(ඩයනා උදයංගනී)
ජනාධිපතිධූරය දෙවරක් දැරූ අයෙකුට යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බව 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ඉතා පැහැදිලිව සඳහන් බවත්, එහි කිසිඳු හිඩැසක් නොමැති බවත් ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
හිඩැස ඇත්තේ එකිනෙකා අතර ඇති තරගය නිසා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් නම් කරගැනීමට නොහැකි පොහොට්ටු පක්‍ෂයේ බව කී අමාත්‍යවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හෝ මහින්ද රාජපක්‍ෂ මහතාට යළිත් ජනාධිපතිවරණයකට තරග කිරීමේ හැකියාවක් නැතැයි ද කීවේය.
මේ බව මහින්ද රාජපක්‍ෂ මහතාගේ නීතීඥයින් මෙන්ම පොහොට්ටු පක්‍ෂයේ සාමාජිකයින් ද දන්නා බව කී අමාත්‍යවරයා ඔවුන් ව්‍යවස්ථාවේ හිඩැසක් ගැන කතා කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාට යළිත් තරග කළ හැකි බව පවසන්නේ දැනට පක්‍ෂයේ පවතින අභ්‍යන්තර අර්බුදය සමනය කරගැනීමේ උපක‍්‍රමයක් ලෙස බවද සඳහන් කළේය.
කිසියම් නීතියක් සම්මත කළ පසු එය අනාගතයට බලපාන බව කී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඒ අනුව 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වගන්ති ඉදිරි ජනාධිපතිවරණයට බලපාන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
ඇමති පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ජාතික හෙළ උරුම පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘හිඩැසක් තිබෙන්නේ ව්‍යවස්ථාවේ නොව පොහොට්ටුවෙයි’
Raveendra Tuesday, 21 August 2018 12:28 PM
අනුන්ගේ අඩුපාඩු ගැන කතා කරන්න යහමින් වෙලාව තියෙනවා මහජන සේවයට තමා වෙලාව නැත්තේ..