
(අංජුල මහික වීරරත්න)
රට ඉල්ලන වෙනස කරන්නට හැක්කේ "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්තියට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැල්මඩුල්ලේදී පැවසීය.
මාලිමාවේ සහ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශ කඩදාසි කැබලි පමණක් බව කී ජනාධිපතිවරයා ගෑස් සිලින්ඩරයට ඡන්දය දුන්නොත් ගෑස් මෙන්ම "වෙනසත්" නැති වනු ඇතැයි ජනාධිපතිවරයා කීය. ආර්ථිකයේ ,සමාජයේ මෙන්ම දේශපාලනයේ දැවැන්ත වෙනසක් කරන දැවැන්ත වෙනසක් කරන බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය සමග එක්වන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.
පැල්මඩුල්ලේ ජනරැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:- මෙම රැලියට එන්න කලින් උදය සෙනෙවිරත්න මැතිතුමා ඇවිත් මට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීමේ වාර්තාව භාර දුන්නා. අප වේදිකාවට නඟින්නේ තව එක පොරොන්දුවක් ඉටු ඉටු කරලා. ඒ පඩි වැඩි කරන එකයි.මම පොරොන්දු වී යන්නේ නෑ .මෙහි එන්නේ පොරොන්දු ඉටු කරලා.
මම මාලිමාවට සහ ටෙලිෆෝනයට කියන්නේ ඔය දාල තියන වාක්‍ය ටික ඔබලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ඉවත් කරන්න.
වසර දෙකකට පෙර අප රට බාර ගනිද්දී රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න හැකි වේ යැයි ඒ අය හිතුවේ නැහැ. මේ කණ්ඩායම මා සමග එදා ආවා. අප ආණ්ඩුව භාර ගත්තා .පළමුවෙන්ම අප රුපියල බේරගත්තා.
ඔබට අමාරු තීරණ ගන්නට සිදුවුණා .ඒ පියවර ගත්තේ නැතිනම් මෙවැනි තැනක ඉන්න ලැබෙන්නේ නැහැ. එතැන් සිට අප රුපියල ශක්තිමත් කළා. ආර්ථිකය ශක්තිමත් කළා.2023 වසරේදී අස්වැසුම දෙන්න පුළුවන් වුණා.අස්වැසුම සමෘද්ධිය වගේ තුන් ගුණයක්.
2024 දී තිබෙන සහනාධාර බලන්න.රජයේ සේවක දීමනා වැඩි කරන අතරතුර රුපියල ද ශක්තිමත් කළ නිසා ක්‍රමානුකූලව බඩු මිලක් දරාගන්න පුළුවන් වුනා.මේ වැඩපිළිවෙල අප ආරම්භ කර තිබෙනවා. එය මෙතැනින් අවසන් වන්නේ නැහැ .තවත් වැඩ කටයුතු කරන්නට තිබෙනවා.
අප තව තවත් ආර්ථිකය ශක්තිමත් කරනවා .දළ දේශීය නිෂ්පාදනය වැඩි කරනවා. ඒ නිසා රුපියල ශක්තිමත් වෙනවා.මේ පියවර අනාගතයට ගෙනයාම සඳහා මා ඉදිරිපත් වී සිටිනවා.වසරක් දෙකකින් ආර්ථිකය සම්පූර්ණයෙන්ම තහවුරු වන්නේ නැහැ. ඒ නිසා ආපහු රට වැටෙන්න පුළුවන්.ඉදිරියට යා හැක්කේ සැලස්මක් තිබෙනවා නම් විතරයි.
ක්‍රමානුකූලව අප රුපියල ශක්තිමත් කරනවා. එය කරන්නේ ආදායම වැඩි කිරීමෙන්.එමෙන්ම නිෂ්පාදනය වැඩි කරනවා. දළ දේශීය නිෂ්පාදනය අප වැඩිකර තිබෙනවා. මේ වන විට දළ දේශීය නිෂ්පාදනය සියයට අනූවට ලං වෙමින් තිබෙනවා.එමෙන්ම අපි දැන් මුදල් අච්චු ගහන්නේ නැහැ.තිබෙන ආදායම අනුව වැඩ කරගෙන යනවා. ජීවන බර සැහැල්ලු කරන්න ,තවදුර යන්න තිබෙනවා.රුපියල බාල්දු නොකළ අප ජීවන බර සැහැල්ලු කරනවා.ඒ අතර පඩි වැඩි කරන්නත් ක්‍රියා කරනවා.
