IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ශ්‍රීලනිපය නොහිටින්න එජාපය රට අවුල් කරනවා

(ජයන්ත සමරකෝන්)

ආණ්ඩුවෙන් එළියට ආ ශ්‍රීලනිප කැබිනට් ඇමැතිවරුන් කණ්ඩායම නොසිටින්නට අග්‍රාමාත්‍යවරයා ඇතුළු එ.ජා.ප. කණ්ඩායම ගෙනා රටට අහිතකර පනත් කෙටුම්පත් ගණනාවක්ම අනුමත කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.බී. දිසානායක මහතා ඊයේ (31) පැවසීය.

 සමලිංගික විවාහ පිළිබඳ පනත් කෙටුම්පත ඇතුළු භයානක අණපනත් ගණනාවක්ම මේ අතර වන බවද මේ සම්බන්ධයෙන් එජාපයට එරෙහිව ජනාධිපතිවරයා පෙරේදා (30) කළ ප්‍රකාශය මුළුමනින්ම අනුමත කරන බවද පුංචිබොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ  පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ පක්‍ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

 ජවිපෙ ගෙනා 20 වැනි සංශෝධනය මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායමේ මතය ප්‍රකාශ කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

 අපේ කණ්ඩායමේ 16 දෙනා ආණ්ඩුවෙන් එළියට ආවේ අපේම ආණ්ඩුවක් පිහිටුවීම සඳහායි. 
ඒ සඳහා  පක්‍ෂයේ අනුශාසක, හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු වමේ සියලුම පක්‍ෂ නායකයන් සමග අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

 පසුගියදා එවැනි ඵලදායි සාකච්ඡාවක් සිදුකිරීමට හැකිවුණා. 
අපේ 16 දෙනාට ඒකාබද්ධ විපක්‍ෂය හා කටයුතු කිරීමට එතුමාගේ උපදෙස් ලැබී තිබෙනවා.
එජාප විරෝධී සියලු බලවේග මේ සඳහා ඒකරාශි කරගැනීම අපේ අරමුණයි.

 ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඉතිරි 23 දෙනාත් පක්‍ෂයට ගැනීමට  හැකි සෑම උත්සාහයක්ම දරනවා. එයින් 7-8ක පිරිසක් හැර අනෙකුත් කණ්ඩායම මේ පැත්තට එවි කියා විශ්වාස කරනවා.

ජාතික රජය සමඟ ඉඳීම සහමුලින්ම අවසන් කරන බව හිටපු ජනාධිපතිවරයාට අප එහිදී කිව්වා. එය ඉක්මනින්ම සිදුවිය යුතු බව එතුමාගේද අදහස වුණා.

 ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අපේ කණ්ඩායමට විවිධ අවලාද නැඟීම, අවමන් කිරීම, ගැනත් එතුමා අවධානය යොමුකර ඒ අයට අවවාද කර තිබෙනවා.

 මේ වනවිට අපේ කණ්ඩායම ටී.එන්.ඒ. පක්‍ෂයේ සම්පන්දන්  මහතාද  හමුවී තිබෙනවා.
 ප්‍රබල ශක්තිමත් පක්‍ෂයක් විදියට එතුමා ශ්‍රීලනිපයට විශාල ඇල්මක් තියෙන නායකයෙක්. 60 දශකගේ සිටම ඒ බව එතුමා පෙන්වාදී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපය සමග තම බලාපොරොත්තු ඉටු කරගන්නට බැරි බවත් එම පක්‍ෂය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත් සම්පන්දන් මහතා අපට පැවසුවා.
 ඉදිරියේදී අප කණ්ඩායම නැවතත් වමේ පක්‍ෂ නායකයන් සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

 ජවිපෙ ගෙනා 20 වැනි සංශෝධනය අප මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා. අප ඊට එකඟ නැහැ. වෙන කාගේ හරි වුවමනාවකටයි ජවිපෙය මෙය ගෙනැවිත් තිබෙන්නේ. මේ අවස්ථාවේ  එය ගෙන ඒම කිසිසේත් අවශ්‍ය දෙයක් නොවෙයි. විධායක බලතල සහිත ජනාධිපතිවරයකු රටේ සිටිය යුතුයි. මේ වනවිට ජනාධිපතිවරයා ශ්‍රීලනිප ප්‍රතිසංවිධානයක් ආරම්භ කර තිබෙනවා.

 ලබන 3 වැනිදා සිදුකෙරෙන මෙම ප්‍රතිසංවිධානයේදී ආණ්ඩුවේ සිටින හා නොසිටින  ශ්‍රීලනිප සියලුම දෙනාගේ අදහස් යෝජනා ලබාගත යුතුයි.

