IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සජිත්ගේ බලාපොරොත්තුව කියයි

(නිමල කොඩිතුවක්කු සහ ශාන්ත චන්ද්‍රසිරි)

ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමඟ තමා නුවරඑළියට එන්නේ ලැයිම් කාමරවලට සීමා වූ වතු කම්කරු ජනතාවට සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්වීමට බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  නුවරඑළියේදී පැවසීය.

වතු කම්කරු ජනතාවගේ වැටුප ලෙස රු.1000, 1500, 2000 ලෙස ඡන්ද කාලෙට විවිධ බොරු පොරොන්දු ලබා දෙන බවත් ලැයිම් කාමරවල ජිවත් වී කම්කරු ජීවිතය ගත කරන මේ ජනතාවට සහ තරුණ ප්‍රජාව වෙනුවෙන් වගා ඉඩමක අයිතිය ලබා දී ඔවුන්ගේ ආර්ථිකය සවිබල ගන්වන බවත් විපක්ෂනායකවරයා සඳහන් කලේය.

මෙයට අමතරව ගොවියාට අවශ්‍ය පොහොර රු.5000ට ලබා දෙන බවත් එය යෝජනා කරන විට ආණ්ඩුව රු.4000ට දෙනවා යැයි බලයේ සිටින  ජනාධිපතිවරයා තමා කියන කියන දේ කිය කිය යන බවත් ඔහු පැවසීය.

ඉදිරි  ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 39 වැනි විජයග්‍රාහී ජන රැළිය ළිය තලවකැලේ දී අමතමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට බොහෝ සිහින ඇති බවත් අනුර කුමාරගේ පෞද්ගලික ලේකම්ව සිටීම” රටේ සම්පත් විකිණීම  සහ තමන්ව  පරාජය කිරීම ඒ අතර ප්‍රමුඛ බවත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රටේ පොදු සම්පත් විකිණීම විනෝදාංශය කරගත්  වත්මන් ජනාධිපතිවරයා නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න උත්සාහ කරන බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයාම ඔහු පරදින බවට පිළිගෙන ඇති බැවින්  දැනටමත් ජනාධිපති සහ අනුර කුමාර එකට එකතු වී තමා පරාජය කරන්න මුදල් වියදම් කරන බවත් කවුරු මොන දේ කළත් ජනතාව තමාව ජයග්‍රහණය කරනවා කියා විශ්වාස බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

වසර 200කට වැඩි ඉතිහාසයක් ඇති වතු ජනතාව දහඩිය කදුල වගුරා රටේ ආර්ථිකයට ලබා දුන් දායකත්වය සහයෝගය අමතක කළ නොහැකි බවත් ඒ ශක්තිය අගය කරන ස්තූති කරන හා ගෞරව කරනවා සේම රටේ පුරවැසියන් ලෙස සමාන අයුරින් පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය.

වතු ප්‍රජාව නියෝජනය කරන දේශපාලනයට සුදුසු නියෝජනත්වය ලබා දී ඉඩමක නිවසක අයිතිය ලබා දී තහවුරු කර ලැයින් කාමර වෙනුවට වෙනමම උදා ගම්මාන වැඩසටහනක් සඳහා මුල පුරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පෙරපාසල් ක්ෂේත්‍රයේ සිට අධ්‍යාපන පද්ධතිය දියුණු කර සුහුරු කරන බවත් නව ජාතික පාසල් කිහිපයක් ම ආරම්භ කර සිංහල දමිළ මුස්ලිම් බර්ගර් සැවොමගේම අධ්‍යාපනයත් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් දියුණු කරන බවත් විපක්ෂ ප්‍රේමදාස මහතා කීවේය.

තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, නිපුණතා අධ්‍යාපනය ක්‍රියාත්මක කර ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කර තරුණයන් දැනුමින් සන්නද්ධ කරන බවත්’ඔහු සඳහන් කළේය.

ඊට අමතරව නුවරඑළියේ තරුණයන් වෙනුවෙන් නව විශ්වවිද්‍යාලයක් ඇති කරන බවත් ඒ තුළින් ව්‍යවසායකත්වය ඉගැන්වීම සිදු කර නව ව්‍යාපාර දියත් කිරීමට ද කටයුතු කරන බවත් ඔහු  පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායක මාකදුරේ රතන හිමියන්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායක සහ හගුරන්කෙත සංවිධායක සුමිත් අත්තනායක, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වලපනේ සම සංවිධායක නිහාල් ලියනාරච්චි, ලලිත් වික්‍රමසිංහ, නුවරඑළිය සම සංවිධායක චම්පික ද සිල්වා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොත්මලේ සංවිධායක චමින්ද මහගෙද, මස්කෙලිය සංවිධායක එස් ප්‍රභාකරන්, එල් ආර් නිමල් මහත්වරු ඇතුළු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් එක්වූහ.



අදහස් (1)

සජිත්ගේ බලාපොරොත්තුව කියයි

Rata Perata Monday, 09 September 2024 06:29 PM

ඔයාගේ සහෝදරයා හෙළිකොප්ටර්වලින් රවුම් ගහන්නේ කොහොමද කියලා කියන්න ඉස්සෙල්ලාම..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13282 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site