IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘සිනමාවෙන් දේශපාලනය අතුගාදමනවා’

(නිමල කොඩිතුවක්කු)


දේශීය  සිනමා ක්ෂේත‍්‍රයෙන් දේශපාලනය  සහමුලින්ම අතුගා දැමීමට කටයුතු කරන බව නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා  කොළඹදී පැවැසීය.

චිත‍්‍රපට කර්මාණ්තය නගා සිටුවිම සඳහා  ඉදිරියේදී  වැදගත් තීන්දු තීරණ රැසක්  ගැනීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මේ බව සඳහන් කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතානන්ගේ ජන්ම  ශත සංවත්සරය යෙදී ඇති අද (05)  දිනය  ජාතික සිනමා දිනය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ජාතික චිත‍්‍රපට සංස්ථාවේදී පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීය.


   ‘‘ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතානන්ගේ ජන්ම  ශත සංවත්සරය යෙදී ඇති අද දිනය ජාතික සිනමා දිනය නමින් නම් කරලා එතුමා  සිනමා ක්ෂේත‍්‍රයට ඉටුකළ ඒ නිර්මල සේවාව ඇගයීමට හැකිවීම පිළිබඳ මම ඉතාම සතුටු වෙනවා.


දේශීය සිනමා ක්ෂේත‍්‍රය දිහා බලපුවහම   බොහෝ කාල  වකවානුවලදී  මේ සිනමා ක්ෂේත‍්‍රය දේශපාලනිකරනයට ලක්වුනා කිවුවොත් ඒක නිවැරදියි.  මගේ ප‍්‍රධානතම අරමුන වන්නේ මේ දේශීය  සිනමා ක්ෂේත‍්‍රයෙන් දේශපාලනය  සහමුලින්ම අතුගා දැමිමයි.


මේ ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකරන වෘත්තිකයන්ගේ, ප‍්‍රවීනයන්ගේ  මේ විෂය සම්බන්ධව දැනුම් සම්භාරයක් තියෙනවා.  ඒ සියලූ දෙනාගේ මෙහෙයවීමෙන් මේ දේශිය  සිනාමා ක්ෂේත‍්‍රය ක‍්‍රියාත්මක විය යුතුයි.


චිත‍්‍රපට සංස්ථාවේ  අධ්‍යක්ෂ මන්ඩලයට අමතරව අපක්ෂපාති විශේෂ`ඥ කමිටුවක් අපි ස්ථාපනය කරලා  තියෙනවා. ඒ උපදේශන කමිටුවට  වර්ණ, පක්ෂ ගෝත‍්‍ර  වලින් තොරව සාමාජිකයන් බඳවා ගෙන තියෙනවා. ඒ එක නමක්වත් මම යෝජනා කරලා නැහැ.


එම කමිටුවට පත්කිරිමේදී  යම් යම් අඩුපාඩු වුුනානම්  මේ කෂේත‍්‍රයේ  නිරතවූවන්ගේ අභිමතය පරිදි  ඒ උපදේශන කමිටුව පුලූල් කිරිමේ හැකියාවත් තියෙනවා.


මේ ක්ෂේ‍්‍රත‍්‍රය පිළිබඳ  සියලූම පාර්ශව කරුවන් සියලූ දෙනාම එකට  එකතු වෙලා පරිහානියට පත්ව තිබෙන දේශීය චිත‍්‍රපට කර්මාන්තය අපි ඉහළට ඔසවා තැබිය යුතුයි.  චිත‍්‍රපට කර්මාන්තය නගා සිටුවිම සඳහා  බොහොම වැදගත් තීන්දු තීරණ රැසක්  ඉදිරියේදි ගන්න අපිට තියෙනවා."

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 


 



අදහස් (0)

‘සිනමාවෙන් දේශපාලනය අතුගාදමනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site