චමිල් රුපසිංහ
‘‘පොහොට්ටුවේ අය ඡන්දය ඉල්ලුවත් ඔවුන්ට ආණ්ඩු බලයක් නොමැතිව කළහැකි දෙයක් නොමැති බවත් ජනපතිතුමත් පාර්ලිමේන්තුවේ බලයත් එක්සත් ජාතික පක්ෂයට ඇති බවත් හැන්ද ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි‘‘.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් දිනවීම සඳහා අද (26) උඩුනුවර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද කීය.
‘‘පොහොටුටුවේ අය ඡන්දය ඉල්ලුවට එයාලට කරන්න පුලුවන් දෙයක් නැ.එයාලට ආණ්ඩු බලයක් නැ.හැන්ද තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂයට ඒ නිසා පළාත් සංවර්ධනය කිරීමේ හැකියාව තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂයට.
පසුගිය වසර 10 ක් තුල බලය තිබ්බෙ එක්සත් ජනතා නිදහස් සංධානයට එක්සත් ජාතික පක්ෂයට බලයක් තිබ්බෙ නැ.ඒ අයගේ අදක්ෂතාවයන් නිසා මේ පළාත් වල සංවර්ධනයක් කරන්න හැකි උනේ නැ.ඒ නිසා තමා ජනාධිපතිවරණයෙදිත් මහ මැතිවරණයදිත් ජනතාව එක්සත් ජාතික පක්ෂයට බලය දුන්නෙ.
මේ මැතිවරණය සඳහා කාන්තා නියෝජනය සියයට 25 ක් අවශ්‍යයි කියන නීතිය ගෙනාවෙ අගමැතිතුමා ඒ නිසා තමා අද කාන්තාවන්ටත් මේ ඡන්දයට ඉදිරිපත් වෙන්න හැකියාව ලැබුනෙ.අද නීතිය යටතේ මැතිවරණ ලැයිස්තුවෙ කාන්තා නියෝජනය සියයට 25 ක් ඉන්න ඕන ඡන්දෙන් පස්සෙත් සියයට 25 කාන්තා නියෝජනය තියෙන්න ඕන.අද ලොකෙ දිහා බැලුවම වෛද්‍ය,නිතීඥ, විශ්ව විද්‍යාල වල කාන්තා නියෝජනය සියයට 50 ට වැඩියි ඒ නිසා තමා අග්‍රාමාත්‍ය තුමා කාන්තාවන්ටත් මේ තැන අරන් දුන්නෙ යැයිද අමාත්‍ය වරයා පැවැසීය.‘‘
මේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා උඩුනුවර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලකී ජයවර්ධන,හා උඩුනුවර ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් වන අපේක්ෂකයෝ සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව සහතික ඇත්ත .හැන්ද තිබුන නිසානේ මහබැංකුව නැත්තටම තැති වෙන්නම හුරගෙන ඔය කියන හැන්දෙන්ම යහමින් බෙදා ගත්තේ ඔක්කොම ආම්බරුවෝ ටික. ඔය කියන මුසල හැන්දෙන් මුළු රටම බෙදාගන්නවා තමුසෙලා වගේ කමකට නැති දේශපාලුවෝ.
හැන්ද ඇත්තේ එජාපයේ උනාට කිරි මුට්ටියයි පැණි මුට්ටියයි ජනාදිපති අතේ. ඉතින් ඕගොල්ලෝ මොනවද බෙදන්න යන්නේ? ඔගොල්ලොම හැන්ද ලෙවකකා ඉන්න වේවි. එතකොට ජනතාව කුරුඳු පොල්ල රැගෙන 2015 එහාට පන්නලා දාවි
උසස් අධ්‍යාපන ඇමතිකමට තියෙන සුදුසුකම ප්‍රසිද්ධ කරන්න. නිකන් වාචාලකමට කියවන්නේ නැතිව...
හැන්ද ඇත්තේ ඔබලා අතේ නොව මේ රටේ අණ්ඩු වෙනස් කරන ජනතාව අතේය. එය තේරුම් ගත නොහැකි ඔබ කෙසේ අධ්‍යාපන ඇමති තනතුර දරන්නේද?