රජයේ පමණක් නොව පෞද්ගලික අංශ වැටුපද අප වැඩි කරන්නට ක්‍රියා කරනවා. අප රුපියල ආරක්ෂා කර ගත යුතුයි .නිකරුනේ බොරු පොරොන්දු දී ලබාදී වැඩක් නැහැ.සජබ සහ මාලිමාවේ යෝජනා කියවූ විට එක අතකින් ආදායම අඩු කරනවා. අනෙක් අතින් වියදම වැඩි කරනවා.ගිය සැරේ සිදුවූ දේ දන්නේ නැතිද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ රටේ ආර්ථිකය කඩා වැටුනා. ඒ තත්ත්වය නැවත බලන්නට වුවමනා ද?නැවත ගෑස් පෝලිමේ සිටිය යුතුද? ඩොලරයට රුපියල් 370ක් ගෙවිය යුතුද ?අපි හෙමින් සීරුවේ ඇත්ත කියා මේ වැඩ කටයුතු කරමු.
අප රැකියා බිහි කරනවා. වසර හතරක් රැකියා ලබාදී නැහැ.එන වසරේදී අප ලක්ෂයක් සඳහා රැකියා සහ ස්වයං රැකියා දෙනවා.ආණ්ඩුවෙන් මෙන්ම පෞද්ගලික අංශයෙන්ද බඳවා ගැනීම් කරනවා.
ස්වයං රැකියා යනු නවීන කෘෂිකාර්මික වැඩසටහන් සඳහා මුදල් ලබා දීමයි. එමෙන්ම විදේශ රැකියා පුහුණුව ලබා ගැනීම සඳහා පනස්දහසකට මුදල් ලබා දෙනවා.
මේ සම්බන්ධයෙන් නොයෙක් රටවල් සමග අප කතා කරනවා.කොරියාව ,ජපානය ,මැදපෙරදිග ආදී රටවල් සමග කතා කරනවා.
පුහුණුව තිබෙන අය ඒ රට වලට යැවීමට කටයුතු කරනවා. සංචාරක ව්‍යාපාරය ලක්ෂ 25 සිට ලක්ෂ පනහක් බවට පත් කිරීමට කටයුතු කරනවා.
පැල්මඩුල්ලටත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කරනවා .එවිට ඔබේ මැණික් කර්මාන්තය දියුණුවට පත්විය හැකි.
බිංගිරියේ ආයෝජන කලාපයක් පටන් ගන්නවා. ත්‍රිකුණාමලය ,හම්බන්තොට විශාල කර්මාන්ත කලාප බිහි කරනවා.
මැණික් කර්මාන්තය දියුණු කර ලෝක ප්‍රසිද්ධ කිරීමට අප වැඩසටහනක් කරනවා .පතල් කම්කරුවන් ආරක්ෂා කිරීමටත් වැඩසටහනක් අපට තිබෙනවා.
කෘෂිකර්ම නවීකරණය අපේ ප්‍රධාන කාර්යයක්. අද ලෝකයට කෑම අවශ්‍යයි .2050 වන විට ලෝක ජනගහනය බිලියන දෙකකින් වැඩි වෙනවා.කෘෂි නවීකරණයක් ඇති කර තරගකාරී මිලකට බෝග වගා කර ලෝකයට ඒවා විකුණමු.
ලෝකයේ බොහෝ විට තාමත් තේ බොන්නේ අපෙන්. රටේ ආර්ථිකයේ පරිවර්තනයක් ඇති කළ යුතුව තිබෙනවා .අප වැඩි වැඩියෙන් අපනයනයට යා යුතුයි.
