IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සංස්කෘතිය-සම්ප්‍රදාය-සිරිත් විරිත් රටක නීතියට හා දේශපාලනයට වඩා ශක්තිමත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රූමස්සල බොනවිස්ටා විද්‍යාලයේ දෙසියවස් සැමරුම් උත්සවය වෙනුවෙන් සමරු සටහනක් තැබූ අයුරු

 


(අහංගම සුමතිපාල දීයගහගේ සහ උණවටුන  ඩී.ජී. සුගතපාල)
රටක සංස්කෘතිය, සම්ප්‍රදායයන් සහ සිරිත් විරිත් කියන ඒවා නීතියට වඩා ශක්තිමත්. ඒවා දේශපාලන බලවේගවලටත් වඩා ශක්තිමත්. රටක ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරලන්න, මිනිසුන් ගොඩ නගන්න, මිනිසුන් නැති කරන්න සම්ප්‍රදායයන්, සිරිත් විරිත්, සංස්කෘතිය බොහෝසේ බලපාන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා උණවටුනේ දී පැවසීය.


 උණවටුන බොනවිස්ටා විදුහලේ දෙසීය වන සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතා ඒ මහතා මේ බව පැවසීය.


 උත්සව සභාව ආරම්භවීමට පෙර ජනාධිපතිවරයා විදුහල් භූමියේ නා පැළයක් රෝපණය කළේය. ඉන් අනතුරුව නව පරිගණක විද්‍යාගාරය ද මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණ. ඉන්පසු තනි මහල් ගොඩනැගිල්ලක් ලෙස තිබී දෙමහල් ගොඩනැගිල්ලක ලෙස සංවර්ධනය කරන ලද ගොඩනැගිල්ලක් ද ජනාධිපතිවරයා සිසු අයිතියට පැවරීය.


 ඉන් අනතුරුව පැවති උත්සව සභාව අමතා ජනාධිපතිවරයා මෙසේ ද කීය. මම අද සතුටු වෙනව අද ඔබේ අපේ පාසලක් විදියට බොනවිස්ටාවේ වසර දෙසීයක සැමරුම සමග මේ වැදගත් අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව. අපේ මැති ඇමතිවරුන් ඉතාම වැදගත් හරවත් රසවත් කරුණු කීපයක්ම ඉදිරිපත් කළා ගම්මන්පිල මැතිතුමා මනෝ ගනේෂන් ඇමතිතුමා සහ මහ ඇමතිතුමත්. මම ප්‍රධාන වශයෙන් මේ අවුරුදු දෙසීයක පාසලක එදා මෙදා කාලය තුළ මේ පාසලේ කතාව කියවුණා පාසල බොහොම වැටිල දුර්වල වෙලා තිබුණ වගේ කියලා.


 ඒ වගේම මේ පාසල වසර දෙසීය තුළ ශක්තිමත්ව ගොඩනැගුන අවස්ථා ගණනාවක් තියෙනවා. මිනිස්සුන්ගෙ ජීවිතත් එහෙමයි. රටත් ආයතනත් ඒ විදියයි. වැටෙනව, නැගිටිනව, නැගිට නැගිට ඉදිරියට යනවා. ඒක ස්වභාවධර්මය. ලාභෝ අලාභෝ යසෝ අයසෝ නින්දා ප්‍රශංසා, අෂ්ඨලෝක ධර්මය. සෑම කෙනකුගේම ජීවිතත් ආයතනත් සංවිධානත් සමාජත් ඒ ආකාරයෙන් තමයි. 


