IMG-LOGO

‘ශ්‍රීලනිපයට සහය දෙන්න ගත් තීන්දුවේ වෙනසක් නෑ’

(නාලක සංජීව දහනායක)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන්න තමන් ගත් තීන්දුව වෙනස් කිරීමට කිසිම අදහසක් නැතැයි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දූනේෂ් ගන්කන්ද මහතා අද (4) පැවැසීය.

දෙගිඩියාවකින් තොරව තමන් එම තීරණය ගත් බැවින් යළිත් එක්සත් ජාතික පක්‍ෂයට සහය පළ කිරීමට තමන්ගේ කිසිම අදහසක් නැතැයිද ඔහු කීය.

එහිදී ඔහු මෙසේද කීය.

මට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඓතිහාසික උරුමයක් තිබෙනවා. මගේ පියා ඒ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතාට සහය පළකරන්න මම පසුගිය වසරේ දී තීරණය කළා. ඒක කිසිම දෙගිඩියාවකින් තොරව ගත්තු තීරණයක්. ඒ නිසා මම මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී ක‍්‍රියාකරනවා. ඒ සඳහා මට රත්නපුර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන්ගෙන් උපරිම සහය ලැබෙනවා යැයිද ඔහු කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (4) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 



අදහස් (5)

‘ශ්‍රීලනිපයට සහය දෙන්න ගත් තීන්දුවේ වෙනසක් නෑ’

රොබට් පැළෑදගම Friday, 04 October 2019 12:01 PM

අපි මේ බලාගෙන ඉන්නේ කවදාද එන්නේ කියලා. ඔබේ පියා අපට කල උදව්වලට අපි තමුන්ට පසුගිය කාලයේ ඡන්දය දුන්නා. අපේ ඡන්දය පාවා දුන් නුඹට එක්සත් ජාතික පක්ෂයේ අයගේ කිසිම කැමැත්තක් නැහැ.

:       218       565

Chathuri Friday, 04 October 2019 04:07 PM

මුහුණ බැලුවම දන්නෙත් නැහැ. නමින් දන්නෙත් නැහැ. මේ වගේ අය තමයි පොහොට්ටුවේ ඉන්නේ... සමහරු ඉන්නවා නම කියනකොට හිනහ යන, බිය හිතට දැනෙන කට්ටිය මේ එන්නේ පවුල රැකගන්න මිසක් ජනතා සේවයටද? දැනටත් මොනවද කෙරුවේ...? මේ සැරේ ඡන්ද 100ක් ලැබුණොත් ඊළඟ පාරට ඡන්දෙ ඉල්ලන්නේ... මේ කට්ටියට දෙවියන්ගේම පිහිටයි.

:       152       123

amila Saturday, 05 October 2019 03:26 AM

තාත්තගේ නමත් ජරා කළ නොහැකියාවෙන් පිරි, බූරු පුතා

:       5       101

අබිලින්Sunday, 06 October 2019 06:56 AM

මන්ත්‍රීතුමා ඔබේ යාළුවගේ නහය සුව වෙලාද කියන්න

:       8       19

Thilak Tuesday, 08 October 2019 09:31 AM

මොනවද මෙයා රටට කරල තියෙන්නේ .තාත්ත නිසා තමයි පසුගිය වතාවේ දින්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 517 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 945 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site