(අංජුල මහික වීරරත්න)
ඒකාබද්ධ කල්ලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව සභාග ආණ්ඩුවක් හදනවා නම් ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (8) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලැජ්ජා බය ඇති ශීලාචාර අමාත්‍යවරුන් 10ක් 12ක් පමණ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සඳහා දැනටමත් ඉදිරිපත් වී සිටින බව කී මන්ත්‍රීවරයා හැකි නම් සභාග ආණ්ඩුවක් සාදා පෙන්වන ලෙසද අභියෝග කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිරිකිත නැතිව රාජපක්ෂ කල්ලිය සමඟ එකතුවිය හැකිනම් කළ හැක්කේ කණගාටුවීම පමණක් බවද මන්ත්‍රීවරයා කීය.
ආණ්ඩු මාරු කළ යුතු නම් බොරු ඝෝෂා කරන්නට අවශ්‍ය නැති අතර තව මාසයකින් ඉදිරිපත් කරන අයවැය පරද්දා ආණ්ඩුව ගෙදර යවන ලෙසට අභියෝග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මෙය බොරු මාතෘතා මවා කාඩ්බෝඩ් වීරයන් වීමට දරණ උත්සහයක් පමණක් බවද පැවසීය.
සභාග ආණ්ඩුවට ද අවසානයේ අයත්වන්නේ විශ්වාසභංගයට, ජනබල උද්ඝෝෂණයට අයත් වූ ඉරණම බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසීය.
ඡායාරූප - ඉෂාන් සංජිව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති අපේක්ෂකයකු හොයාගන්න නැති පක්ෂය මොන තනි ආණ්ඩුද ආයිබෝවන්..................
එකක් බැරිනම් දාහක් හදා ගන්න.