තාවකාලික නිලධාරි මණ්ඩලයක් එහිදී පත් කෙරෙනවා. එදින පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සම්මුති ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්විය යුතුයි යන යෝජනාව එදාට  නැවතත් ගෙනඑනවා.

 පෙරේදා (30) ජනාධිපතිවරයා කළ කතාවේදී එජාපයට බරපතළ චෝදනා රැසක්ම එල්ල වුණා.

 ඒ සියලුම චෝදනා අපි අනුමත කරනවා. රටේ සියලුම ගිණුම් පෞද්ගලික බැංකුවල පවත්වාගෙන යෑමේ කැබිනට් යෝජනාව අනුමත වුණා නම් රජයේ සියලුම බැංකු බංකොලොත් වෙනවා. මේ දේ වළක්වා ගන්නට පුළුවන් වුණේ ජනාධිපතිවරයා ගත්  තීන්දු තීරණ නිසයි. අපේ කණ්ඩායමද මෙම යෝජනාවට දැඩි ලෙස විරුද්ධ වුණා.

 එජාපයට මෙම පනත් කෙටුම්පත ඉවත්කර ගැනීමට සිදුවුණා. මේ පනත් කෙටුම්පත අනුමත කර ගැනීමට අගමැතිවරයා දැඩි උත්සාහයක් ගත්තා. එක පැත්තකින් මෙම පනත් ප්‍රතික්‍ෂේප කරනවිට අනිත්  පැත්තෙන් නැවතත් ගෙනඑනවා. ඒකත් ප්‍රතික්‍ෂේප කරනවිට අයිත් වෙනත් පැත්තකින් දානවා. යටින් ගේනවා. 

සමලිංගික විවාහ යෝජනාව ආවේත් ඒ විදියටයි. මේක පිළිකුල් සහගත යෝජනාවක්. මේ පනත් කෙටුම්පත අපි ප්‍රතික්‍ෂේප කළත් අගමැතිවරයා එය ඉවත්කර ගැනීමට සූදානම් වුණේ නැහැ. ජනාධිපතිවරයා ඇතුළු අපේ කණ්ඩායමේ දැඩි ස්ථාවරය මත අවසානයේ සමලිංගික විවාහ නීතිගත කිරීමේ මෙම පනත්  කෙටුම්පත ඔවුන්ට අකුළා ගැනීමට සිදුවුණා.

පසුගිය කාලයේ එජාපය ඉදිරිපත් කළ රටට අහිතකර පනත් රැසක්ම ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ගෙනෙන්නට බැරිවුණා.

එදා ජනාධිපතිවරයා හෙළිකළේ මේවායේ ඇත්ත තත්ත්වයයි.

ශ්‍රීලනිප 16 කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වූයේ ඇයි යන්න ඉදිරියේදී වරින්වර අප රටට හෙළිකරනවා.
 පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

ජවිපෙ  ගෙනා 20 වෙනි සංශෝධනයට ශ්‍රීලනිපය හැටියට අපි විරුද්ධයි.විධායක ජනාධිපතික්‍රමය ජාතික සමගිය හා රටේ භෞමික අඛණ්ඩතාව  ආරක්‍ෂා කිරීමට ප්‍රධානතම බලයක්. මෙරට ජනාධිපතිවරයා පත්වන්නේ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීවයි. සියලුම ජනකොටස්වලට ඒ සඳහා අවස්ථාව ලැබෙනවා. රටේ සේනාධිනායකයා වන්නේ ජනාධිපතිවරයායි. ජාතික ආරක්‍ෂාව පිළිබඳ වගකීම ඇත්තේත් ඔහුටයි.

 අපේ කණ්ඩායමේ 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වූයේ එජාප විරෝධී බලවේගයක් ගොඩනැගීමටයි. එජාප විරෝධී කණ්ඩායම් සමග සන්ධානගත වීමේ වැඩපිළිවෙළ අප දැනට ආරම්භ කර තිබෙනවා.

 ටී.එන්.ඒ. සංවිධානයේ නායක විපක්‍ෂනායක සම්පන්දන් මහතා සමගත් අපි  සාකච්ඡා කළා. ඔහු කීවේ පක්‍ෂයක් හැටියට එජාපයේ අතකොලුවක් වීමට සූදානම් නැති බවයි. 

ලබන  3 වැනිදා පැවැත්වෙන පක්‍ෂ ප්‍රතිසංවිධායක වැඩපිළිවෙළ යටතේ රටේ පිළිගත් බුද්ධිමත් කණ්ඩායමකට පක්‍ෂයේ ඉදිරි කටයුතු කිරීමට අවස්ථාවක් ලැබෙයි. අපි 16 දෙනා  එක කණ්ඩායමක් හැටියට විපක්‍ෂයේ කාර්යභාරය ඉටුකරනවා.

