IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සක්‍රීය බැරකම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න සහය දෙන්න එපා

(නාලක සංජීව දහනායක)

සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සහය නොදක්වන ලෙස තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) පැවසීය.

ආණ්ඩුවට හිතුමතේ ණය ලබාගැනීමට හැකියාව ලැබෙන පරිදි මෙම පනත සම්මතවීම වඳුරන්ට දැළි පිහි ලැබීමක් වැනි ක්‍රියාවක් යැයි ද කීය. ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචිබොරැල්ල, වජිරාස්‍රමයේදී ඊයේ (20) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේද කීය.

සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත වෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට හිමිවී තිබෙන මූල්‍ය බලය මෙම පනතින් උදුරාගනු ලබනවා. 
අගමැතිවරයා ප්‍රමුඛ මූල්‍ය විෂයභාර අමාත්‍යවරුන්ට තමන්ට වාසිදායක විවිධ කොන්දේසි යටතේ දේශීය හා විදේශීය බැංකුවලින් මුදල්තොග වශයෙන් ගන්න අවස්ථාව ලැබෙනවා. රාජ්‍ය අයවැය ලේඛනයේ සමස්ත නොපියවූ ණයවලින් සියයට දහයක ණය ප්‍රමාණයක් මහ බැංකුවෙන්, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් පැවැතුණ ක්‍රමයෙන් එළියට ගැනීමයි.

මේ වනවිට අපේ රටේ නොපිය වූ ණය ප්‍රමාණය දළ වශයෙන් රුපියල් ටි්‍රලියන දහයකට වැඩියි. එයින් සියයට දහයක් කියන්නේ රුපියල් ටි්‍රලියන එකක් වෙනවා. පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ඒ සියයට දහයක මුදල
එළියට ගැනීමට අගමැතිවරයාට හැකියාව ලැබෙනවා. ඒ මුදල අරගෙන දේශීය හෝ විදේශීය පාර්ශව සමඟ කතා කර ලංකා ආණ්ඩුවට ණය මුදලක් ගැනීමට අගමැතිවරයාට හැකියාව ලැබෙනවා. මේ ආණ්ඩුව හිතුමතේ ණය
ගත්තත් ගෙවන්න වෙන්නේ දුප්පත් ජනතාවටයි.

මෙම පනත අනුව එසේ ණය ලබාගනු ලබන නිලධාරීන්ට විරුද්ධව කුමන ආකාරයකින්වත් සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක හරියට වඳුරන්ට දැළි පිහියක් දීම වැනි වැඩක්. මේ ආවරණය අර්ජුන් මහේන්ද්‍රන්ට තිබුණා නම් ඔහුට විරුද්ධව කිසිම චෝදනාවක් ඔප්පු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හොරකමක් කළ බවක් ප්‍රසිද්ධියේ ඔප්පු වුණාම කිසිම විළිලැජ්ජාවක් නැතුව අනාගතයේ සිදුවිය හැකි හොරකම්වලට නීතිමය ආවරණය ලබාදෙන්න යනවා. මේ පනත සම්මත වුණොත් සහගහනවා. මෙම පනත සම්මත වුණොත් පසුගිය වසරේ සම්මත වූ අයවැය ලේඛනය සම්පූර්ණයෙන්ම නිශ්ප්‍රභ වෙනවා. තත්ත්වය මෙහෙමනම් අයවැය ලේඛන ගේන්නේ මොකටද? රටට පාර්ලිමේන්තුවක් මොකටද? ඒ නිසා මෙම පනත
සම්මතවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා වහාම මැදිහත් විය යුතුයි. යම් හෙයකින් මෙම පනත සම්මතවීමට ජනාධිපතිවරයා ඉඩ දුන්නොත් කිසිවෙක්ට විසඳන්න බැරි දැවැන්ත අර්බුදයක්මේ රටේ නිර්මාණය වෙනවා. අපි මේ ගැන කතානායකවරයාගේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වෙනවා. 