එවිට අනාගතයේ අපට විදේශ ණය ගැනීමට වුවමනා වන්නේ නැහැ. සූර්ය බල ශක්ති ව්‍යාපෘති වැඩි කරන්නට අප කටයුතු කරනවා.රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කළ යුතුව තිබෙනවා. රටේ ආදායම වැඩිවෙන විට, නිෂ්පාදනය වැඩිවෙන විට, බදු බර ද සැහැල්ලු කරන්න පුළුවන්.
අපේ සැලැස්ම මේ රට අපනයන ආර්ථිකයකට පරිවර්තනය කිරීමයි. අපේ ලොකුම අඩුව වන්නේ විදේශ විනිමය ණයට ගැනීමට සිදුවීමයි. අප සම්පූර්ණයෙන් උපයන්නේ නැහැ. තායිලන්තය වියට්නාමය සම්පූර්ණ මුදල උපයනවා උපයනවා. එන වසර දහයේදී ඒ අයුරින් අප මේ වැඩකටයුතු කළ යුතුව තිබෙනවා.
අපට අවශ්‍ය විදේශ විනිමය උපයන්නේ නැතිව තව වසර දහයකින් පහළොවකින් අප උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා .ඊට කිසිවකුත් කැමතිද?
අස්වැසුම සහනය තවදුරටත් ලබාදීමට අප කටයුතු කරනවා.ඔවුන්ට නැගිටින්න උදව් කළ යුතුව තිබෙනවා. කොළඹ තට්ටු නිවාස තිබෙන අඩු ආදායම්ලාදීන්ට නිවාස ලබා දෙනවා. වතුකරයේ ලයින් කාමර වෙනුවට ගම්මාන බිහි කරනවා.අප කරන්න යන්නේ විශාල විපර්යාසයක් .ආර්ථිකයේ වෙනසක්. අප අලුත් ආර්ථිකයක් බිහි කරමු.
අප එතනින් නතර වන්නේ නැහැ. සමාජයේ වෙනසක්ද සිදු කරනවා. මේ රටේ සියයට 25ක් අඩු ආදායම් ලාභීන්. හරි සෞඛ්‍ය සේවයක්, අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. මේ කණ්ඩායමට හොඳ අධ්‍යාපනයක් මෙන්ම සෞඛ්‍ය සේවයක් ලබාදීම සඳහා කටයුතු කරනවා.
එමෙන්ම දුප්පත් කණ්ඩායමේ දැනුම මෙන්ම සෞඛ්‍ය ශක්තිමත් කොට සමාජයට ඇතුල් කිරීම සඳහා කටයුතු කරනවා .ඒක විප්ලවයක්.
අප අයිතිය ලබාදෙනවා. දියුණු කරනවා. ශක්තියමත් කරනවා. රටේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාවන්.අප ඒ අයගේ අයිතිය තහවුරු කළ යුතුව තිබෙනවා.අප කාන්තාවන් බලගැන්වීමේ නීතිය සම්මත කළා.ඒ යටතේ තම අයිතිවාසිකම් ගැන ක්‍රියා කරන්න කාන්තාවන්ට පුළුවන්.කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම සඳහා හැම පොලිස් ස්ථානයකම වෙනම කාර්යාලයක් ස්ථාපිත කරනවා.
අපි එක අතකින් කාන්තාවන් බල ගන්නවා. අනෙක් අතින් කාන්තාවන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට විරුද්ධව ක්‍රියා කරනවා.
වෙන පක්ෂයක් එවැනි පියවර ගන්නවාද? එමෙන්ම මේ රටේ සමාජ සාධාරණත්ව කොමිසමක් පත් කරනවා.කුලය ආදී සමාජ හේතු නිසා මිනිසුන් කොන් වෙනවා . ඒවා නැති කිරීම සඳහා සමාජ සාධාරණ කොමිසමක් අප පත් කරනවා.එතනින් සමාජය වෙනස් කරනවා. එමෙන්ම මේ රටේ දේශපාලන ක්‍රමයක් වෙනස් කරන්න යනවා.
