IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


සෞභාග්‍යයේ දැක්මට හරියට වැඩ කළාම මුළු රටම ගොඩ

කොරෝනා බලපෑම, මැතිවරණය කල්දැමිය යුතුද?, නීතිය සැමට පොදුද? තුනෙන් දෙකේ කතා, ජවිපෙ සියයට තුන, 19 ට කුමක් වේවිද යනාදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට 2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය.

ප්‍රශ්නය:- නව රජය දේශීය ආර්ථිකය මතම පදනම් වූ ප්‍රතිපත්ති ගැන කතා කළත් නව ලෝක තත්ත්වය හමුවේ බලවතුන්ට පවා එවැනි සීමාවක කොටුවී කටයුතු කිරීමට නොහැකි බව ආර්ථික විද්‍යාඥයන් කියනවා. හිටපු මුදල් රාජ්‍ය ඇමැතිවරයකු හැටියට මේ ගැන ඔබේ අදහස මොකක්ද?
පිළිතුර:- භාණ්ඩ ආනයනය සීමා කර තිබෙනවා. අර්බුදයක් එන්නේ අපේ ඩොලර් පිටරටට ගියොත්. මොකද පාරිභෝගික ද්‍රව්‍ය සීයට හැත්තෑ ගාණක්ම ගෙන්වන්නේ විදේශයන්ගෙන්. මේ වනවිට අත්‍යවශ්‍යම භාණ්ඩ හැරුණු විට වෙනත් කිසිම දෙයක් ආනයනයට අවස්ථාවක් නෑ. දේශීය ආර්ථිකය මතම පදනම් වෙන්න බෑ කියන එක අපි පිළිගන්නෙ නෑ. මේ වෙලාවේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්නම ඕනෑ. දේශීය ආර්ථිකය අපි අදහස් කරන්නේ අපනයන ආදායමත් එක්ක තමයි. අපනයන ආදායම වැඩිකර ගැනීමට අපට පුළුවන්. කෘෂි ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. උදාහරණයකට තේ හා කුරුඳුවල මේ දවස්වල හොඳ මිල ගණන් පවතිනවා. ලෝකයේ පවතින තත්ත්වය මත විදේශීය ආයෝජන හදිසියේ කැඳවාගන්න බෑ. එහෙත් අවශ්‍ය විදියට ඒක අපි සකස් කරගන්න ඕනෑ. විශේෂයෙන්ම අනෙක් රටවල් සමග සසඳද්දී තව මාස හයකින් පමණ ලංකාව සුරක්ෂිත රටක් බවට පත්කරගත හැකි යැයි අපි හිතනවා. ඒ සඳහා අපි දැනට පියවර අරගෙන තිබෙනවා. ලෝක ආර්ථිකයේ ප්‍රශ්නයක් තිබුණත් ලබන අයවැයෙන් පසුව සෞභාග්‍යයේ දැක්මේ පියවර හරියට ක්‍රියාත්මක කළහොත් අපට ආර්ථිකය මීට වඩා උස්සන්න පුළුවන්.  

ප්‍රශ්නය:- විපක්ෂයේ ඇතැමුන් කියන්නේ මිනිස්සුන්ගේ මළ මිනී උඩින් ගිහිල්ලා හරි ආණ්ඩුවට බලය තහවුරු කරගන්න ඕනෑ කියලනේ?
පිළිතුර:- කොරෝනා පිටින් දාලා හරි මැතිවරණය තවත් කල්දාන්න පුළුවන් නම් විපක්ෂයේ එකම ගැලවීම ඒකයි. බිම් මට්ටමත් ගැලවිලා. ඉහළ මට්ටමත් ගැලවිලා. අපේක්ෂකයෝත් අස්වෙන තැනට ඇවිල්ලා. ඔය අපේක්ෂකයන්ගෙන් සීයට අනූවක් විතර මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්නේ නෑ. නිකන්ම ලැයිස්තුවට ආපු අය. ඒත් මැතිවරණය කල්දාන්න බෑ. මොකද මේ රටට අයවැයක් අවශ්‍යයි. ඒ නිසා සෞඛ්‍ය නීතිවලට අනුව අප මෙය කළ යුතුයි. ඔය කියන බය මැතිවරණය කල් ගියත් ඇරෙන්නේ නෑ. අනෙක් අතට කල් ගියත් ඒ අයට අවාසියි. දෙවැනි කොරෝනා රැල්ලත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බුද්ධි අංශ හා අපේ සෞඛ්‍ය අංශ විසින් පාලනය කළොත් ආණ්ඩුව තවත් ජනප්‍රිය වෙනවා. ඒ නිසා ඔවුන් හිතන දේ මේ රටේ සිද්ධවෙන්නේ නෑ. ඒකට අපට කළ හැකි දෙයක් නෑ.

