IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ශ්‍රී ලංකාව ණය කරන වාණිජ ණය අපි ගන්නේ නැහැ‘- පාඨලී

(මුදිතා දයානන්ද)
               

අපි රට ණය කරන වාණිජ ණය ගන්නේ නැහැ. මාළඹේ කොටුව සැහැල්ලූ දුම්රිය මාර්ගය ඉදිකිරිමට ජයිකා ආයතනයෙන් ණය ගනු ලබන්නේ 0.1% පොලියක් මත යැයිද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (29) පැවසීය.
               

රණවක මහතා මේ බව සඳහන් කළේ මාළඹේ- කොටුව සැහැල්ලූ දුම්රිය මාර්ගය ඉදිකිරිමේ ශක්‍යතා වාර්තාව ජයිකා ආයතනයේ ප‍්‍රධාන නියෝජිත උසාකෝ තනාකා මහතා විසින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. 

මෙහිදි සැහැල්ලූ දුම්රිය මාර්ග ඉදිකිරිමේ ව්‍යාපෘතියට අදාල වෙබි අඩවිය විවෘත කිරීමද අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා අතින් සිදුකෙරුණ අතර අඅඅගජකරගකන ඔස්සේ  ඕනෑම කෙනෙකුට එහි තොරතුරු ලබාගත හැකිය.
               

කොළඹට පිවිසෙන ප‍්‍රධාන මහාමාර්ග අතරින් වැඩිම වාහන ප‍්‍රමාණයක් ගන්නා මාර්ගය ලෙස හඳුනාගෙන තිබෙන කඩුවෙල කොටුව මාර්ගයෙන් කොළඹට පැමිණෙන වාහන ප‍්‍රමාණය අවම කිරිම හා මිනිස් ශ‍්‍රම කාලය අපතේ යාම අවම කිරිම ඇතුලූ අරමුණ රැසක් ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතිය 2020දී වැඩ ආරම්භ කර 2024 දී ජනතා අයිතියට පැවරීමට අමාත්‍යංශය බලාපොරොත්තු වේ. 


මෙම දුම්රිය ගමනාන්තයට ගත කරන කාලය මිනිත්තු තිහක් වන අතර එක නැවතුම්පොළකට ගතකරන කාලය තත්පර තිහකි. ගමනාන්තය දක්වා දුර කිලෝමීටර 16ක් වන අතර නැවතුම් පොළ 16ක්ද ඉදිකෙරේ. කාර්යාල සංකීර්ණ පවතින ස්ථාන ආශ‍්‍රිතව පවතින නැවතුම්පොළවල සිට අදාල ආයතන පරිශ‍්‍රය ආසන්නයටම දුම්රිය මාර්ගයට සමාන්තරව ඉහළින් පදික මාවතක්ද ඉදිකෙරේ. 
               

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද පැවසීය.


අපි කිසිම ව්‍යාපෘතියක් රට ණය බරෙන් මිරිකෙන සේ සිදුකරන්නේ නැහැ. මේ දුම්රිය මාර්ගය හා සමානව තවත් මාර්ග තුනක් ඉදිකිරිමට අපි සැලසුම් කර තිබෙනවා. ඒවා සියල්ල රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස තමයි ක‍්‍රියාත්මක කරන්නේ.

රට සංවර්ධනය සඳහා කියලා චීනෙන් ණය අරන් තමන්ගේ පෞද්ගලික මැතිවරණ ව්‍යාපාරවලට යොදවා සමහරු රට ණය කළා. ඒ ගැනත් ඉදිරියේදී පරික්ෂන ක‍්‍රියාත්මක වෙනවා.
               

මෙම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ හා ජයිකා ආයතනයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප - ඉෂාන් සංජිව

 



අදහස් (2)

‘ශ්‍රී ලංකාව ණය කරන වාණිජ ණය අපි ගන්නේ නැහැ‘- පාඨලී

Mo77 Friday, 29 June 2018 02:04 PM

කොපමණ අධ්‍යයනයන් මේ ව්‍යාපෘතිය සඳහා සිදුකර තිබේද?

:       0       0

senarath Friday, 29 June 2018 06:24 PM

ණයක් නොවී ණයගන්න අලුත් ක්‍රමයක් සොයාගෙන වෙන්න ඇති. එහෙම ණය අරගනිපු නිසා වෙන්න ඇති 2015 දී රුපියල් 133 ට තිබුණු ඩොලරය අද රුපියල් 161 ක් වුනේ... ණය ගත්තට කමක් නැහැ. ඒ මුදලෙන් රටට වැඩදායක දෙයක් කරනවා නම්.... දැන් කෙරෙන කිසිම දෙයක් නැහැ. එ්ත් ණය කන්ද හිටු කියලා වැඩිවෙනවා. ඇමතිලා සැපවිඳිනවා. දුප්පත් මිනිහට එක වේලක් කන්නත් බැහැ. ඇමැතිලා බලාගෙන ඉන්නේ තමන්ට ගාණ කපාගන්නේ කොහොමද කියලා.

:       27       97

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site