IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂක කවුරුන් වූවත් පොහොට්ටුවේ සාකච්ඡාවලට එය බාධාවක් නොවේ’

(නාලක සංජීව දහනායක)
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡාවලට බාධාවක් නොවන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (6) පැවැසීය.
 
සාකච්ඡා සම්බන්ධයෙන් පක්‍ෂ දෙකම තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැති බැවින් තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
 
ඔහු එහිදී මෙසේද කීය.
 
“ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැයි කිව්වා නම් ඒ පක්‍ෂය එතනින්ම ඉවරයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ කළේ කළ යුතුව තිබූ කාර්යයක්. මම හිටියනම් මමත් මේ උපදෙස්ම දෙනවා.
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙම තීරණය පොහොට්ටුව සමඟ පවත්වන සාකච්ඡාවලට බාධාවක් නෙමෙයි. ඒ සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තුවනවා. නැවත එක්සත් ජාතික පක්‍ෂයේ කොළපාට සෙවණැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැටෙන්න ජනාධිපතිතුමා ඉඩ නොතබන බව විශ්වාසයි” යැයිද වික්‍ෂනායකවරයා කීය.
 
බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ අද (6) පැවැති යුක්තියට හ`ඩක් සංවිධානයේ මහ සමුළුව අවසන්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්‍ෂනායකවරයා මේ බව කීය.
 
(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (4)

‘ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂක කවුරුන් වූවත් පොහොට්ටුවේ සාකච්ඡාවලට එය බාධාවක් නොවේ’

Chanak los angeles Friday, 06 September 2019 05:18 PM

මුළු ශරීරයේම බල තණ්හාව පිරිලා.. සාටකයන් දේශපාලන බිමෙන් තුරන්ම වෙන්නේ මේ වතාවෙයි.

:       128       140

Chanak los angeles Saturday, 07 September 2019 12:23 AM

අපේක්ෂක එක්කෙනෙක් නමුත් යන යන තැන්වල උස් පුටුවල වාඩිවෙවී කැපී පෙනිමින් තප්පුලන්නේ වෙන කෙනෙක් .අපිට වැටහෙන්නේ මල්ලිව පඹයට තියාගෙන මමයි රජාට අඳිනවා කියලයි . අතින් බලය ගිලිහුනොත් නාමල් කුමාරයාව රජකමට උස්සලා තියන්න බැරි වෙනවානේ .

:       68       74

Rata Perata Sunday, 08 September 2019 07:36 AM

කට ඇරියොත් බලය ගන්න හැටි තමයි කියවන්නේ. දිව ඔහේ නැමෙනවා, කිසිම ප්‍රතිපත්තියක් නෑ. අපේ වහල්ලුත් පස්සෙන් යනවා...

:       23       70

Chanak los angelesSunday, 08 September 2019 10:35 PM

නැතිනම් ඉතින් මොන මනුස්සයාද ජනපති පදවියක් දැරුවට පසුව ඊට පහල තනතුරු බදාගන්නෙ ? තන්හාව ඇටමිදුළු අස්සටම රිංගලා . ලොවටම එක්කෙනයි මෙහෙම ඉඳලා තිබෙන්නේ .

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site