IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


සියයට 40 ක් ජනතා ප්‍රසදයක් නැති අය නිසා ජනතාව කලකිරිමෙන්

(ප්‍රසාද් මුතුකුඩ)

“කොට්ඨාශ ක්‍රමයට ජන්දය ඉල්ලා සියයට 60ක් එද්දි සියයට 40ක් එනවා ඡන්දය ඉල්ලන්නේ නැතිව.ඒ අය ජනතාවගේ ප්‍රසාදයක් නැති  අය.ඒ ක්‍රමයට අපි විරුද්ධයි  “යැයි නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා  මහතා  කියයි.

ස්වදේශ කටයුතු අමාත්‍ය නිමල් ලංසා මහතා මේ බව පැවසුවේ අද (12) කටානේ පැවති විරෝධතාවකට එක් වෙමිනි.මාර්ග සංවර්ධනය හේතුවෙන් නිවාස අහිමි වන පිරිසක් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
 
“මැතිවරණය පැවැත්වු විට ජනතාවට ගමේ කෙනකු පත්කර ගැනීමට හැකියාව තියෙන නිසා  තමයි අපි  හැම සහයෝගයක්  දුන්නේ .නමුත් අද වන විට අපිට දකින්න පුළුවන් .කොට්ඨාශ ක්‍රමයට ජන්දය ඉල්ලා සියයට 60ක් එද්දි සියයට 40ක් එනවා ඡන්දය ඉල්ලන්නේ නැතිව.ඒ අය ජනතාවගේ ප්‍රසාදයක් නැති  අය.ඔවුන්ව පත් කරන්න බලය පවරලා තියෙන්නේ  පළාතේ සංවිධායකවරයාට හෝ පක්ෂ ලේකම්වරයාට .අපි මේ ක්‍රමයට දැඩි ලෙස  විරුද්ධයි.

අද රටේ  ආර්ථික තත්ත්වය ඉතාම පසුබෑමකට පත් වෙලා, සංවර්ධනය ගැන ගැටළු  මතුවෙලා .මීගමුව නගරයේ අපි එදා  කරපු  සංවර්ධනය  අද දකින්න නැහැ .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ,එකාබද්ධ විපක්ෂයත්  එකමුතුව මේ පුංචි ඡන්දයට  මුහුණදි  ජයග්‍රහණය  කර ජනතාවගේ බලාපොරෝත්තු  ඉටු  කිරීමට දැන් කාලය  ඇවිත්.ඒ වගේම  මාර්ග සංවර්ධනය  රටට අවශ්‍ය කරුණක්.වසර 37  ඉඳලා නිවාස  අහිමි වන   මේ ජනතාවටත් ඉන්න තැනක්  දිය යුතුයි. ඒ අයට ලබන 16 වැනි දා  මීගමුව අධිකරණයේ පෙනි සිටින්න වෙලා තියෙනවා.මාර්ග සංවර්ධනයේ නිලධාරින්ගෙන් මම ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා නීතිමය කටයුතු අවසන් වන තුරු  මේ ජනතාව ඒ නිවාසවලින් ඉවත් නොකරන ලෙසට.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (2)

සියයට 40 ක් ජනතා ප්‍රසදයක් නැති අය නිසා ජනතාව කලකිරිමෙන්

silva Sunday, 12 November 2017 01:02 PM

මෙයත් කැමති නැහැ වගේ ඔයාටත් අර හතළිය සෙට් එකට සෙට් වෙන්න පුළුවන්...

:       0       1

Bamunuarachchi Sunday, 12 November 2017 11:37 PM

මේ 40% කතාව අපිට පැහැදිලි නැත. අපට අදහස් දක්වන්න. දන්නා කෙනෙක් පැහැදිලි කරනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site