අනික් අය දූෂණය ගැන කතා කරනවා .අපි දූෂණයට විරුද්ධව ක්‍රියා කර තිබෙනවා.මේ රටේ දූෂණය නැති කරන්න ලෝකයේ හොඳම නීති ලබා දෙන ලෙස මුල්‍ය අරමුදලට කියා තිබෙනවා.අප දූෂණ විරෝධී වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අප දූෂණ විරෝධී පනත සම්මත කර තිබෙනවා.ඒ වෙනුව තවත් කෙටුම්පත් කිහිපයක් සම්මත කරන්නට තිබෙනවා .දූෂණය ගැන කතා කරමින් සිට වැඩක් නැහැ. දූෂණය ගැන ක්‍රියා කරන්න වැඩසටහනක් තිබිය යුතුයි. හොරු අල්ලනවා දඬුවම් දෙනවා කියමින් කෑ ගසමින් සිට පලක් නැහැ.හොරු අල්ලන්න නම් ආයතන තිබිය යුතුයි. අප ඒ ආයතන ශක්තිමත් කරන්නවා. හොරු ඇල්ලීම දේශපාලකයන්ගේ කාර්යභාරය නොවේ . ඊට ආයතන තිබෙනවා.දඩුවම් කිරීම අධිකරණයේ වැඩක්. දේශපාලකයන් ලෙස එය අතට ගන්නට බැහැ.
ඌරගස්මං හන්දියේ මේජර් මල්ලිකා නඩුව ඇහුවා වගේ අපිට මේක කරන්න බැහැ. ඒ කතාව දන්නේ නැද්ද?1971 එක දවසකට බලය ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ උසාවියක් දැම්මා. නඩු අහන්න මේජර් මල්ලිකා දැම්මා. අපිට එහෙම නඩු අහන්න ඕන නැහැ.මේජර් මල්ලිකාගේ වැඩේ කරන්න මම කැමතියි නැහැ. අපි උසාවියට ඒ වැඩ කටයුත්ත භාර දෙමු .ඔවුන් ශක්තිමත් කරමු.
එමෙන්ම ජන සභා ක්‍රමය ඇතිකර තරුණ නියෝජිතයක් ලබාදෙන්නට ප්‍රාදේශීය සභාවලටත් තරුණ නියෝජනයක් දෙන්න අප කටයුතු කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පාලනය කරන්නත් අප කටයුතු කරනවා.වෙනසක් අවශ්‍ය නම් වෙනස කරන්නේ අපි.වෙනස කරන්න හැක්කේ " පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් පමණයි.
ආර්ථිකයේ සමාජයේ මෙන්ම දේශපාලනයේ වෙනසක් කරනවා.අනෙක් මිනිස්සු කතා කරනවා පමණයි. ක්‍රියාවෙන් ඒ වෙනස කළ යුතුව තිබෙනවා.
මේ රටේ මිනිසුන් වෙනසක් අවශ්‍ය යැයි කියා පාරට බැස්සා .ඒ වෙනස කරන්නට අප අද මෙතනට පැමිණ තිබෙනවා. මෙතන එක්සත් ජාතික පක්ෂයේ අය සිටිනවා. ජේ.ආර් ජයවර්ධන, ප්‍රේමදාස නායකයන් සමඟ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් අපි මෙතැනට පැමිණ තිබෙනවා. ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කරමු.
සජිත් ප්‍රේමදාසට දිනන්න බැහැ. සජිත්ට දෙන ඡන්දය ඇත්තටම අනුර කුමාර ශක්තිමත් කිරීමක් පමණයි.ඒ අය කරන්නේ අනුර කුමාරට රට දීම පමණයි. ඒක කරන්න එපායැයි මා කියනවා. සැප්තැම්බර් 21 වෙනිදා ඡන්ද පොළට ගිහින් ගෑස් ලින්ඩරය ළඟින් කතිරේ ගහන්න.එසේ නොකලොත් ගෑස් මෙන්ම වෙනසත් නෑ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ අක්‍රමිතා හා දූශන ගනු දෙනු වලට සම්බන්ද චෝදනා අදිකරනයේ විභාග වෙන නඩු තියෙන මහජන අප්‍රසාදයට පත්වෙච්ච කන්ඩායමක් සමග නේද ඔබතුමා ඔය ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඔබතුමාත් එවැනිම චෝදනා වලට ලක් වෙලා නේද. මෙදා පාර ජනතාව නොමග යැවීම කල නොහැක
ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි .මහ බැංකු බැඳුම්කාර මුකලම් බස්සා කියපු කෙනාම ලඟින් තියාගෙන ඉන්නවා දැක්කම . බත් කන මිනිස්සු රනිල්ට චන්දෙ දෙයිද ?