බැඳුම්කර වංචාවේ ආවස්ථික අලාභය රුපියල් බිලියන දෙදහසක් බව අපි පාර්ලිමේන්තුවේ ඔප්පුකර පෙන්වා තිබෙනවා. රජයේ ණය කළමනාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවයි. රජයේ ණය කළමනාකරණය දේශපාලනඥයින්ට අයිති දෙයක් නෙවෙයි. මහ බැංකුව අගමැතිවරයා යටතට පවරාගෙන තමන්ගේ ගජමිතුරු සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කළා. බැඳුම්කර හොරකමින් අර්ජුන් මහේන්ද්‍රන් බේරාගැනීම සඳහා අගමැතිවරයා තමන්ට කළ
හැකි සෑම දෙයක්ම කළා. එය ඉතාම ප්‍රසිද්ධ රහසක්.

බැඳුම්කර වංචාවට ප්‍රධාන වරදකරු වූ අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගයකටවත් අවනත නොවන කෙනෙක්. මහ බැංකු අධිපති ධුරයට පත්වීම ඛේදවාචකයක්. මූල්‍ය ක්‍ෂේත්‍රයේ විශ්වාසය කඩවීම් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වුණාම වෙන රටක නම් විශ්වාසභංග යෝජනා එන්න කලින් අගමැතිවරයා ප්‍රමුඛ මුළු ආණ්ඩවම ඉල්ලා අස්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා මෙසේ පැවැසීය.

මුළු රටේම කෙසේ වෙතත් කොළඹ ගොඩ ගැහෙන කුණු ටිකවත් ඉවත් කරන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒ නිසා කොළඹ කුණු නිවාස ව්‍යාපෘතියක් මුවාවෙන් මුතුරාජවෙල අභයභූමියට බැහැර කිරීමේ උත්සාහයක් තිබෙනවා. එහි ලංකාවට ආවේණික දුර්ලභ පක්‍ෂීන් හා සංක්‍රමණික පක්‍ෂීන් රාශියක් ඉන්නවා. මෙය ඉතාම සංවේදී
පරිසර කලාපයක්. මේ පරිසර කලාපයේ අක්කර හාරසිය හයක් පස් පුරවන්න ගොවිජන සේවා දෙපාර්තමේන්තුව
අවසර ලබාදී තිබෙනවා. ඒ සඳහා රුපියල් ලක්‍ෂ තුන්සියයක මුදලක් ලබාගෙන තිබෙනවා. පස් වෙනුවට ඒ පරිසර කලාපයට කොළඹ කුණු පිරවීමේ උත්සාහයක් තිබෙනවා. මේ සිදුකරන්න යන්නේ දැවැන්ත පරිසර විනාශයක්. මේ ජාතික අපරාධය නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේ පරිසර විනාශයට එරෙහිව කරුණු දක්වන ගොවිජන සේවා නිලධාරීන් එළවමින් ගම්පහ දිස්ත්‍රික් ගොවිජනසේවා කොමසාරිස්තුමිය දුම්මලවරම අතට ගත්තු කපු නෝනා කෙනෙක්ගේ චරිතය රඟපානවා.
එමෙන්ම මේ වනවිට පාතාලය නැවත හිස ඔසවමින් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතා නිර්මාණය කළ සාමකාමී සමාජය උඩුයටිකුරු වෙමින් තිබෙනවා. පාතාලයේ ක්‍රියාකාරකම්  වර්ධනයවීම නිසා ආයෝජකයන් මෙරටට නොපැමිණෙන තත්ත්වයක් ඇතිවී තිබෙනවා යැයි ද පැවසීය.



අදහස් (2)

සක්‍රීය බැරකම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න සහය දෙන්න එපා

Rohana Wednesday, 21 March 2018 08:00 AM

ඔබ ආර්ථික විද්‍යාව හදාරපු කෙනෙක් වශයෙන් ඇයි මෙයට විරුද්ධ වන්නේ? රටේ මූල්‍ය විනයකට ඕනෑම පනතක්...

:       0       0

SIVA Wednesday, 21 March 2018 09:23 AM

බන්දුලගේ ක්‍රමවල් අහන්න කවුරුවත් නැහැ මොකද 2500/= ජීවත් වෙන්න පුළුවන් කියපු කෙනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site