(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)
78 ව්‍යවස්ථාවේ සිට ඉතිහාසය පුරා සෑම ආණ්ඩුවක්ම නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළේ නම් එසේ කළේ ජනතාවගේ හෝ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් නොව ජාත්‍යන්තරයේ වුවමනා ඉටු කිරිමට හෝ තමන්ගේ දේශපාලන ආධිපත්‍යය රැකගැනීම සඳහා පමණක් යැයි මව්බිම සුරැකීමේ ජනතා සංවිධානයේ ලේකම් ගොම්බද්දල දමිත හිමියෝ අද (24) අභයාරාමයේදී පැවසූහ.
හැත්තෑඅටේ ව්‍යවස්ථාව 20 වතාවක් සංශෝධනය වුණා. මොකක්ද එයින් රටට වුණ සේවය? කිසිම වෙනසක් සිදුවුණේ නැහැ. මේ නව ව්‍යවස්ථාව නිසා උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ප‍්‍රශ්න විසඳෙනවාද? මේවා ගේන්නේ මේ පාලකයින්ගේ වුවමනාවටයි.
ඔවුන් පෙනී සිටින්නේ තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මිස ජනතාව වෙනුවෙන් නෙවෙයි. විග්නේෂ්වරන්ලා, සිවාජිලිංගම්ලා, සුමන්තිරන්ලා පවා පෙනී සිටින්නේ සාමාන්‍ය දෙමළ ජනතාව වෙනුවෙන් නෙවෙයි යැයි දමිත හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ව්‍යවස්ථා සංශෝධනයත් NGO සහ දමිල ඩයස්පෝරාවට උවමනාවට කෙරෙන දෙයක්. අපිට ඇයි ව්‍යවස්ථා සංශෝධනයත් අවශ්‍ය? විධායක ජනාදිපති ක්‍රමය අපිට ඕනේ සුළු ජාතීන් බලවත් වේගන එන මේ ක්‍රමය නිසා.
ජේ ආර් ඇවිදින් 72 වියවස්ටව වෙනස් කරලා රට අගාදයට අරගෙන ගියා. මුන් හැම එකම බලය තියාගන්න කරන වැඩ නිසා අපි හැමදාම දුකේ.