සිලින්ඩර් සීයා බොරු කාරයෙක් , එයාට බැහැ , පුරවැසියෙකුගේ පාස්පෝර්ට් එකක් , රියදුරු බලපත්‍රයක් වත් නිකුත් කරන්න , නැවත චන්දෙ දුන්නත් ලබන අවරුදු 5 වෙන්නෙත් මේක
පෞද්ගලික අංශයට බදු ගහල රජයේ සේවකයන්ට පඩි වෑඩිකරනවා.පුද්ගලික අංශයේ සේවකයො කන්නෙ මොනවද?
කීයක් හරි දීලා ගෑස් ගන්න විතරක් තිබුනොත් ඇති කියන තරමට ලංකාවෙ පුරවැසියන්ගෙ ජීවිත පටු කරපු ඔයාලාව අපිට එපා. අපි අලුත් රටක් අලුත් ලෝකයක් වෙනසක් හොයනවා
සජිත් මහත්තයා දිනනවා. ගෝඨාභය වගේ ජනප්‍රියත්වයේ ඉහලම හිටිය කෙනෙක් එක්ක පක්ෂය පිහිටවලා මාස 3කින් ඡන්ද ලක්ෂ 54 ගත්තානම් මේ වතාවේ දිනනවාමයි. ටෙලිෆෝනය 1 මාලිමාව 2 ගෑස් සිලින්ඩරය 3
සජිත්ට දෙන ඡන්දය අනුර කුමාර දිනවීමට දෙන ඡන්දයක් තමයි. ඒක නැහැ කියන්න වයිමටවත් බැහැ සජිත් කරපු වැඩෙන් සජිත්ටත් නැහැ. එජාපයටත් නැහැ .අනුර දිනන්න පුළුවන් සජිත්ගේ වැඩේ හරියටම කිව්වොත්. ඌරො කැකුණ තලනවා වගේම තමයි. සජිත්ට දැන් වෙන්නෙ බෙදීගියොත් රට යයි සුන්වී කියන ගීතය ගායනා කරමින් මිහින්තලේට ගිහිල්ලා පැවිද්ද ලබාගෙන තන්හාය ජායතී සෝකෝ කියකියා භාවනාවක් කරන්න තමයි
"අස්වැසුම සමෘද්ධිය වගේ තුන් ගුණයක්" ඒක උජාරුවෙන් කිව්වාට රට සංවර්ධනය වෙලා නම්, මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන. මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙලා නම් සහන ලබන පිරිස අඩු වෙන්න ඕන. මිනිස්සුන්ට නිකං බෙදලා දුප්පත් කම නැති කරපු, ආර්ථිකය ජයගත් රටක් වේ නම් වහාම අටපට්ටමට කියන්ටෝන.
ජනකාය යනු මැතිවරණය කුමන දිශාවට ගමන් කරන්නේද යන්න පෙන්නුම් කරයි. අවුරුදු 47ක් දේශපාලනයේ ඉඳලා අවශ්‍ය වෙනස්කම් ආරම්භ කරන්න බැරි වුණා නම් දැන් කොහොමද ඒක කරන්නේ?
ඔව් ඔබතුමාට ඉන්නවානේ 77 දී JR මහත්තයාට සිටි පිරිසට එහා ගිය අති දක්ෂ පිරිසක්. ඔය ඉන්නේ "රනිල් හොරා අපට එපා.." කන්වල් රැව් පිළිරැව් දෙනවා.
අවුරුදු 47 ක් දේශපාලනයේ ඉඳලා ,තිබුණු මතිවර්ණා ඔක්කොගෙන්ම පරාද වෙලා ,ලංකාවේ පළමු පක්ෂේත් නැති කරපු මිනිහෙක් කියනවා මම තමයි මිනිහා කියලා . ඇත්තටම මේ මනුස්සයාගේ මානසික තත්ව්‍යා පරීක්ෂා කරන්න ඕනේ නැද්ද ?
