IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සජිත් කියන්නේ සිහින ජනාධිපති කෙනෙක් බව ටිල්වින් කියයි

අනීෂා මානගේ

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ දවසේ සිටම ඔහු සැඟවුණු අමුත්තකු ලෙස සිටින බවද සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ සිහින ජනාධිපති කෙනකු බවද ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද(29) පැවසීය.

ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රීක් කාර්යාලය තංගල්ල දංකැටියේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, දකුණු පළාත් සභාවේ හිටපු  මන්ත්‍රී සිසිර කුමාර වාහලතන්ත්‍රි මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.

‘ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේක්ෂකයා විදියට නම් කරද්දී මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා මගේ කැමැත්තෙන් නෙවෙයි කට්ටිය ඉල්ලන නිසායි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව පත්කරන්නේ කියලා. ඒක ඇතුළේ ඇත්තටම තිබුණා එයා කැමැති නැහැ කියලා. පවුලේ අයගේ කැමැත්තෙන් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එන්නේ. වෙන කරන්න දෙයක් නැති නිසා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව නම් කළ දවසේ ඉඳලා ඒ අය අපේක්ෂකයාව හංගලා තිබ්බා. ඒ අයට තිබෙන්නේ අපේක්ෂකයා හංගපු ව්‍යාපාරයක්. ඒ අයගේ අපේක්ෂකයා සැඟවුණු අමුත්තා වගේ. එයා කිසිම මාධ්‍ය සාකච්ඡාවකට ආවේ නැහැ. ජනමාධ්‍ය ඉස්සරහට ඇවිත් කතාවක් කළේ නැහැ. එන්නෙත් නැහැ. එවන්නෙත් නැහැ. මෙහෙම එවන්නේ නැති හේතු තිබෙනවා. එතුමා දේශපාලනය ගැන එතරම් දැනුමක් තිබෙන කෙනෙක් නෙවෙයි. ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න දන්නේ නැහැ.

කවුරු හරි උත්තර කියා දෙන්න ඕනෑ. දන්නේ නැති නිසාම එතුමාට තරහ යනවා. ජනාධිපති අපේක්ෂක වුණාට පස්සේ එයා වටා මිනිස්සු පෙළ ගැහෙනවා. ඒ නිසා එයා උඩට යන්න පුළුවන්කම තිබෙනවා. මහින්ද රාජපක්ෂත් පහු කරන් උඩට ගියොත් ඒක පවුලේ අයට හොඳ නැහැ. ඒ නිසා උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂට යටින් තියාගන්නයි. අපේක්ෂකයාට හැදෙන්න ඕනෑ දේශපාලන පෞරුෂය ඒ අය වළක්වා තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අතින් අල්ලන් යන්නේ.

රටට මෙතරම් ආදරේ නම් රට රකින්න කැමැතියි නම් 1993/94 කාලයේ ඊළාම් යුද්ධය තදින් තිබෙන කාලයේ හමුදා නිලධාරියෙක් වුණ එතුමා හමුදාවෙන් හදිසියේ ඉවත්වෙලා රටත් දාලා ඇමරිකා එක්සත් ජනපදයට ගියේ ඇයි. එතුමා එයට උත්තරයක් දිය යුතුයි. හමුදා සේවයෙන් ඉවත් වෙන්න නම් තමන්ට හමුදාවේ සේවය කළ නොහැකි බවට කිසියම් හෝ දුබල කමක් පෙන්විය යුතුයි.

හමුදාවේ ඉන්න බැරි ලෙඩෙක් කොහොමද රටක් බාර ගන්නේ. ලංකාවට මෙච්චර ආදරේ නම් ඇමරිකාවට ගිහිල්ලාත් ඇයි පුරවැසිකම ගත්තේ. පුරවැසිකම අත්හරින්න මෙතරම් කාලයක් බලාසිටියේ ඇයි. ජනාධිපතිවරණයට ඉල්ලන්න ඕනෑ නිසායි පුරවැසිකම අත්හැරියේ.

ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ කියලා කොන්දේසි තිබුනේ නැත්නම් පුරවැසිකම අත්හරින්නේ නැහැ. බැසිල් තවම අත්හැරලා නැහැ. රටට ආදරේ නිසා නෙවෙයි පුරවැසිකම අත්හැරියේ. ඡන්දය ඉල්ලීම සඳහායි. මෙතැන තිබෙන්නේ වංචා සහගත අදහසක්. වීරවංශ මහත්තයාට දුර බලන්න ඕනෑ නැහැ ඇමරිකන් පිල්ලි බලන්න. ළඟ බැලුවාම පේනවා.

