(මුදිතා දයානන්ද)
වාර්ගික පදනම මත සයින්දමරුදුහි වෙනම නගර සභාවක් පිහිටුවීම අන්තවාදයට උඩගෙඩි දීමක් මෙන්ම සිංහල දෙමළ ජනතාව තුළ කලකිරීමක් ඇති කරන කාරණයක් බවත් එවැනි සභාවක් පිහිටුවීමෙන් ආණ්ඩුව බරපතල වරදක් සිදුකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (19) පැවසූහ.
රතන හිමියෝ මේ බව පැවසූයේ රාජගිරියේ පිහිටි සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
සයින්දමරුදු ප‍්‍රදේශය මුස්ලිම් අන්තවාදීන්ගේ තෝතැන්නක් බවට පත්ව තිබියදී ඒ ප‍්‍රදේශයට වෙනම නගර සභාවක් ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද මෙම සිදුවීමෙන් ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ සිංහල ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාවගෙන් විවිධ පීඩාවන්ට පත්ව සිටින නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවත් කළකිරිමට පත්ව ඇති බවද උන්වහන්සේ පැවසූහ.
තමන් මුහුණ දෙන ගැටලු පෙන්වා දී කල්මුණේ ප‍්‍රදේශයට තමන් වෙනුවෙන් වෙනම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබාදෙන ලෙසට වසර ගණනාවක් තිස්සේ අම්පාරේ ද්‍රවිඩ ජනතාව ඉල්ලා තිබෙන බවද එහෙත් මේ දක්වා ඔවුන්ගේ ඉල්ලීමට කිසිඳු කන්දීමක් කර නැති බවද රතන හිමියෝ පැවසුහ.
කිසියම් ප‍්‍රදේශයකට වෙනම පළාත් පාලන ආයතනයක් පිහිටුවන්නේ නම් එය කළ යුත්තේ ඒ වෙනුවෙන් පත්කළ කොමිසන් සභාවක් මගින් කරුණු අධ්‍යයනය කර ලබාදෙන නිර්දේශ මත බවද මෙහිදී එවැන්නක් සිදුව නැති අතර එය හුදෙක් අන්තවාදීන්ට කප්පම් ලබාදීමක් හා සමාන බවද රතන හිමියෝ පැවසූහ. වාර්ගික පදනම මත පරිපාලන ඒකක බෙදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද උන්වහන්සේ පැවසුහ.
එතෙකින් නොනැවති ආණ්ඩුව මද්‍රසා පාසල් නීත්‍යානුකුළ කිරීමට උත්සාහ කරන බවද රතන හිමියෝ පැවසූහ. මද්‍රසා පාසල් පවත්වාගෙන යනු ලබන්නේ නීති විරෝධිව බවද ඒ අනුව මෙම පාසල් තහනම් කිරීමට හෝ අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරාගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටි බවද උන්වහන්සේ පැවසූහ. එහෙත් දැන් මද්‍රසා පාසල් ලියාපදිංචි කර ඒවා නීත්‍යානුකුළ කිරීමට ආණ්ඩුව තුළ සාකච්ඡා මතුව තිබීම කණගාටුවට කරුණක් බවද රතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිපත්තියක සිටීම ගරු කරනවා හිස්බුල්ලාගේ නීති විරිදි විශ්ව විද්‍යාලය රජයට පවර ගන්නේ කවදද මේවා කරේ නැතිනම් නැවත ඡන්දෙ ඉල්ලන්න ලැජ්ජා නැතිද
එම්.සී.සී ගිවිසුම අත්සන් කරගන්න රජය සහ ඇමෙරිකාව කරන කුමන්ත්‍රණයක්. දේශීය සහ විදේශය කුමන්ත්‍රණ.
දැන් බැරිද උපවාසයක් කරන්න. කෝ ඔය කෑකෝ ගහපු භික්ෂුන් වහන්සේලා බොරු සෝබන විතරයි.
ඔක්කොම වෙනකම් නිදාගෙන ඉදලා මෙන්න දැන් හීනෙන් බය වෙලා වගේ. සේරම කතා බහ කර ගෙන කරලා දැන් ඇහැරිලා කියන කතා අපි නම් පිළිගන්නේ නැහැ. පුළුවන් නම් ඒක වහලා දාන්න කියලා නොකා නොබී උපවාසයක් කරන්න බලන්න දළදා මාලිගාව ඉදිරි පිට.
අහන්න කැමතියි සහරන්ලට අඩියක් අඩියක් ගානේ පල්ලි හදන්න පාසල් ගොඩනගන්න අඩිතාලම හදල දුන්න දෙන්නව දන්නවද .
එතකොට ශාෆි දොස්තර.?
නගර සභාව කියන්නේ සීමිත වැඩ කොටසක් කරන ආයතනයක්. හැබැයි ජන ජීවිතයට බලපාන කුණු ගැටළු, පාරවල්, ක්‍රීඩාපිටි, පුස්තකාල, බෙහෙත් ශාලා, වෙළඳපොල වගේ දේවල් වලට මැදිහත්වෙන්න පුළුවන්. ඉතින් මට තේරෙන්නේ නැත්තේ නගර සභාවක් දුන්නනම ඇතිවෙන ගැටලුව මොකද්ද කියලා. මෙහි ඇති අධික ජන ඝනත්වය නිසා මෙවැනි ගැටළු විශාල ලෙස තියෙන බව පේනවා. හරිනම් විය යුත්තේ දැනට පළාත් සභා වලට තියෙන බලතල පුලුවන්නම් නගර සභා වලට දෙන එක. එතකොට පළාත් සභා වල බලය/ අවශතාවය අඩු කරන්න පුළුවන්.
ඔය ගැසට් එක අවලංගු කරලා. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක නෙමෙයි අන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට එනවලු ලබන සතියේ. හදිසියෙවත් ගෙදර යන ගමන් ලංකාවටත් ආවොත්, කළු කොඩි උස්සලා විරෝධය පල කරමු නේද ? අපේ හමුදාපතිට ඇමරිකාව තහනම් නම් ඇමරිකන් ජනාධිපති අපේ රටටත් එන්න එපා කියලා.
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මතය ඉතාම නිවැරදියි. ඒ වගේම මම අහන්න කැමතියි එක පොදු විවාහ සහ දික්කසාද නීතියක් ගෙන ඒමට ඔබ වහන්සේ පාර්ලි මේන්තුවට ඉදිරිපත් කළ පනත්වලට මොකද වුනේ ? දැන් මේ ආණ්ඩුව එක රටක් එක නීතියක් කියන එක පටලවා ගෙන කතා කරන වග පෙනේ. දැන් මොවුන් උත්සාහ කරන්නේ ඒ සදහා උස් පහත් බේදයක් නැතුව නිතිය සැමට යන වෙනත් අරුතක් ගෙනහැර පාන්නයි.