 දැන් මේ පාසලේ වසර දෙසීයක කතාවේ රටට ලැබුණ දේවල් මොනවාද? නොලැබුණ දේවල් මොනවාද? මීට වසර දෙසීයකට පෙර ගාල්ල ප්‍රදේශය මොන විදියට ද තියෙන්න ඇත්තෙ. එය ඔබට හිතා ගන්න පුළුවන්ද? ඔබ කියවල ඇති ඒ පිළිබඳව. ඔබ සමහර පරණ ඡායාරූප දැකලා ඇති. නමුත් වසර දෙසීයක් කියන්නෙ පරම්පරා පහකට වැඩි කාල සීමාවක්. එදා ලංකාවේ දකුණු පළාතේ ගාල්ලේ අධ්‍යාපනය, සංස්කෘතිය, සමාජ මට්ටම්, ආර්ථික, භෞතික දියුණුව, තාක්ෂණය, සෞඛ්‍ය කේෂ්ත්‍රය මොන විදියට ද එදා තියෙන්න ඇත්තේ. මේ අවුරුදු දෙසීයක කතාවේ අපට සතුටු විය හැකි දේ තියනවා. ඒ සතුටු විය හැකි බොහෝ දේ තමයි එදාට වඩා රටේ දියුණුව දැනුම අධ්‍යාපනය ගාල්ල ප්‍රදේශයේ වගේම බොනවිස්ටාවෙන් ද බිහි වෙච්ච දරුවන් පුරවැසියන් රට ජය ගත්ත වගේම ලෝකයත් ජය ගත්තා. විශේෂයෙන් නව තාක්ෂණය අධි තාක්ෂණය සමග ගෙවුන වසර දෙසීයේ අද තියන තත්ත්වයට එන විට වඩාත් දැනුමෙන් සපිරි සමාජයක් බිහිවෙලා. 


අපේ දරුවන් ලෝකය ජය ගෙන තියනවා. ඒ දැනුමෙන් පරිපූර්ණ වූ ජාතියක් විදියට ශක්තිමත් වෙලා තියන නිසා. උගතුන් වැඩිවූ තරමට ජාතියේ ආලෝකය ප්‍රභාෂ්වරය වඩ වඩා වර්ධනය වෙනවා. ඒනිසා වසර දෙසීයක කතාවේ වඩාත් දැනුමෙන් පිරුණු සමාජයක් ගොඩනගන්න බොනවිස්ටාව මොන තරම් කැපවීමක් කරන්න ඇද්ද? 


ඒ.ටී. ආරියරත්න මැතිතුමනි, බොනවිස්ටාවේ වසර දෙසීයක් ගැන පොතක් ලියන්න පුළුවන් නම් ඒ පොතට කරුණු සොයා ගන්න කොච්චර දේවල් ඇද්ද? එය කොතරම් රසවත් වේ ද? හරවත් වේ ද? එය කොතරම් ඥානවත්තයින්ට ප්‍රඥාවන්තයින්ට උගතුන්ට බුද්ධිමතුන්ට විද්වතුන්ට එය මොනතරම් අත්දැකීම් ලබා ගන්නට වැදගත් පුස්තකයක් බවට පත් වේවි. 


 ඒ නිසා අද ඉන්න දරුවන් වගේම අද ජීවතුන් අතර සිටින පාසලෙන් පිට සිටින විවිධ උගතුන් විද්වතුන්ට ආරාධනයක් කරන්න වසර දෙසීයක බොනවිස්ටාවේ කතාව පොතක් ලෙස ලියන්න. ඒක ඉතිහාසයට එකතු වේවි. ඒ ගත වෙච්ච වසර දෙසීයේ ලැබුණ දේ ගැන සතුටු වෙනවා වගේම ඒ වසර දෙසීයේ අපෙන් ගිලිහුන දේවල් කොච්චර තියනවද?


 විදේශීය ආක්‍රමණිකයින් රට අල්ලා ගැනීමත් සමග අපේ සංස්කෘතියට හැදියාවට අපේ සිංහලකමට අපේ බෞද්ධකමට මොන තරම් අභියෝග එල්ල වුණාද? මම හිතන්නේ ඒ සියල්ල අප මෙනෙහි කළ යුතුයි. 

බොනවිස්ටා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වෝදය නිර්මාතෘ, ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමරු තිළිණයක් පිරිනමනු ලැබූ අයුරු


  රටක සංස්කෘතිය සම්ප්‍රදායයන් සිරිත් විරිත් කියන ඒවා නීතියට වඩා සමාජයක ශක්තිමත්. ඒවා දේශපාලන බලවේගවලටත් වඩා ශක්තිමත්. රටවල්වල ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න මිනිසුන් ගොඩනගන්න, මිනිසුන් නැති කරන්න සම්ප්‍රදායන් සිරිත් විරිත්, සංස්කෘතිය බොහෝ බලපානවා. රටක සංස්කෘතිය හැම විටම තියෙන්නෙ රටක නීතියට ඉහළින්. මෙතන ඉන්නව නීතිඥ මහත්වරුන් උදය ගම්මන්පිල මහත්තයාල වගේ. නීතියේ පැහැදිලිවම තියෙනව සෑම පුද්ගලයකුගේම හිසට උඩින් නීතිය තියෙන්නෙ කියලා. සෑම පුද්ගලයකුගේම හිසට උඩින් නීතිය තියනවා.

