යහපාලන රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ බවත්, රජය ඡන්ද කල් දමන බව හිටපු ජනපතිවරයා ප්‍රකාශ කරනවා. පසුගිය පාලන සමයේ සුදුවෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් ඝාතනය කළ යුගය, ජලය හා ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තැබීම අණකළ අය මෙසේ කීම සියවසේ හාස්‍ය ජනක ප්‍රකාශය මෙය බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ත්‍රිකුණාමලයේ දි පැවැසීය.
36 වැනි ගම්උදා ගම්මානය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය ‘වල්ලුවර් කෝට්ටම්’ ගම්මානයේ දීය.
පළාත් සභා මැතිවරණය එක දිනයක පවත්වන්නට එපා යනුවෙන්ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද ප්‍රකාශ කර තිබෙනවා. එතුමාගේ කාලයේදී සිදුකළේ කුමක්ද? පළාත් සභා මැතිවරණ කොටසින් කොටස පවත්වා, භාණ්ඩාගාරයේ මුදල්ද භාවිතා කරමින් ඡන්ද ජය ගැනීමයි. පළාත් සභා මැතිවරණ සියල්ලම එකම දිනයක තැබීමේ වරද කුමක්ද? එදා වගේ අද රාජ්‍ය බලය යොදවා මැතිවරණ ජයගන්නට බැහැ. අද ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. ඒනිසා මැතිවරණ සඳහා අපට ඇඟිලි ගැසීමට බැහැ.
අප කියන දේ කරනවා. කරන දේ කියනවා. එදා ක්‍රියාත්මක වු ‘යමපාලනයේ’ සහ අද ක්‍රියාත්මක වන ‘යහපාලනයේ’ වෙනස මෙයයි.
පසුගිය රජයේ නිවාස ඇමතිවරයා මෙම ප්‍රදේශයට එද්දි වාහන කීයක් පසුපසින් එනවද? පොලිස් නිළධාරීන් කීදෙනෙක් එනවද? අද මා පැමිණියේ රජයේ වාහනයකින් නොවෙයි. වාහනයට ඉන්ධන ලබා ගන්නේ රජයේ මුදලින් නොවෙයි. මාත් සමඟ පැමිණියේ පොලිස් නිළධාරීන් දෙදෙනෙක් පමණයි.
අපට විවිධ දීමනා වෙනුවෙන් මාසයකට රුපියල් ලක්ෂ 4 ක් පමණ රජයෙන් ලැබෙනවා. ඒ කිසිවක් මා ලබා ගන්නේ නැහැ. මා ඒ මුදල් රටේ ජනතාවට නිවාස සෑදීම පිණිස මාගේ පියා ආරම්භ කළ ‘සෙවණ’ අරමුදලේ තැන්පත් කරනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු හාදයෝ වැරදිකළ නිසා නොවැ (දිව්‍යලෝකේ දෙන්නම්) කියලනේ ඔහෙලා බලයට අවේ. ඉතින් ඔහෙලත් හිතට එකඟවද මහජනයාට සේවය කරන්නේ? කව්ද ඔහෙලට අවසරදුන්නේ මගේ , අපගේ මුදල් වියදම් කරන්න කියා විවෘත කිරීමේ උත්සවලට. කව්ද ඔහෙලට අවසර දුන්නේ ඔහෙලගෙ නම් ලොකු අකුරෙන් ලියා ප්‍රදර්ශනය කරන්න කියා? අපි කිසිවකු කියල නැහැ ඔහෙලට මගේ, අපගේ මුදල් නාස්තිකාර මෙවැනි උත්සව පවත්වන්න. කොහේ හෝ අලුතෙන් සාදනලද වැසිකිලි විවෘත්ත කිරීමකදී ඔහෙලගේ නම් ගම් ප්‍රදර්ශනය කරනවද? කෙසේවෙතත් උන්නැහේලාට මොනම හෝ ව්‍යාපෘතියක් පටන්ගැනීමකදී හෝ විවෘත්ත කිරීමකදී හෝ උත්සයක අවශ්‍ය නම් ඔහෙලගේ පුද්ගලික මුදල් වියදම් කළාට ලංකා මාතාවට ආදරය කරන පුරවැසියන් හැටියට අපගේ කිසිම විරුද්ධත්වයක් නොමැත. මෙය අප රටේ මුල් පුරවැසියාටත් වලංගු වන අතර, අනෙකුත් පුරවැසියන් හටද වලංගු බව මතක් කිරීමට කැමැත්තෙමු.
