( නාලක සංජීව දහනායක)
සංවර්ධන ව්‍යාපෘති සඳහා යැයි කියමින් රටේ ස්වාභාවික සම්පත් විනාශ කිරීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වය පළකරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතා අද(8) පැවැසීය.
මුදල් පිළිබඳව සිතමින් සංවර්ධන යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීම රටේ අනාගතයට සුවදායක නොවන බවද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
මේ රජයේ අහිතකර ප‍්‍රතිපත්ති නිසා කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ගොවීන්ට ජීවත් වෙන්න නොහැකි තත්ත්වයක් උදාවෙලා. ඒ නිසා කෘෂිකර්මාන්තය බේරා ගැනීමට හා ගොවීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපිට මැදිහත් වෙන්න සිදුවෙලා තිබෙනවා.
ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් අපි මේ වෙනකොට සකස් කරමින් සිටිනවා. මේ රජයෙන් කෘෂිකර්මාන්තය සඳහා දිරි ගැන්වීමක් නැහැ. ඒ නිසා ගොවිතැන වැඩකට නැති කර්මාන්තයක් බවට පත් කරලා.
කෘෂිකාර්මික කටයුතු සඳහා දැනට මේ තියෙන ඉඩම් හොඳටම ප‍්‍රමාණවත්. ඉඩම් ප‍්‍රමාණවත් නැත්නම් ඉඩම් කොමිෂන් සභාව යටතේ තිබෙන කිසිඳ ඵලදායිතාවයක් නැති ඉඩම් ගොවීන්ට පවරා දිය යුතුයි.
හැමදේම විකුණන මේ ආණ්ඩුවට දැන් ඉතුරුවෙලා තියෙන්නේ රටේ ඉඩම් ටික විතරයි. දැන් ඒ ටිකත් පිටරට මහා පරිමාණ කොමිපැනිවලට පවරා දෙන්න ආණ්ඩුව සූදානම් වෙනවා.
ඒ උත්සාහය සාර්තක වුනොත් අපේ රටේ ගොවීන් පිටරට කොමිපැනිවල වහලූන් බවට පත්වේවි. මේ වනවිටත් ගාලූ කොටුව ඇතුලේ වැඩිපුරම ඉන්නේ විදේශිකයන්. ඇතැම් තැන්වල වැල්ලට බහින්නත් විදේශිකයන්ගෙන් අවසර ගැනීමට සිදුවෙලා.
මහාපරිමාණ ව්‍යාපෘති සඳහා සුදුසු තැන්වලින් සුදුසු ඉඩම් දෙනවට අපි විරුද්ද නැහැ. නමුත් රටේ වටිනාකියන ඉඩම් හා ස්වාභාවික සම්පත් විනාශකිරීමට අපි විරුද්ධයි. රට සංවර්ධනය කිරීමේදී මුදල් ගැන හිතමින් සංවර්ධන යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීම රටේ අනාගතයට සුවදායක නැහැ.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (8) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කියන්නේ රට කේතුමතී රාජධානියක්ව පවත්වාගෙන ගිය අතරේ වෙනත් පාර්ශවයකට නිර්ලෝභීව භාරදුන්නු සංඛ රජුගේ සහෝදරයා නේද ?
මේ කතා කරන්නේ කටින්ද? එයාගේ මල්ලි තමයි රටේ හොඳම ඉඩම් ටික සින්නකර විකුණුවේ..
ඔබලාගේ සමයේ රට හුඟාක් දියුණු වෙලයි තිබුණේ. රටවැසියා හරි සතුටින් හිටියේ.. පිටරටින් ඉඩම් පවා සින්නක්කරව ගත්තා. ස්වාභාවික සම්පත්, පුරාවස්තු, මේ හැමදේම කොච්චර හොඳට රැක්කද? කරපු සංවර්ධනය කොච්චර හොඳයිද? අපි හරි සතුටින් ඒ ණය ගෙවනවා. දැන් ඉන්න අයට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැනේ. කරුමේ තමයි.
බලය තියෙනකොට පවුලටම කර කර ඉන්නවා. බලය නැති වුණූ ගමන් රට ගැන කයිවාරු ගහන්න පටන් ගන්නවා. අමාරුවෙන් ලැබුණු මනුස්ස ජීවිතයට අර්ථයක් තියෙන විදියට දැන්වත් ජීවත් වෙන්න.
ආ.... මේ එලි බැහැල තියෙන්නේ.
ඔබතුමාලා යුද්ධ දෙකක් දිනුවා ... ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය හා සංවර්ධන යුද්ධය ... ඉදිරියේ දී ඔබට ඇති අභියෝගය වන්නේ මේ රටේ දූෂණය, වංචාවට, නාස්තියට එරෙහි යුද්ධයයි. එය ජය ගැනීමට ඔබට ශක්තිය ලැබේවායි පතනවා .... මේ රටට ගැලපෙන ඉඩම් පරිහරණ රටාවක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් හා සැලසුමක් ද අවශ්‍යයි ...
උමා ඔය ගැන වෙන්න ඇති මේ කියන්නේ...
ඒකියන්නේ ඔබලාගේ කාලයේ කළා වගේ සම්පත් විනාස කරන්නේ නැතුව ඒවා සාක්කුවේ දාගන්න කියලාද ?
සංවර්දනය කෙසේ වෙතත් ඒ කාලයේ ගහපු ගැහිල්ල ලෝක වාර්තාවක්.
මම මෙයා ගැන ලියන්න හැදුවේ... වැඩක් නැහැ අනිත් අය ඒ ටික ලියලා ඉවරයි.