නමුත් සෑම සමාජයකම නීතියට උඩින් සංස්කෘතිය තියනවා. සංස්කෘතිය සියල්ල පාලනය කරනවා. සංස්කෘතිය නීතියෙන් වහන්න පුර්‍ළුවන්කමක් නැහැ. අලු_ත් නීති හදලා අලු_ත් පනත් හදලා සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. සංස්කෘතිය සිරිත් විරිත් සම්ප්‍රදායන් එක්ක නිර්මාණශීලී භාවයන් එක්ක තමයි රටක සංස්කෘතිය ගොඩනැගෙන්නෙ.


 ඉතින් ලැබුණු වගේම අපෙන් ගිලිහී ගිය දේවල් බොනවිස්ටාවේ වසර දෙසීයක කතාවේ තියනවා. ඒ වගේම මේ පාසලේ කීර්තිමත් ආදි සිසුන් පිළිබඳ කතා කරන විට අද ඒ.ටී. ආරියරත්න මැතිතුමා මෙතන ඉන්නවා. මෙහි ඉහළ ඡායාරූපවල පෙනෙන චරිත අතරෙ ප්‍රධාන වශයෙන් කතා කළොත් සෙනරත් පරණවිතාන චරිතය, මාර්ටින් වික්‍රමසිංහ චරිතය මේ රටේ සමාජය වෙනස් කරන්න බලපෑ චරිත දෙකක්. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් සාහිත්‍යයට, භාෂාවට, කලාවට විශාල සේවයක් කළ පඬිවරයෙක්. ඔහු මේ රටේ සාහිත්‍ය කේෂ්ත්‍රයේ විප්ලවීය චරිතයක්. 


ආචාර්ය සෙනරත් පරණවිතාන මේ රටේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්. ඒ වගේම ලෝකය ජයගත් පුරාවිද්‍යා විශේෂඥයෙක්. පොළොන්නරුවෙ කෙනෙක් විදියට මම දන්නවා ආචාර්ය සෙනරත් පරණවිතානයන් පුරාවිද්‍යා බල ප්‍රදේශවල සිය ජීවිතය කැප කරපු හැටි. මහ කැලෑවෙ, කට්ට අව්වෙ, වන සතුන් සමග සෙනරත් ශූරීන් ජාතියේ උරුමය සහ ජාතියේ අනාගතය වෙනුවෙන් බොහෝ දේ සොයාගත්ත කෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨ අපේ ඉතිහාසය පිළිබඳ කතා කරන විට ඒ කීර්තිමත් ඉතිහාසය පිළිබඳ ලෝකයට දුන්න කෙනෙක් පරණවිතාන.


ඒ නිසා ඔබේ බොනවිස්ටාව මහා ගෞරවනීය පාසලක්. ඒ ගැන ඔබට බොහෝ සතුටු වෙන්න පුළුවන්. ඔබ කතා කළ යුත්තේ පාසල වැටී තිබූ තැන ගැන නොවෙයි, වසර දෙසීයක මේ පාසල ගොඩනැගූ ආකාරය ගැනයි. මේ පාසලෙන් ගොඩ නැගුණු මහා විශිෂ්ඨ චරිත පිළිබඳවයි. ඒ නිසා නැගිටීම පිළිබඳ සතුටු වෙන්න වැටීම අමතක කරන්න. වැටීමෙන් නැගිටීමට අනුග්‍රහය දැක්වූ සෑම කෙනකුටම ඒ ගෞරවය ලබා දෙන්න. ඒක තමයි අවශ්‍ය කරන්නෙ.


