(නිමල කොඩිතුවක්කු)
පළාත් සභා සීමානිර්ණ වාර්තාව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට පමණක් දොස් කීමෙන් ඵලක් නොවන බවත් එහි වගකීම සමස්ත කැබිනට් මණ්ඩලයම භාරගත යුතු බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (27) පැවසීය.
ආණ්ඩුව විසින් සකස් කළ සීමානීර්ණ වාර්තාව ආණ්ඩුව විසින්ම ප‍්‍රතික්ෂේප කිරීම මගින් ආණ්ඩුවේ අර්බුදයේ ප‍්‍රමාණය පෙන්නුම් කරන බවද ඔහු කියා සිටියේය.
සමාජවාදී ජනතා පෙරමුණ බොරුල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.
‘‘ මේ සීමා නීර්ණය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විටත් එය විවාදයට ගන්න විටත් ආණ්ඩුව මෙයට විරුද්ධව ඡන්දය දෙන්න යනවා කියලා අපි දන්නේ නැහැ. අපිට ඒක දැනගන්න ලැබුණේ ඉන්පසුවයි.
ඉතාම වුවමනාවෙන් සැලසුම් සහගතව ආණ්ඩුව මේ ඡන්දය කල්දැමීමේ ක‍්‍රියාවලියක නිරත වී සිටින බව ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළ මගින් අපිට පැහැදිලි වනවා.
මේ ආණ්ඩුවට දැන් මේ ඡන්දය තියලත් බෑ. නොතියත් බෑ. නොතිය හිටියොත් රටේ ආණ්ඩු විරෝධී උණුසුම වැඩිවෙනවා. තියලත් බෑ. තිබ්බොත් ආණ්ඩුව විශාල පරාජයකට යනවා.
මේ සිද්ධියේදි ෆයිසර් මුස්තාෆා මහතාට පමණක් දොස් කියලා වැඩක් නැහැ. ෆයිසර් මුස්තාෆා මේක ඉදිරිපත් කරන්නේ මුළු කැබිනට් මණ්ඩලයත් එක්ක කතා කරලයි. මුළු කැබිනට් මණ්ඩලය අනුමත කරමින් තමයි මේ වාර්තාව විවාදයට ඉදිරිපත් කළේ.
ඒ කැබිනට් මණ්ඩලය දැන් එහෙම් පිටින්ම තමන්ගේ ආණ්ඩු පක්ෂයේ සියලූ දෙනා සමඟම මෙයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. ඒ නිසා මේකට කැබිනට් මණ්ඩලයම වගකිව යුතුයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘සීමානිර්ණ වාර්තාව ගැන මුස්තාෆාට පමනක් දොස් කියලා ඵලක් නෑ’