මුට්ටිදේවි ළඟින්ම ඉන්නකොට ගැම්ම බලන්නකෝ...!
සජිත් රනිල් එකතුවෙලා ආවත් අනුර දිනනවා. මෙයාල හිතාගෙන ඉන්නේ දෙමල සහ මුස්ලිම් ඡන්ද තම නායකයන් කියන විදියට පාවිච්චිය කරවි කියලා, එහෙම හිතන්න එපා වෙනසකට ඒ අයත් කැමතියි .
කැට තියලා කියන්නම්. රනිල් ස්ථිර ලෙසම පරාදවීම සිකුරුයි. මහ පොළවේ යථාර්ථය රනිල් හෝ ටීම් එක දන්නේ නෑ. වටේ උදව් කරන්න ඉන්නේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක් වුණු පොහොට්ටුවේ හොඳම ලොකුම හොරු ටික. ඔවුන්ට ඡන්ද නෑ. මේ දවස්වල ජනතා සහන දෙන්නේ ඡන්දය නිසා බව මිනිස්සු දන්නවා. ඒවාට ඇදගන්න මිනිස්සු හිටියේ ඉස්සර. අවුරුදු 30ක් පරාද වුණු රනිල් මාකට් කරන්න බෑ. කොච්චර හොඳ වුණත් විකිණිය නොහැකි ප්‍රඩක්ට් එකක් වැඩක් නෑ. රනිල් 3 හෝ 4 සුවර්. සජිත් අනිවාර්යයෙන්ම දිනනවා...!
කරපු වෙනස්කම් අපිට හොඳට දැණුනා... දරුවෙකුට කිරිපිටි එකක් අරන් දෙන්න විදිහක් නැහැ. විදුලිබිල, වතුර බිල වරිපනම් ගෙවාගන්න විදිහක් නෑ. තව දිනුවොත් හොඳට හිටීවි.
අවුරුදු 47ක් පුරාවටම දේශපාලනේ කරපු, පස් වතාවක් අගමැති වෙලත්, කරන්න බැරි වෙචිචි දේවල් නහින දෙහින කාලේ කොහොම කරන්නද? කටින් බතල හිටුවන එක නම් පුලුවන් ඇති...!
කවුරු මොනවා කිව්වත් රනිල්ගේ පරාජය නම් ස්ථිරයි...!
වෙනස කියන්නේ සමලිංගික පනත ගෙනාපු එකද?
සජිත්ට දිනන්න බැරි රනිල් එජාප ඡන්ද කඩන නිසායි. මට එජාප ඡන්ද එපා, ඒවාත් සජබට දෙන්න. මට 69 ලක්ෂයේ ඡන්ද දෙන්න කීවා නම් රනිල් හෝ සජිත් දිනනවා...
එයාගේ වයසේම සෙට් එකක් තමයි රැළියට ඇවිත් තියෙන්නේ. පිං පඩියක් හදලා දෙන්නම් කියලා ගෙනාවාද දන්නේ නෑ..
ගෑස් ටැංකියක් දෙන්න ජනාධිපති කෙනෙක් ඕනද බන්?
ඔහෙට සජිත් තරම්වත් දිනන්න බැහැ
මෙයාගේ වටේ ඉන්න එවුන් දැක්කම හරකෙක් ගොනෙක් බූරුවෙක් වෙන්න ඕන මෙයාට චන්දෙ දෙන්න
අනේ පව්.. සිහි කල්පනාව ඇත්තෙම නෑ වගේ.. තියන මානසික රෝගය ට අමතරව ඩිමෙන්ෂියා ගතියකුත් පෙන්නුම් කරනවා.. 21 ගෙදර ගිහින් වත් බේතක් හේතක් කර ගන්නවද කරුණාකරලා?? ජනාධිපති කරන්නම මිනිහා.. සේරටම හපන් අර ලැජ්ජා නැති මුට්ටි දේවි..