
(නිමල කොඩිතුවක්කු)
ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කර එය ශක්තිමත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ නිවැරදි නිශ්චිත කාර්යක්ෂම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය ද අද වනවිට සුනාමියකට හසුව ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව බල ප්‍රදේශයේ නායයෑමට ලක් වූ ගම්මාන නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ඒකාබද්ධ ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කර එය මධ්‍යගතව ද ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බවත් මෙය වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව ආණ්ඩුවට උපදෙස් දෙන්ඩ යනවා. ළාමක ටින් ටින්ගේ මොලේ නම් හොන්දටම අවුල් වගේ...
ඔබතුමා ආපදා කළමනාකරණ ඇමති වුනොත් නරකද ?
අහෝ බලන්නත... කෝ මෙතුමාගේ බුද්ධි මහිමයේ තරම, ඊළගට පොල් ගස්වලට වගේ බෝගවලට කුරුමිණියෙක් බෝ වුනොත් ඒකට වෙනම කුරුමිනි කළමනාකරණ ඇමැති කෙනෙක් පත් කරන්න ඉල්ලයි. ඊළගට පාචනය කොළරාව වගේ වසංගතයක් පැතිරුනොත් වසංගත කළමනාකරණ අමාත්‍යාංශයක් ඉල්ලයි.. එක අතකින් මොලේ තරමට එපායැ විසදුම් දෙන්න, බැරි වෙලාවත් මෙයා ජනාධිපති උනා නම් එකසිය අටක් අමාත්‍යංශ හදලා දෙසීය විසිපහම ඇමතිවරු කරලයි නවතින්නේ...
හැම රෙද්දටම ඇමතිලා පත්කළේ ඒ කාලේ . මේ කාලේ මුළු ආණ්ඩුවම එකතු වෙලා ආපදා කළමනා කරණය කරන්නේ. කොහෙන් හරි බලන්නේ සුද්දයක් දෙන්න ක්‍රමයක් නේද?
සජිත්ගේ එකම පැතුම...
ඉස්සෙල්ලම තමන්ගෙ ආපදාව කලමනාකරණය කරගත්තනං නරකද?
මෙයා වැරදිලාවත් ජනපති වුණානම්, කැබිනට් එකේ ඇමතිලා ගොඩයි... ඩයිනමෝව කළමනාකරණ ඇමති, ජපන් භාෂාව කළමනාකරණ ඇමති, සනීපාරක්ෂක තුවා කළමනාකරණ ඇමති, හාල් මුදලාලිව කළමනාකරණ ඇමති...කැබිනට් රැස්වීම තියන්න වෙන්නේ ක්‍රීඩා පිට්ටනියක.
ඇයි ඇමති කමක්. කෙලින්ම ජනාධිපති කම ඉල්ලන්නකො. ඒකට කෙල හලන්නේ. නොදකින්.
දැන් ලෝකය ග්ලෝබල් වෝමින් සංසිද්ධිය නිසා පෙරට වඩා ස්වභාවික විපත්ති අත්විඳිනවා, එක නිසා ස්වභාවික විපත්ති සම්බන්ධයෙන් කාර්යාංශයක් හරි අවශ්‍යයි, ආණ්ඩුවේ මහා මොළකරුවන් එහෙම තිබුණු DMC ය අක්‍රිය කරලා වුන විනාසේ අමතක වෙලා වගේ සජිත් මහතාට උපදෙස් දෙනවා පක්ෂ කරන හැටි ගැන. ඔය උද්ධච්ච මානසිකත්වය නිසා මිනිස්සු 1000ක් නිකරුනේ මැරුණා
උස කෙනෙක්ද නැතිනම් කොට කෙනෙක්ද ඇමැති කමට සුදුසු...
එ කියන්නේ ලේකම් කෙනෙක්, පුද්ගලික ලේකම් කෙනෙක්, සහකාර ලේකම් කෙනෙක්, ආරක්ෂකයෝ, පෙරගමන් රථ, පසුගමන් රථ — එහෙමත් දෙන්න ඕනද?
සජිත් ඔබට විවේචනයකිරීම ලේසියි,ඔබ බලයේ සිටියදී ජනතාවට කළේ කුමක්ද? කතා කිරීම පහසු වන අතර ක්‍රියාත්මක කිරීම දුෂ්කරය.අනුරගේ නායකත්වයෙන් යුත් NPP රජය රටේ ආපදා කළමනාකරණ කරන ආකාරය ගැන ශ්‍රී ලංකාවේ ජනතාව ඉහලින්ම සතුටු වෙති.ඔබ කවදාවත් අපේ රටේ පාලකයා වෙයි කියලා ඇත්තටම අපි හිතන්නේ නැහැ.
කදේ පාළුවට ඔලුවක් ඇති සුජියා.
රටට සේවයක් කලා වුනත් මහන්තත්වයෙන් හිස උදුම්මාගෙන තමන්ට වඩා උගත් බුද්ධිමත් පිරිස් පක්ෂයෙන් නෙරපා පක්ෂයත් විනාශ කරගෙන අප්පා යන්නම ගියා පුතානෝත් අප්ප නිසා සලකාවි කියන විශ්වාශයෙන් ඇතිවූ උද්දච්ඡකම නිසාත් මෝඩයො 15 කගේ උපදෙස් පිළිපැදීමත් නිසා පක්ෂයත් විනාශකර යන්තම්වත් ලැබෙයි කියල විශ්වාසයක් තිබුනු අගමැතිකමත් නැතිකරගෙන අනුන්ට උපදෙස් දෙන්න ගියාම ඡන්දය දුන් අයට ලැජ්ජාවක් ඇතිවෙන්නෙ නැද්ද
පිස්සුද?
මෙයා කට අරින්න අරින්න එයාගේ සාමය තව තව හේදිලා යනවා.
ඕෆ් කරලා ලයික් වැස්සක් දාගෙන ගිහින් වගේ...