාස සිදුවෙනවා. මම මාසෙකින් විතර සන්ධානයේ ලිපියකටවත් අත්සන් කරලා නැහැ.

පාර්ලිමේන්තුවෙන් සංවිධානය කරන විදේශීය සංචාරයකට සහභාගි වීමට ඇප ලබාදෙන ලෙස මේ අය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සඳහා කතානායකවරයාගෙන් ලබාගත් ලිපියක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව නාමල් රාජපක්‍ෂ, ඞී.වී චානක හා ප‍්‍රසන්න රණවීර යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවෙන් එවැනි විදෙස් සංචාරයක් නොමැති බවට පාර්ලිමේන්තුවෙන් ලිපියක් දී තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් වෙනුවට පාර්ලිමේන්තු සන්ධාන ප‍්‍රධානියා ඒ සඳහා අත්සන් කර තිබෙනවා. ඔහු කවුද කියලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා නීතිඥවරුන් දන්නවා. ඒ නිසා මේ නීතිඥවරයා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මට විරුද්ධව කතා කළා. මම ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා. එමෙන්ම නීතිඥවරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කරනවා.  

පසුගිය මහා මැතිවරණයේදී මා පරාජයට පත්කිරීමට බොහෝ පිරිසක් විවිධ ක‍්‍රියාමාර්ග ගත්තා. මැතිවරණයෙන් පසුව මම එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකතුවන බව රාවණා බලය සංවිධානයේ හාමුදුරුවෝ කිව්වා. මැතිවරණයේදී මට උදව්වට හිටියේ දිස්ත‍්‍රික්කයෙන්ම පළාත් පාලන නියෝජිතයෝ හතර දෙනයි. ඒ සියලූම බාධක මැද හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ජනතාව මම පිළිබඳව විශ්වාසය තිව්වා. මේ වනවිට පළාත් පාලන නියෝජිතයෝ 27 දෙනෙක් මට සහය දැක්වීමට ඉදිරිපත් වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාත් අනාගතයේදී හම්බන්තොටින් බිහිවන නායකයෙක් ගැන සඳහන් කරමින් මා පිළිබඳව අගය කරමින් කතා කළා.

මට කවදාවත් එහෙම හීන තිබුණේ නැහැ. විපක්‍ෂයේ සිටින පිරිසත් අපිත් එකට එකතු විය යුතු බවට මම හැමදාම කිව්වා. මේ කතා නිසා සමහරු බොහොම කළබල වුණා. මම අගය කරමින් ජනාධිපතිතුමන් කතා කළාට පසුව එක්තරා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ නිවසේ මා සම්බන්ධයෙන් කතා කිරීම සඳහා රැස්වීමක් පවත්වා තිබෙනවා.

සාමාන්‍ය පවුලකින් ඇවිල්ල මම අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයට පත්වෙලා තිබෙනවා. මේ දේශපාලන ගමනදී මම තරම් නින්දා, අපහාස, අවලාදවලට මුහුණ දුන් කෙනෙක් තවත් නැතුව ඇති. ඒ දේවල් තවමත් නතරවෙලා නැහැ. එදා වගේම අදත් මම ඒ සියලූම දේවල්වලට ශක්තිමත්ව මුහුණ දෙනවා. මේ සියලූ කරුණු ඇතුළත් කරල මම ඉදිරියේදී පොතක් ලියනවා. ඒක ලිව්වම සමහරුන්ගේ හිත් අමනාපකම් ඇති වේවි යැයි ද ඔහු පැවසීය.                 

 

(නාලක සංජීව දහනායක)



අදහස් (3)

හම්බන්තොට උද්ඝෝෂණය දේශපාලන ප‍්‍රශ්නයක් මිස මත්තල ගුවන්තොට නොවේ

parakkrama Saturday, 21 October 2017 04:00 PM

ගරු අමාත්‍යතුමනි, මත්තල් ගුවන් තොටුපල ලාභ පාඩු සම්බන්ධයෙන් ඔබ ප්‍රකාශ කළ අදහස නිවැරදි බව පිළිගනිමි. සිවිල් ගුවන් සේවා අමාත්‍ය , ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන් හේතු සහිතව කරුණු පෙන්වා දෙමින් මත්තල ගුවන් තොට විදේශ ආයෝජකයෙකුට ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදරිපත් කළ බව සඳහන් කළා. මෙතැන තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් බවත් , උද්ඝෝෂකයින් ඔබතුමන්ට විරුද්ධව නැගීසිටින බවත් ප්‍රකාශ කළා. නමුත් විරුද්ධ විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට බවත් ඔබතුමන් ප්‍රකාශ කරනවා. කැබිනට්ටුවේ එකට ඉඳන් සාමුහිකව කටයුතු කරලා , ඔබේ පක්ෂයේම ගරු අමතිතුමෙකුගේ කැබිනට් පත්‍රිකාවක් අනුව සිදුකැරෙන ක්‍රියාවකට, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව විරුධත්වය දැක්වීමට ජනතාව පොළඹවන්නේ කුමක් නිසා දැයි ප්‍රකාශ කරන මෙන් ද කාරුණිකව ඉල්ලමි.

:       0       54

siri Sunday, 22 October 2017 08:07 AM

මෙවැන්නන් නැවත පත්කර නොගන්න ජනතාව වග බලා ගතයුතුයි..

:       0       104

sathyayaa Tuesday, 24 October 2017 11:56 PM

මොකක්ද ශ්‍රී ලං නි පක්ෂයේ සභාපති ඇතුළු නායකකාරකාදීන්ට හැදිලා තියෙන අවිහිංසා වාදී ලෙඩේ? මේ තරම් අභියෝග තියෙනවා නම් කඟ වේණුන් වගේ සියලු සතුරු බලවේග මැඩ ගෙන ඉදිරියට යන්න ඕනේ. මේ ගොල්ලෝ හැමදාම මාධ්‍ය ඉදිරියේ තමන්ට වෙන හිරිහැර ගැන කඳුළු නොසලා හඬනවා ජනතාවගේ අනුකම්පාව දිනා ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 396 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1583 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site