නිධන් සල්ලි තාම ඉවර වුණේ නැතිව ඇති ...
සරදියල් මයාවෙත, ඔබගේ අදහසට ගරුකරමි. මා ඔබගේ නමට අදාල කඳුවැටියට ටිකක් ඉහළින් තිබෙන ප්‍රදාන නගරයට ආසන්නයේය. අවුරුදු 60 කට පෙර ඉපදුණු මා තේරෙන වයසේ සිට කිසිම පක්ෂයකට ගැතිවී නොමැත. කිසිම පක්ෂයකින් ලාභ ප්‍රයෝජන ගෙනත් නැත. එසේ ගැනීමට බලපොරොත්තුවකුත් නැත. ගන්නේද නැත. මාහට පිවිතුරු හදවතක් තිබේද නැද්ද යන්නට පිළිතුර පහසුවෙන්ම ඔබට සොයාගත හැක. ඒ කෙසේදයත් පක්ෂක්ග්‍රාහී නොවී මධ්‍යස්ධව කථාකිරීමම හොඳටම ඇති. අප අපගේ මව්රටට අසීමිත ලෙස ආදරය කරමු. එබැවින් මා වැරදි දෙයට වැරදිය යන්න කීමට පසුබට නොවෙමි. එලෙසම හොද දෙයට හොඳයි යන්න කීමටද පසුබට නොවෙමි. අප රටේ පැමිණි මෙවන් මුල්ගල් තැබීම්වලට තම තමන්ගේ නම් විශාල අකුරෙන් නාම පුරවලට යොදාගන්නේ. එසේම විවෘත්ත කිරීම් වලද මෙවැන්නක්ම සිදුවේ. මේ හැම දෙයකටම මගේ ඔබගේ අපගේ මුදල් නාස්තිය හැර වෙන කිසිම වැඩදායක දෙයක් සිදුවේද යන්න යම් තරමින් හෝ සිතීමට පුළුවන් කෙනෙකුට තේරුම් යනු නියතය. තවද මා පාට කණ්ණාඩි පැළඳ කිසිම අදහසක් නොකියමි. කවුරු කළත් හොඳ දේ හොඳයි වැරදි දෙය වැරදියි. මගේ මෙම අදහස්වලින් ඔබහට සිත් තැවුලක් වුණානම් කණගාටු වෙමි.
සරදියල් මයාවෙත නැවතත් ඔබට හැකියාවක් තිබේ නම් යූ ටියුබ් හි ඩීප් ඉන් ද හිමාලයස් ගැන භූතාන් අගමැති ට්ෂරින් ටොබ්ගේ මහත්මයාගේ ඉහත සදහන් වීඩියෝ හඬපටයට හොඳින් ඇහුම්කන්දී බලන්න. එවිට ඔබටම අවංකවම තේරුම් යන එකදෙයක් ඇත. අපේ රටේ රතු, කොළ, නිල් දේශපාලන ඔස්තාර්ලා අපරට දියුණු කිරීම ගැන මොනතරම් නම් බොරු කියනවද කියා. භූතානය අප රටටත් වඩා සම්පත්වලින් හීනවූ රටක් වුවත් අපට වඩා ඉතා ඉදිරියෙන් සිටින රටක් බව කිවහැකිය.