දැනුමෙන් සපිරි ජාතියක් ගොඩනැගීම ජාතියේ වාසනාවන්ත කාර්ය කියා මම දන්නවා. රටක සංවර්ධනය සඳහා කරන ආයෝජනවලින් පුළුල්තම දීර්ඝකාලීන ආයෝජනය තමයි අධ්‍යාපනය. අධ්‍යාපනයට කරන ආයෝජනය අසීමිතයි. එයින් ලැබෙන ප්‍රතිඵලය අසීමිතයි. එයින් තමයි ඔබ අප කවුද කියා ලෝකය හඳුනා ගන්නෙ. දෙමවුපියනි, අපි නිදහස් අධ්‍යාපනයත් එක්ක අද විභාගවලින් හොඳ ප්‍රතිඵල ලබනවා. ඒ ගැන අපි හුඟාක් සතුටු වෙන්න ඕනැ. දැනුම සමග විභාගය, උසස් විභාග ප්‍රතිඵල අංක එක. ඒ ගැන කිසිම සංවාදයක් විවාදයක් තර්කයක් නැහැ. අද අපේ ඉහළම දැනුම තියන විද්වතුන් උගතුන් පඬිවරුන් බහුශ්‍රැතයින් සමාජයේ පිරිලා ඉන්නවා. ඔවුන් ලෝකය ජය ගන්නවා. අපට වඩා ඉහළ ආර්ථිකයක් තියන අමෙරිකාව වගේ රටක ශ්‍රී ලාංකිකයින් විද්‍යාඥයින්, විද්වතුන් විදියට මොන තරම් සේවයක් කරනවාද? ශ්‍රී ලාංකිකයින් ලෝකයේ තවත් කිසිවකුටත් දෙවෙනි නොවන දැනුමින් සපිරි ජාතියක්. ඒ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයි. 


 ඔබ විභාග සමත් වෙනවා වගේම ජීවිතය සමත්වීමේ අභියෝගය අද ඉතා ප්‍රබලයි. මත්ද්‍රව්‍යවලින් අද සමාජය වෙලාගෙන තියෙන්නෙ. සංචාරක ව්‍යාපාරයේ යහපත් පැත්ත වගේම එහි අයහපත් පැත්ත ඔබ තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරන්නට විශ්වවිද්‍යාල ඇතුළට ගිහිල්ලා මත්ද්‍රව්‍ය නොමිලේ බෙදා දෙනවා. 


දරුවනේ ඔබ සහ ජාතිය විනාශ කරන්න මත්ද්‍රව්‍ය අද ප්‍රබල වෙලා තියනවා. මත්ද්‍රව්‍ය මගේ ප්‍රශ්නයක් නෙවී ජාතියේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. 


 ඒනිසා තමයි මම පොලිසිය භාර අරගෙන මාස තුනහමාරට අද පොලිසියේ විශාල වෙනසක් ඇතිවෙලා. පොලිසිය බොහෝ විවේචනවලට ලක් වෙච්ච දෙපාර්තමේන්තුවක්. නමුත් පොලිසිය සමාජයට විශාල සේවයක් ඉටු කරන විශිෂ්ට දෙපාර්තමේන්තුවක්.


 අපි කතා කළ යුත්තේ නරකට වඩා හොඳ දේවල් ගැන. නරකක් ඇත්නම් නරක ඉවත්කර ගැනීමත් හොඳ දේ තව තවත් වැඩිකර ගැනීමත් තමා අපට අවශ්‍ය වෙන්නෙ. 


 දකුණු පළාත් ප්‍රධාන ඇමති ශාන් විජේලාල් ද සිල්වා, ජාතික ඒකාබද්ධතා ඇමති මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ විදුහල්පති කරුණාරත්න ගනේගොඩ යන මහත්වරු ද මෙම උත්සව සභාව අමතා කතා කළහ.


 පළාත් සභා අධ්‍යාපන ඇමති චන්දිම රාසපුත්‍ර, කෘෂිකර්ම ඇමති යූ.ඩී.ජී. ආරියතිලක, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, උණවටුන බොනවිස්ටා විදුහලේ ආදි ශිෂ්‍ය සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න යන මහත්වරුන් ඇතුර්‍ළු පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටියහ.
  



අදහස් (0)

සංස්කෘතිය-සම්ප්‍රදාය-සිරිත් විරිත් රටක නීතියට හා දේශපාලනයට වඩා ශක්තිමත්

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 928 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1176 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7368 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 882 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2054 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3761 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 259 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 75 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site