සජිත් මහත්තයා බලහත්කාරයෙන් අපේක්ෂකකම ගත්තා. අපේක්ෂකත්වය දුන්නා නෙවෙයි. ගත්තා. සජිත් අපේක්ෂකත්වය ජයගනී කිව්වා. සජිත් මහත්තයා එන්නේ පක්ෂය පරද්දගෙන. රනිල්, කරූ ජයසූරිය මහත්වරු පරාද කරලා. පක්ෂය ඇතුළේ සටනක් තිබිලා කෑල්ලක් පරාද කරගෙන කෑල්ලක් එළියට එනවා. අපි හිතනවා පරාද වුණ කෑල්ල අනිත් කෑල්ලට උදව් කරන්නේ නැහැ කියලා.

මේ නිසා සජිත් මහත්තයාට ඡන්දය කරන්න වෙන්නේ පක්ෂය සමඟ නෙවෙයි. පක්ෂයෙන් භාගයක් එක්කයි. සජිත්ට හැමදෙනාම කැමැතියි නම් මෙතෙක් කල් ඇද ඇද යන්න ඕනෑ නැහැ. ලොකු යුද්ධයක් කරලා අන්තිමේදී බයට පත් වුණාමයි සජිත්ට අපේක්ෂකත්වය දෙන්නේ.

සජිත් කියන්නේ සිහින ජනාධිපති කෙනෙක්. එයාගේ ඔළුවේ තිබෙනවා තාත්තා ජනාධිපති වෙලා හිටිය නිසා මටත් අයිතියි කියලා. පවුලෙන් තමයි නායකත්වය ගැන හිතන් ඉන්නේ. සජිත් ඇවිත් කියනවා නම් රට හදන්න දෙන්න කියලා එකෙන් කියවෙනවා පසුගිය අවුරුදු හතරහාමාරේදී පක්ෂයෙන් රට හදලා නැහැ කියලා.

සජිත් මහත්තයා කියන්නේ අපේ රටේ කිසිම ප්‍රශ්නයක් පිළිබඳව සංවේදීකමක් තිබෙන කෙනෙක් නෙවෙයි. දන්න එකම දේ කොහේ හරි ගෙවල් කිහිපයක් හදලා රට පුරාම පෝස්ටර් ගහන එකයි. අපි දැකල නැහැ සජිත් මහත්තයා කවදාවත් පොදු සටනක ඉන්නවා. මහින්ද මහත්තයා නම් පෙළපාළිවල ඉන්නවා අපි දැකල තිබෙනවා. ගෙවල් දෙන රැස්වීම්වල විතරයි සජිත් මහත්තයා කතා කරන්නේ. පොදු මිනිස්සු ඇසුරු කරන කෙනෙක් නෙවෙයි. පසුගිය දවසක බදුල්ලේ රැස්වීමක් තිබුණා.

සජිත් මහත්තයාගේ පළවෙනි රැස්වීම. මිනිස්සුන්ගේ අතින් අත අල්ලලා වේදිකාවට ගියා. වේදිකාවට ගිය ගමන් කළේ වතුර බෝතලයක් ඉල්ලගෙන වේදිකාව උඩම අත හෝදගත්තා. පොදු මිනිහෙක්ගේ අතින් ඇල්ලුවොත් වහාම අත හෝදගන්නවා. හැබැයි කතා කරන්නේ පොදු මිනිහා ගැනයි. මේ රටේ මිනිස්සුන්ට පහසුයි තෝරාගන්න.’

 



අදහස් (3)

සජිත් කියන්නේ සිහින ජනාධිපති කෙනෙක් බව ටිල්වින් කියයි

ලුම්බිණි Thursday, 03 October 2019 06:04 AM

සජිත් කියන්නේ සිහින ජනාධිපති කෙනෙක් නම් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ සැඟවුණු අමුත්තා නම් ඔය ගොල්ලන්ගේ එක්කෙනාට මොකද්ද කියන්නේ..?

:       0       101

JanaThursday, 03 October 2019 09:34 AM

ජෝකර්...

:       0       0

Jana Thursday, 03 October 2019 09:32 AM

අනේ මන්දා, තමන්ගේ පල්ලෙන් කුණු කාණුව ගලා යනවා. එහෙව් අස්සේ අනුන්ගේ පොකුණුවලට විරිත්තනවා. හැමදාම කළේ ඕක. ඊට පස්සේ ඡන්ද ලක්ෂයක් හමාරක් අරගෙන ආයෙත් පිළිකන්නකට රිංගලා දවසේ ගතමනාව හොයා ගන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site