
(නිමල කොඩිතුවක්කු)
ජනතා විරෝධී ආණ්ඩුවට එරෙහිව පුළුල් බලවේගයක් ගොඩනගා සමගි ජනබලවේගයේ ජනාධිපතිවරයෙක් පත්කරගෙන ජනතාවාදී පාලනයක් ගෙන යන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.
සමගි ජන බලවේගයට එක් කරගන්නා වෙනත් පක්ෂ සමඟ මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවත් අත්තනායක මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ අද(28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.
"සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසුව වෙනත් පක්ෂ සමග සාකච්ඡා පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.
2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා දැනටමත් අපි සැලසුම් සකස් කරමින් සිටිනවා. ඒ සදහා බිම් මට්ටමින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. දිනමු වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කිරීම අපි සිදු කරගෙන යනවා.
සහ විරෝධී මේ ආණ්ඩුවට එරෙහිව තිබෙන එකම විකල්පය බවට සමගි බලවේගය පත්ව තිබෙනවා.
පාසල් දරුවන් ලක්ෂ 45ක ගේ අධ්‍යාපනය අද අනතුරට වැටී තිබෙනවා.
ඔන්ලයින් උගන්වනවා කිව්වට හැම තැනම ඔන්ලයින් නෑ. අම්මලාට ඒ සඳහා මුදල් වියදම් කරන්න අපහසුයි. ගම්වලට මේ වැඩපිළිවෙළ විවෘත කළ යුතුයි. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන මේ සඳහා පෙරමුණ ගත යුතුයි.
අද රටේ ආර්ථිකය අන්තිම අඩියට වැටිල තියෙනවා. අපේ රට ණය ශ්‍රේණිගත කිරීම්වල පහතට ම ඇද වැටී තිබෙනවා. ණයවර ලිපි භාර නොගැනීමට විදේශීය රටවල් තීරණයක් සමග ලංකාවේ වෙළෙඳ ව්‍යාපාරිකයන් ඉතා අපහසු තත්ත්වයට පත්වෙලා.
ආණ්ඩුව පුරසාරම් දොඩවනවා පමණයි. ජාතික සම්පත් විකුණලා රට ගෙනියනන ආණ්ඩුව සැලසුම් කරල තියනවා.
සමගි ජන බලවේගය විදිහට අපි සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය සමඟත් සාකච්ඡා ඉදිරියේ දී පැවැත්වෙනවා.
පළාත් සභා පිළිබදව සමගි ජන බලවේගයෙ ස්ථාවරය වන්නේ එය පැවැත්විය යුතු බවයි. පවත්වන කාලය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. පළාත් සභා නොපැවැත් වුවත් එම වියදම ම දැනටත් දරන්න රජයට සිදු වෙලා තියෙනවා" යයිද ඔහු එහිදී පැවසීය
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා :
"කිරියෙන් පැණියෙන් ඉතිරෙන වය කියූ 2020 පැණියෙන් පමණක් ඉතිරෙන බව මේ ආණ්ඩුව ඔප්පු කරල තියෙනවා. අද විද්‍යාව පසෙකලා මිථ්‍යාව සමඟ ගමන් කරන රජයක් බවට මේ රජය පත් වෙලා තියෙනවා.
2021 සෞභාග්‍යයෙන් නොව සව් කැඳ ටිකක් වත් නොලැබෙන වසරක් බවට පත්වේ යැයි මේ රජය සමග සිටින විට දැනෙනවා. කොරෝනා එන්නතට මාලදිවයින බංගලාදේශය ඉන්දියාව සූදානම් වනවා. නමුත් ලංකාව ඒ සඳහා තවමත් සූදානමක් නෑ. බිලියන දහයක් සීනිවලට ගිල්ලා. ඒ සල්ලි වලින් එන්නත ගේන්න තිබ්බා. වියත් මගේ ජයසුමනලා සීතා නෝනලා මොනවද දැන් කියන්නේ කියලා අපි අහනවා.
