IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


‘සශ්‍රීක ම යුග ප්‍රජාතන්ත්‍රවාදී යුග නෙමේ’

(විනීතා එම් ගමගේ)

දේශප්‍රේමී මිනිසකු ජනතාවාදී මිනිසකු අතට බලය එකතුවීම  පිළිබඳව ජනතාව කිසිසේත්ම බිය විය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සශ්‍රීකම යුග ලෙස සැලකෙන මහා පරාක්‍රමබාහු යුගය හෝ දුටුගැමුණු යුගය ප්‍රජාතන්ත්‍රවාදී යුග නොවන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

ජනතාව දුක්වින්දා ඇතැයි ද අනාගත පරපුර දුක් විඳිය යුතු නැතැයි ද කී දිසානායක මහතා දැන්වත් රට ගොඩගැනීමේ වැඩපිළිවෙළක් සකස් වියයුතුව ඇතැයි ද පැවැසීය. එස්. බී. දිසානායක මහතා මේ අදහස් පළකළේ නෙළුම් පෙදෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දීය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මහ බැංකු හොරකම මහා සමාදානයකින් එකතුවෙලා කළ හොරකමක් බවත් එයින් බැංකු පොලිය 22%කට ගිය බවත් එවන් රටක් සංවර්ධනය වෙන්නේ කෙසේ දැයි විමසා සිටියේය. ව්‍යවසායකයන් නගා සිටුවිමට නම් අත්‍යවශ්‍ය දේ වන්නේ අඩු පොලියට ණය ලබා දීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

2015 න් පසු ඇතිවූ ආර්ථිකයේ අනාරක්ෂිත භාවය හා පසුබැසීම මත කොරෝනා වසංගතයත් පැමිණියේ යැයි කී දිසානායක මහතා ලෝකයට ආදර්ශයක් වන අයුරින් ශ්‍රී ලංකාව කොරෝනා පාලනය කර ගැනීම ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි කරුණක් යැයි ද කීය.

මේ ආර්ථිකය හදන්න යන අතරතුර ඒ සඳහා අපට ඉතිරි වී ඇත්තේ තේ, පොල්, රබර් පමණක් යැයි ද බෞද්ධ පරිසරයක සිටින නිසා අපට පිරිත් පැන් ඉසීම පමණකැයි ද කී මන්ත්‍රීවරයා මෙරට පොල් අස්වැන්නෙන් 70% ක් වඳුරන් රිලවුන් හා දඬුලේනුන් විසින් කා දමන්නේ යැයි ද පැවැසීය.

මේ තත්ත්වය යටතේ විකල්ප ආර්ථික ක්‍රියාවලියකට යායුතු යැයි ද එසේ යාමට නම් ක්‍ෂණිකව තීන්දු ගෙන ක්‍රියාත්මක වීමට බලයක් තිබිය යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය. බලය හතර දිග්බාගයේ බෙදා කටයුතු කිරීමෙන් කිසිවක් කළ නොහැකි යැයි ද 1970/ 1978 කාලයේ තිබු හාල් පොල්ල මිරිස් පොල්ල සමය ජනතාවට අමතක නැතිව ඇතැයි ද ඔහු කියා සිටියේය.

සීමා මායිම් කඩාගෙන ඉස්සරහට ගියේ 2005 සිට 2015 දක්වා කාලය බවත් 2015 න් පසුව බලය හතර දිග් බාගයේ බෙදා ජනාධිපතිට අගමැතිට හා කතානායකටත් බලය ටිකක් දී තිබු බවත් එකල කතානායක හැසිරුණු හැටි සියලු දෙනාට මතක ඇතැයි සිතන බවත් කී ඔහු පාර්ලිමේන්තුවට හා කොමිෂන් සභාවලට ද බලය තිබුණු බවත් පැවැසීය. මේ නිසා කිසි දෙයක් සිදුනොවීයැයි කී අමාත්‍යවරයා 1970 සිට 1978 දක්වා ලෝකය මුහුණ දුන් සාගතයේ දී අපට වැටුණ හාල් පොල්ල මිරිස් පොල්ල තිබු යුගයක් වී යැයි ද කීය.