ප්‍රශ්නය:- මාධ්‍යවේදීන්ට අධිකරණයේදීම බාධා කිරීම්, වැරැදිලා ඔළුවටම වෙඩි තැබීම්, කුඩු මුදලාලිලා සමග ගනුදෙනු සමග ශ්‍රී ලංකා පොලිසියට චෝදනාවලියක්ම එල්ල වී තිබෙනවා. පොහොට්ටුව යටතෙත් නීතිය හා සාමය ස්ථාවර වෙලා නෑ කියලා නැගෙන ප්‍රශ්නයට ඔබේ පිළිතුර මොකක්ද?
පිළිතුර:- නාකොටික් එක මේ වැඩ ඔය විදියට දිගටම කරගෙන එන්න ඇතිනේ. ගෝඨාභය මහත්තය බලයට පත්වුණාට පස්සෙනේ ඒක හොයාගන්න හැකි වුණේ. බන්ධනාගාරයේ දූෂණත් මෙච්චර කල් නතර කරන්න බැරිවුණානේ. බන්ධනාගාරයේ තිබිලා දුරකථන දහස් ගණනින් හම්බුවෙන්නේ මේක හරියට කරන නිසානේ. මුල් කාලයේ තදින් ක්‍රියාත්මක වෙද්දී සුළු සිද්ධි වාර්තා වෙන්න පුළුවන්. ඒත් මේ විදියට ටික කාලයක් ගියොත් ත්‍රස්තවාදය වගේම දාමරික ක්‍රියා හා මත්ද්‍රව්‍ය ජාවාරම් මේ රටින් තුරන් කිරීමට පුළුවන්. මේක අරගලයක්නෙ. වැඩේ පටන් අරන් තියෙන්නේ දැන්.

ප්‍රශ්නය:- පක්ෂ අභ්‍යන්තර ගැටුම් වැඩිම දිස්ත්‍රික්ක අතරට මාතරත් එද්දී ඔබටත් නමින් නොනමින් දේශපාලන ප්‍රහාර දිගටම එල්ලවෙනවා. ඇතුළෙන්ම ගහන ගැහිල්ලට මුහුණ දෙන්න පුළුවන් ද?
පිළිතුර:- ඒවා ඉතින් බයට එල්ල කරන ප්‍රහාර. ඒවා මම ගණන් ගන්නේ නෑ. ඇත්තටම මට ඒවා දැනෙන්නේවත් නෑ. මොකද මම දැන් ඒ ප්‍රහාර අභිබවා ගිහින් තියෙන්නේ. සාමාන්‍යයෙන් මනාප ක්‍රමය යටතේ මේවා තියෙනවා. මේක මනාප ක්‍රමයේ වැරැද්දක්. මිනිස්සු අතර නැති මිනිස්සු වෙන තැනකින් තමයි ගොඩ එන්න හදන්නේ. එහෙම ගොඩ එන්නත් දැන් අමාරුයි. මොකද මිනිස්සු යථාර්ථය තේරුම් අරන් තියෙන්නේ. මාතරට සංවර්ධනය ගෙනාවේ කවුද, මිනිස්සු අතර ඉන්නේ කවුද, මිනිසුන්ගේ ඕනෑ එපාකම් හොයන්නේ කවුද කියලා දැන් තේරුම් අරන් තියෙන්නේ. ඒ නිසා සරුවපිත්තල දේශපාලකයන් ගැන අප බයවෙන්නේ නෑ.

ප්‍රශ්නය:- දෙසීය විසි පහම එපා, අලුත් තරුණ මුහුණු ඕනෑ වැනි දේශපාලන සාකච්ඡා සිදුවෙන අතරේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු හැටියට මාතර ජනතාවට ඔබ කියන්නේ මොකක්ද?
පිළිතුර:- මම දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. අපට අලුත් විදියට බලන්න වෙනවා. පරණ පරිපූර්ණ අයත් අලුත් තරුණ අයත් දෙපිරිසම අපට අවශ්‍යයි. එහෙත් තේරීමේ කාර්යභාරය තිබෙන්නේ ජනතාවටයි. දෙසීය විසි පහම එපා නොකියන දෙසීය විසි පහක් තෝරන්නට ජනතාව කටයුතු කරන්න ඕනෑ. පාසලට ළමයින් ඇතුළත් කරද්දී හොඳම පාසල තෝරාගන්න, රස්සාවක් කරද්දි හොඳම රස්සාව තෝරාගන්න, ගෙයක් හදද්දි හොඳම ගෙයක් හදාගන්න හා බෙහෙත් ගනිද්දි හොඳම වෛද්‍යවරයා තෝරාගන්න ජනතාවට දේශපාලකයා තෝරාගනිද්දි එහෙම බැරිවෙන්න විදියක් නෑනේ. ඉතින් රැල්ලටයි බොරුවටයි ධනයටයි නොරැවටී යථාර්ථයට මුහුණ දී මාතරින් කණ්ඩායමක් තෝරාගන්න යැයි මම ජනතාවගෙන් ඉල්ලනවා.

(*** සාකච්ඡා කළේ - බිඟුන් මේනක ගමගේ)



අදහස් (1)

සෞභාග්‍යයේ දැක්මට හරියට වැඩ කළාම මුළු රටම ගොඩ

සපුමල්. Tuesday, 21 July 2020 08:05 AM

යූ.එන්.පී එකෙන් මහින්ද මහත්තයා ළඟට ආවා. ඊට පස්සේ සිරිසේන මහතා ළඟට ගියා. ඊට පස්සේ ආයෙත් මහින්ද මහත්තයා ළඟට ගියා. කිසිඳු ප්‍රතිපත්තියක් නැති මෙවැනි අය කෙරෙහි කෙසේ විශ්වාසයක් තබන්නද? සියල්ල තම බඩ වඩා ගැනීම පිණිසයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 400 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1585 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site