"කිරියෙන් පැණියෙන් ඉතිරෙන වය කියූ 2020 පැණියෙන් පමණක් ඉතිරෙන බව මේ ආණ්ඩුව ඔප්පු කරල තියෙනවා. අද විද්‍යාව පසෙකලා මිථ්‍යාව සමඟ ගමන් කරන රජයක් බවට මේ රජය පත් වෙලා තියෙනවා.
2021 සෞභාග්‍යයෙන් නොව සව් කැඳ ටිකක් වත් නොලැබෙන වසරක් බවට පත්වේ යැයි මේ රජය සමග සිටින විට දැනෙනවා. කොරෝනා එන්නතට මාලදිවයින බංගලාදේශය ඉන්දියාව සූදානම් වනවා. නමුත් ලංකාව ඒ සඳහා තවමත් සූදානමක් නෑ. බිලියන දහයක් සීනිවලට ගිල්ලා. ඒ සල්ලි වලින් එන්නත ගේන්න තිබ්බා. වියත් මගේ ජයසුමනලා සීතා නෝනලා මොනවද දැන් කියන්නේ කියලා අපි අහනවා.
විරකියාව එන්න එන්න වැඩි වෙලා. ජී එස් පී ප්ලස් නැති වෙන්නයි යන්නේ. පරිසරයට හානි වෙනවා සේනා දළඹුවා ඇවිල්ලා එක පැත්තකින් විනාශ කරනවා, රාජපක්ෂ හිතවාදීන් තව පැත්තකින් විනාශ කරනවා.
ජනාධිපතිතුමා අනුරාධපුරයේ ගිහිල්ලා වැඩිපුර ගත කරන්නේ මිථ්‍යාව සමගයි. සේමසිංහල ඉදිරියේදී සිටින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වියතුන් පිටුපසට වී සිටිනවා. වැඩ බැරි ටාසන්ලා ඉස්සරහ වැඩ පුළුවන් අය පිටිපස්සේ. එහෙම තමයි මේ ආණ්ඩුවේ වැඩ" යයිද ඔහු එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හීනෙන් තමයි .... ඒත් නැතිනම් තව ආත්ම ගණනාවකින්.... හා හා ....
අනේ තිස්ස මල්ලියේ "ජනතාවාදී පාලනකයක්" කිව්වේ මොකක්ද යන්න තව හොදින් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මල්ලියේ.... ඒක හරියට අර "ප්‍රේම අයියා" මැද කොලබ "සටකපට කාලකන්නි හිවල්ලුන්ගේ" චන්ද ගොඩ බලාගෙන ප්‍රසාද ආසනවල ප්‍රතිශතය කෙටිමකෙටි පැය ගණනකින් වෙනස් කරලා මුළු රටටම ගිනි බෝලයක් දුන්න වගේද තිස්ස මල්ලියේ...?
හොර අත්සන් ගහලා රාජපක්ෂලා පෝෂණය කරන්න පැන්නේ නැතිනම් ඔක එක දවස්වලම කරගන්න තිබුණා. ඒ වගේ වැඩකරලා දැන් කයිවාරු ගහන්න එපා...
වර්තමාන දේශපාලනයේ රැඳී සිටින බොහෝ දේශපාලකයාගේ දෑසේ නැගෙන්නාවූ කිඹුල් කඳුළුවලට රටේ ජනතාවගේ දෑස්වල සතුටු කදුළු ලබාදිය හැකිද?
බදියුදීන්ලාට අමාත්‍යාංශ කීයක් දෙනවද? ඒකයි සිංහල අපිට තිබෙන පලවෙනි ප්‍රශ්නය. කොරෝන මිනී වලලන්න ඉඩ දෙනවාද? ඔය ප්‍රශ්න දෙකට ලැබෙන උත්තර වලින් කියන්න පුළුවන් සමගි කාරයෝ බලයට එනවද නැද්ද කියලා.
මෙ රටේ ජාතිමාමක සිංහලයෝ ඉන්නකම් මේ කල්පයේ ඔබලාට රටේ ජනාධිපති කමක් ලැබෙන්නේ නැහැ.