මා ඕ සේතුං අධිරාජ්‍යවාදීන් සමග සටන්කොට චීනය අධිරාජ්‍යවාදි ග්‍රහණයෙන් බේරාගත්තේ නමුත් ඔහුට ආර්ථික ග්‍රහණයෙන් රට මුදවා ගැනීමට නොහැකි වී යැයි ද එවකට ඩෙන් ෂියාපිං නමැති තරුණ කොමියුනිස්ට්වාදියා ඊට එරෙහි වූ අවස්ථාවේ සිර ගෙට පවා යොමු කරනු ලැබූ නමුත් මා ඕ සේතුං අවසන් කාලයේ සිර ගෙදර සිටි ඩෙන් ෂියාපිං ගෙන්වා රට භාර දුන් බව ද හෙතෙම සඳහන් කළේය. අද වනවිට ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදනය ට්‍රිලියන 17 ක් බවත් චීනය ට්‍රිලියන 17.4 ක් වී ඇති බවත් මේ වනවිට ඇමරිකාවේ ආර්ථික දොරට චීනය තට්ටු කරන මට්ටමට පැමිණ ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ තත්ත්වයට රට හරවන ලද්දේ ඩෙන්ෂියා පිං බවත්, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ද ප්‍රජාතන්ත්‍රවාදියෙකු නොවූ නමුත් ඔහු රට පොහොසත් රටක් කළ බවත් දිසානායක මහතා කීය. මැලේසියාව බැලුවත් කිසිදින විපක්ෂයට ඉඩ දුන් නායකයකු නොවන නමුත් ඔහු ඡන්දයක්වත් නොතැබුවත් එරට පොහොසත් රටක් බවට පත් කළේයැයි කී අමාත්‍යවරයා දකුණු කොරියාවේ බලය අල්ලා ගත් හමුදා නිලධාරියකු වන ජෙනරල් පාර්ක් එරට පොහොසත් රටක් කළ බව ද පැවැසීය.

ජපානයේ ආර්ථිකය දෙවන ලෝක යුද්ධයෙන් පසු සුන්නද්දූලි වූ නමුත් එය නැගිටුවන ලද්දේ මේ ජින් විසින් බවත් ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකාවේ කථාකරන සශ්‍රීකම යුගය වන මහා පරාක්‍රමබාහු යුගය මෙන්ම දුටුගැමුණු යුගය පවා ප්‍රජාතන්ත්‍රවාදී නොවූ බවත් කීය. දැන් රට වැසියන් දුක්වින්දා ඇතැයි ද අනාගත පරපුර දුක්විඳිය යුතු නැතැයි ද පැවැසූ දිසානායක මහතා මේවා ගැන සිතා රට ගොඩගැනිමේ දිසාවට ගෙන යාමට වැඩපිළිවෙළක් අවශ්‍ය යැයි ද ප්‍රකාශ කළේය.

කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් සහන් විතාන යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.



අදහස් (1)

‘සශ්‍රීක ම යුග ප්‍රජාතන්ත්‍රවාදී යුග නෙමේ’

සරත් Monday, 30 November 2020 11:50 AM

ඔහෙ, ඔය "අටුවාටීකා දමදමා, වහෙන් ඔරෝ" කියලා කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය එපා. දැන් හැරෙන්න පටන්ගත්තු, ඒකාධිපති පාලනය හොඳයි කියල නේද? උන්නැහේ, ඔහෙලා වාගේ අයගෙන් නම් මේ රටට කිසිම දවසක රටට හොඳක් වෙන්නේ නෑ කියලයි මගේ අදහස...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17348 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 707 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site