IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘විශ්වාසභංගයත් සමඟ රට ව්‍යාකූල වෙලා‘- මහින්ද අමරවීර

( පුෂ්පකුමාර මල්ලවආරච්චි)


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේදී රට හා ජනතාව බලාපොරොත්තු වෙන, දේශපාලනයට වඩා රට ගැන හිතන, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නොබෙදෙන ආකාරයේ තීන්දුවක් ගැනීම සදහා සාකච්ඡා කරන බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්, ධීවර ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද( 28 ) දහවල් දිවුලපිටියේදී පැවසීය.

අමරවීර මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් ලක්ෂ 550 ක වියදමින් ඉදිකරනු ලැබු  දිවුලපිටිය නව බස් නැවතුම්පල විවෘත කිරීමේ අවස්තාවේදී අදහස් දක්වමිනි.

වැඩිදුර අදහස් දැක්වු අමරවීර මහතා මෙසේද කීය.

අද බොහෝ දෙනෙක් අහන්නේ විශ්වාස භංගෙකුත් එනවා. මොකක්ද වෙලා තියෙන්නේ කියලයි. අද මේ දවස්වල රටේ ව්‍යාකූල තත්ත්වයකුත් ඇති වෙලා. මැතිවරණයෙන් හා විශ්වාස භංගයෙන් පසුව රටේ පසුබෑමක් ඇතිවෙලා තියෙන බව අපිට පිළිගන්න වෙනවා. මෙහෙම දිගට යන්න පුළුවන් කමක් නැහැ. 

අපි අද පක්ෂයක් විදියට මේ විශ්වාස භංගය පිළිඳව කුමන ආකාරයේ තීන්දුවක් ගන්නවාද කියා අපි සාකච්ඡා කරගෙන යනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බෙදෙන තීන්දුවක් ගන්න අපි බලාපොරෙත්තු වෙන්නේ නැහැ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක තීන්දුවකට යන්න තමයි අපේ උත්සාහය තියෙන්නේ. ඒ පිළිබදව මතයක් සංධානයේ ලේකම්වරයා විදියට මම ඉදිරිපත් කරන එක වැරදියි. 

පක්ෂය සාකච්ඡා කරලා රටට හොද තීන්දුවක් ජනතාවට බලාපොරොත්තුවෙන තීන්දුවක් අපි ගන්නයි බලාපොරෙත්තු වෙන්නේ. අපට පක්ෂයටද දේශපාලනයට වඩා රට ගැන හිතන්න අපිට යුතුකමක් තිබෙනවා. මේ රට ඉස්සරහට ගෙනයාමේ වගකීම අපිට පැවරිලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව බොහෝ කල්පනා කරලා මේ තීන්දු ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන්නේ. 

මේ තියෙන අස්ථාවරභාවය මේ තියෙන තත්ත්වය රටට එතරම් හිතකර වෙන්නේ නැහැ. අද තිබෙන තත්ත්වය තුළ ආයෝජන කරන්න ඉන්න අය පසුගාමී වෙනවා. ඒ වගේම රටේ ඉදිරි කටයුතුවලට බාධාවක් වෙනවා. මේ තත්ත්වය විසඳා  හතර වැනිදායින් පස්සේ රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වෙන තීන්දු ගැනීමත් වැදගත් වෙනවා. 

මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිතුමා හැම වෙලාවෙම කටයුතු කරන්නේ මේ රට මූලික කරගෙන කටයුතු කරන්නයි. රටට ආදරය කරන නායකයෙක් විදියට වංචාවට දූෂණයට විරුද්ධ නායකයෙක් විදියට අද මේ මුළු රටට මෙන්ම ලෝකයම පිළිගන්නවා.



අදහස් (2)

‘විශ්වාසභංගයත් සමඟ රට ව්‍යාකූල වෙලා‘- මහින්ද අමරවීර

Raveendra Wednesday, 28 March 2018 11:01 AM

මේයා හිතාගෙන ඉන්නේ විශ්වාසභංගය ද මොකක්ද ගෙන්න ඉස්සෙල්ල රට සුරපුරයක් වෙලා තිබුනවා වගේ ? මේ අපේ මහජන සේවකයෙක් නේද මෙසේ කියන්නේ ?

:       1       150

Saththaya Friday, 30 March 2018 07:18 AM

ඒකට වගකියන්න ඕන නායක තුමාව නොමග යැව්ව , ගිය ආණ්ඩුවේ ඉඳල දැන් මේ පැත්තට වෙලා සුර සැප විදින අය. ගිය වකවානුවෙත් මේ කට්ටිය කලේ මල්ල පුරෝ ගත්තු එක විතරය්. දැන් ලනු දුන්න ආණ්ඩු බලය අල්ලන්න . ඒක කාගේවත් කොන්ත්‍රාත් එකක්. පොදු අපේක්ෂකයාට චන්දය දුන් අය සහ බල පෙරළියට උදව් දුන් අය අනාත්යි රටත් අනාතය. ආණ්ඩු දෙකක් තියෙද්දී රට ව්‍යාකූල වෙන්නේ නැද්ද?

:       0       286

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site