IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සංහිඳියාව පැත්තක තියා සමහරු කුරුමාණම් අල්ලන්නේ දේශපාලන බලය ගැනීමට විතරයි

ඇතැමුන් දේශපාලන බලය ලබාගැනීම උදෙසා පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටින බවත්, රටේ ප්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පැවැසීය.

රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතන මෙම පිරිස් ජනතාව විසින් හඳුනාගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ යාපනය, ශාන්ත පැටි්‍රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (19) පෙරවරුවේ එක්වෙමිනි.

රටේ ජනතාව 2015 ජනවාරි 08 වැනිදා තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ නොකළ අතර, එම ප්‍රතිපත්ති ද වෙනස් කර නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

විරුද්ධ දේශපාලන බලවේග කෙතරම් පැමිණිය ද ඉදිරියේදී ද එම ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු කිරීමට සූදානම් නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

රටේ ප්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයන්ගේ එකතුවක් රටට අවශ්‍ය අතර, රටට ආදරයෙන් කටයුතු කරන්නැයි තමා සියලු දේශපාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවැසීය.

යාපනය, ශාන්ත පැට්‍රික් පෞද්ගලික විද්‍යාලය වෙත ඊයේ (19) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා, එම සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ඉන් අනතුරුව පැවැති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරීන් 197 දෙනකුට ගුරු පත්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් 10 දෙනකුට පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.

සිසු දරුවන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රටක ප්‍රශ්න විසඳා ගැනීමේදී ඉතා වැදගත් වන්නේ එම රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බවයි.

උගතුන් වැඩිවීමත් සමඟ රටක ප්‍රශ්න අඩුවන අතර එබැවින් රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවල ද ප්‍රධාන වගකීමක් වන්නේ ජනතාවට අවශ්‍ය දැනුම ලබාදීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා මිස එය කිසිදු අවස්ථාවක සීමා කිරීමට කටයුතු නොකරන අතර නව අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ ද කටයුතු කිරීමේ වගකීම ඉටුකරන බව පැවැසූ ජනාධිපතිවරයා වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා සැලසුම් තුළ උපාධිධාරීන්ට රැකියා නොමැතිව උද්ඝෝෂණය කිරීමට සිදුවන ක්‍රමය වෙනස් කර තිබෙන බව ද කියා සිටියේය.

තාක්ෂණ විෂයයන් සහිත උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා රැසක් අද උදා වී තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලාංකික උපාධිධාරීන් යොමු කිරීම සඳහා තමා පසුගියදා සිදුකළ ජපාන සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතමෝ ද ජස්ටින් ඥානප්‍රගාසම් යාපනය රදගුරුතුමන් සහ විපක්ෂනායක ආර්. සම්පන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරු සහ විද්‍යාලයේ විදුහල්පති තිරුමහන් පියතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක, යාපනය ශ්‍රී නාග විහාරාධිපති මීගහජදුරේ ඥානරතන හිමියන් අපවත්වීමෙන් තෙමසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා සහ දායක සභාව මෙන්ම යාපනය සර්ව ආගමික එකමුතුව සංවිධානය කළ දානමය පුණ්‍ය කර්මයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.

 



අදහස් (2)

සංහිඳියාව පැත්තක තියා සමහරු කුරුමාණම් අල්ලන්නේ දේශපාලන බලය ගැනීමට විතරයි

Shan Tuesday, 20 March 2018 07:15 AM

මේ කියන කෙනාම තමයි ඒක කරන්නේ, බල තණ්හාවට.

:       4       28

Aluthgama A. Samathasena. Tuesday, 27 March 2018 03:57 AM

කතාවනම් හරියටම හරි. කණ්නාඩියක් ඉදිරියට ගිහිල්ලා කිව්වානම් වඩාත්ම නිවැරදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site