විපක්‍ෂයක් සිටින්නේ ආණ්ඩු හුරතල් කරන්නට නොවෙයි. ආණ්ඩුවට ඕනෑ හැටියට රට කරන්නට නොවෙයි. විපක්ෂයේ කාර්යභාරය ඉටුකරමින් ජනතාවාදී අපේම ආණ්ඩුවක් බිහිකිරීම අපේ බලාපොරොත්තුවයි. 
පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

  වත්මන් ජනාධිපතිවරයා පත්වුණාට පසු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. එහිදී අපි ඡන්දය දුන්නේ පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන සංශෝධනයක් ගෙන ඒමටයි.

ඒ වනවිට මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් බවට පත්වී කතා බහ ආරම්භ වී  තිබුණා.
 අද අපි කනගාටුවෙනවා 19 ට අත ඉස්සීම ගැන. මෙමගින් අද ජනාධිපති බලතල අඩුවෙලා.
මේ තුළින් අගමැතිවරයා ඉවත් කිරීමට හෝ ඔහුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට අද නොහැකිවී තිබෙනවා. ඔහු ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ 113ක් තිබිය යුතුයි.

 එවන් අවස්ථාවක ජවිපෙය 20 වැනි සංශෝධනය ගෙනෙන්නේ ජනාධිපති වන්නට බැරි පුද්ගලයෙකුට අගමැතිවරයා හරහා බලතල දෙන්නටයි.

මේක කොන්ත්‍රාත්තුවක්. කාගේ වුවමනාවට ගෙනත් තියෙනවාද කියා සිතා ගැනීමට අපහසු නැහැ. මෙම සංශෝධනයට අපි විරුද්ධයි. රටේ මහා සංඝයා වහන්සේලා, කාදිනල් තුමා, මනෝ ගනේෂන් ඇමැතිවරයා ඇතුළු ආගමික නායකයින් මෙන්ම පක්‍ෂ දේශපාලනඥයින් රැසක්ම ඊට විශාල විරෝධයක් දක්වනවා. 

මේකට උදව් කිරීමට අපි සූදානම් නැහැ.

 අපි ආණ්ඩුවෙන් එළියට ආ එක ගැන රටේ ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කර තිබෙනවා.
 එහි පළමුවැන්න පසුගියදා මාතරින් ආරම්භ කළා. අපේ ආණ්ඩුවක් හැදීම සඳහා ගෙනයන මෙම සම්මන්ත්‍රණ මාලාවේ දෙවැන්න ලබන 16 වැනිදා මාතලේ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙනවා.

 සම්මන්ත්‍රණමාලාව අවසානයේ සියලුම එජාප විරෝධී කොටස් සමග අප ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වනවා. 
 ඒ අනුව මේ 118 දෙනා කවුද කියා රටට හෙළි කිරීමට අප සූදානම්. අපේ ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා සූදානම්. පක්‍ෂයෙන් ඉදිරිපත් කරන නායකයා පමණක් නොව ලකුණද සූදානම්.

 



අදහස් (8)

ශ්‍රීලනිපය නොහිටින්න එජාපය රට අවුල් කරනවා

Perera Friday, 01 June 2018 08:44 PM

මේ පක්ෂ දෙකයි අනිත් සුළු පක්ෂ වල අයයි ඒ අයගේ පංගු වාසියට කරන්නේ රට අවුලෙන් අවුලට ඇදගෙන යන එකනේ.

:       24       14

faizer Saturday, 02 June 2018 09:23 AM

කාට කියන්නද මේ දුක..

:       0       7

Nissanka Sunday, 03 June 2018 03:37 AM

අවරුදු 70 තිස්සේ දෙගොල්ලන්ම එකතු වෙලා තමයි රට අවුල් කලේ.

:       0       2

kalani Sunday, 03 June 2018 10:17 AM

ඔබ රජයේ සිටියදීත් එජාපය රට අවුල් කලානම් ඇයි දෙවියනේ! එලියට ආවේ. ඇතුලෙම ඉඳන් සටන් කරන්න එපාය. සුළඟ හමන අත ඔබට ඉවෙන් දැනෙනවා නේද?

:       9       16

prakaash Sunday, 03 June 2018 10:37 PM

ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.

:       0       6

Saman Monday, 04 June 2018 03:24 AM

අයියෝ, ඔය පනත් දෙක හින්දද රට අවුල් වුනේ ?

:       6       5

deena Monday, 04 June 2018 05:21 AM

මහත්තයෝ පුලුවන්නම් එකේ කියන්න ? ලබන ආණ්ඩුවේත් ඔබතුමා විපක්ෂයේ.

:       6       7

deena Monday, 04 June 2018 05:22 AM

මහත්තයෝ පුලුවන්නම් එක පනතක් කියන්න ? ලබන ආණ්ඩුවේත් ඔබතුමා විපක්ෂයේ.

:       9       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 819 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 945 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1199 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7420 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 895 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site