IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘සහජීවනයට මුවා වී රටේ සාමය නැති කරන්න එපා‘

(අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර)


‘සහජීවනයට මුවාවී ත‍්‍රස්තවාදීන්ට කප්පම් දී නැවතත් මේ රටේ සාමය නැතිකරන්න කටයුතු නොකරන ලෙස ඒකබද්ධ විපක්‍ෂය ලෙස රජයට දන්වන බවත්, ආරක්‍ෂක ප‍්‍රධානීන් දඬුකදේ ගසමින් රජයේ බුද්ධි අංශ අඩපන කරමින් ගෙනයන සහජීවනය හමුවේ ත‍්‍රස්වාදය රටතුළ  හිස ඔසවා ඇතැයි‘ ඒකාබද්ධ විපක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා අද (24) පැවසුවේය.


ඇඹිලිපිටිය නගරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ටී. රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා.


තිස් අවුරුද්දක් පුරා පැවති යුද්ධය පරාජය කර ඒලටීටීඊ සංවිධානය ජාතික වශයෙන් පරාද කළත් ජාත්‍යන්තර වශයෙන් නැගී සිටින්නට පුලූවන් බවට ඒකාබද්ධ විපක්‍ෂය රජයට කරුණු දක්වන විට එය අවඥාවෙන් යුතුව බැහැර කළ රජයේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මුලතිව් වලින් ක්ලේමෝ බෝම්බ, එල්ටීටීඊ ඇඳුම් හමුවීමේ සිද්ධිය දන්නේ නෑ කියලා මාධ්‍යවේදීන් හමුවේ කියනවා.


නමුත් ප‍්‍රදේශයේ පොලීසිය කියනවා භායානක යුද උපකරණ සමඟ දෙන්නෙක් ඇල්ලූවා කියලා. මේ සිද්ධි තුළින් උතුරේ එල්ටිටීඊ නමින් නොවුනත් වෙනත් නමකින් හෝ භයානක අපරාධ ත‍්‍රස්ත කල්ලියක් බිහිවෙමින් පවතිනවා කියන එක අපි රජයට කියනවා.


මීට ඉස්සර කිව්වේ යුද්ධය වෙලාවේ හංගපුවා හමුවුණා කියලා. නමුත් ත‍්‍රිරෝද රියකින් ගෙනයමින් සිටිය දී මේ භාණ්ඩ හමුවුණේ. මේක රටේ ආරක්‍ෂාව සම්බන්‍ධයෙන් බරපතල ලෙස සැලකිල්ලට ගතයුතු කරුණක්. නඩු පවරලා සිටි ත‍්‍රස්වාදීන්ගේ නඩු ඉල්ලා අස්කර ගැනීමත් ආරක්‍ෂ අංශ ප‍්‍රබලයන් සම්බන්‍ධයෙන් ගත්ත අහිරකර ක‍්‍රියාවන් නිසාත් මේ තත්ත්වය වර්ධනය වුණා කියලා අපි කියනවා. දැන්වත් සහජීවනයට මුවාවෙලා ත‍්‍රස්තවාදීන්ට කප්පම් දීලා ඔවුන්ගේ මනදොළ සතුටු කිරීමේ වැඩ පිළිවෙලන් ඉවත් වන ලෙස අපි ආණ්ඩුවට දන්වනවා. බුද්ධි අංශ අඩපනයි. බුද්ධි අංශ නිලධාරීන් සියල්ල හිර ගෙවල්වල. ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන් දඬුකදේ ගහලා. ඒ තත්ත්වය තුළ එල්ටීටීඊ හිතවාදීන් බඩපිණුම් ගහනවා.


ආර්ථිකය කඩා වැටිලා. ණය ක‍්‍රම ගණනාවක් රජය හඳුන්වලා දීලා. රුපියල් ලක්‍ෂ දෙකේ නිවාස ණය දෙන්නේ පෝලිමට. ඒ නිවාස ණය අයදුම් පත‍්‍රයේ ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයාගේ අත්සන සහ සීල්එක  ඕනෑ කියලා අපි අහලා තියනවා. ලංකා බැංකුව සහ මහජන බැංකුව නිවාස ණය දෙන්නේ දේශපාලන ඉල්ලීම්වලට පමණක් ද කියලා අපි අහනවා.


ඒවගේම තමයි රටේ අපරාධ එන්න එන්නම වැඩිවෙලා. අපරාධකාරයන් සම්බන්‍ධයෙන් ආරක්‍ෂක අංශ දක්වන ප‍්‍රතිචාරවලට ඒකාබද්ධය ලෙස අපේ විවේචන තියනවා. අපරාධයක් වුණාට පස්සේ අපරාධකාරය අල්ලලා ගහලා මරලා දානවට වැඩිය අපරාධ වෙන්න ඉස්සර සමාජය වෙනස් කිරිම මේ රජය විසින් කළ යුතු දෙයක්. අපරාධකාරයන් වීමේ පසුබිම නැති කළ යුතුයි. අරාජිකවු ආර්ථික ක‍්‍රමය තුල හැම මනුස්සයෙක් ම හොරෙක් බවට පත්වීමේ ප‍්‍රවනතාවක් ඇතිවෙලා තියනවා. 


ඒවගේම රජයේ මතය ගෙනයනන බෞද්ධ භික්‍ෂුන් යොදාගන්නවා වගේම ඊට එරෙහි බෞද්ධ භික්‍ෂූන්ව මරධනය කිරිමත් අපි හෙළා දකිනවා. ඥානසාර හිමියන්ගේ මතය හා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ මතය සමග එකඟත්වයක් නෑ.  නමුත් බෞද්ධ භික්‍ෂුවක් හැටියට උන්වහන්සේට හිරිහැර කළානම් ඒක අපි හෙළා දකිනවා. 


මෙම අවස්ථාවට ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභා සභික ගයාන් මේනක දිසානායක මහතා ඇතුලූ කිහිප දෙනෙක් ම එක්ව සිටියහ.
 



අදහස් (2)

‘සහජීවනයට මුවා වී රටේ සාමය නැති කරන්න එපා‘

dhamneth Monday, 25 June 2018 11:02 AM

2015 සිටම මේ ගොල්ලෝ කියනවා රට බෙදනවා... කොටි නැගිටිනවා කියා.. කෝ තවම මුකුත් නැහැනේ. දැන් ආණ්ඩුවේ කාලෙත් ඉවර වෙන්න ළඟයි.

:       3       48

Saththaya Tuesday, 26 June 2018 02:34 AM

කවුද දන්නේ නැහැ ත‍්‍රස්තවාදීන්ට කප්පම් දුන්නේ ? ඒ මුදලින් තමයි විශාල ආයුධ තොග අරගෙන කොටින් ශක්තිමත් වුනේ. ආයෙත් සුනාමියක් එයිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site