IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


විශ්වාසභංගය පැරදවීමට කිසිවකුත් නොසිතන බලවේග එ.ජා. පෙරමුණ හා අත්වැල් බැඳ ගන්නවා

(අංජුල මහික වීරරත්න)

විශ්වාසභංගය පරාජය කිරීම සඳහා අප්‍රේල් 04 වැනිදා වන විට කිසිවකුත් නොසිතන බලවේග එක්සත් ජාතික පෙරමුණ සමඟ අත්වැල් බැඳ ගැනීමට සූදානමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී ඊයේ (2) පැවැසීය. 

“ආණ්ඩුවේ සිටි ජනවරමක් නැතිව ඇමැතිකම් දරමින් කුමන්ත්‍රණ කරන අයට විරුද්ධව සැබෑ යහපාලන බලවේග මේ වනවිට පෙළ ගැසී සිටිතැයි” ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ - සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීවේය. 

“රටේ අගමැතිට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ විශ්වාසභංගය ගේන්නේ කවුද? 2015 ජනවරමට විරුද්ධව කුමන්ත්‍රණ කළ අයයි. 2015 ජයග්‍රහණයට විරුද්ධව වැඩ කළ අයයි.

2015 ජනවරම සමඟ සිටි සැමට විශ්වාස භංගයට එරෙහි වීමට යුතුකමක් තිබෙනවා. 2015 ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකිවනු ඇතැයි බොහෝ අය පැවැසුවා. බොහෝ අය කුමන්ත්‍රණය කළා. අද මාධ්‍යයට ඇවිත් ලොකු කතා කියන ඔක්කොම එදා වත්මන් ජනපති පත් කරන්න අප ගෙනගිය බලවේගයට විරුද්ධ වූ අයයි. ඔවුන් අද ජන බලයක් නැතිව ජාතික ලැයිස්තුවෙන් ඇවිත් වෛර පිරිමහගන්න පාරක් හොයනවා.

ලෝකයේ දුර්වල නායකයන්ට කිසි දිනෙක විශ්වාසභංග ඉදිරිපත් වී නැහැ. ආණ්ඩුව පරාජයට පත් කර මේ කල්ලියට බලයට එන්න හැකි මඟක් දැන් සොයමින් සිටිනවා. අප 2015 ජනවරම කිසි විටක නැවත හරවන්න ඉඩ තියන්නෙ නැහැ. සියලුම බලවේග ඒකරාශී කරගෙන අප විශ්වාසභංගය පරාජය කරනවා. 

අප්‍රේල් 4 වැනිදා විශ්වාසභංගයේ පරාජයත් සමඟ 2020 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ සටන ආරම්භ කරනවා. එය කෙළවර කරන්නේ ජයග්‍රහණයෙන් බව අප අවධාරණය කරනවා. විශ්වාසභංග ගෙනෙන උදවියගේ ඡන්ද සංයුතිය පරීක්‍ෂා කළ යුතුයි. 2015 දී මහින්ද රාජපක්‍ෂ ඡන්ද ලක්ෂ 57ක් ගත්තා. පළාත් පාලන මැතිවරණයේදී පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණය වැඩි වූවත් ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 49 දක්වා අඩු වුණා සියයට 45ක්වත් ඔවුන්ට ගන්න බැරි වුණා.

මේ කල්ලිය කොපමණ උදම් ඇනුවත් ඔවුන්ගෙ ඡන්ද පදනම කඩා වැටිලා. අප පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පසුබෑමක් ලැබූ බව කිව යුතුයි. නමුත් අපේ ඡන්ද පදනම ආරක්‍ෂා කර ගත්තා.

අප ජනතාව දුන් සංඥාව තේරුම්ගෙන ඉදිරියට යා යුතුයි. 2020 ජනාධිපතිවරණයේදී ස්ථිර ලෙසම සියයට 50 ඉක්මවා ඡන්ද ගැනීමට නොහැකි බව මහින්ද කල්ලිය හොඳින්ම තේරුම්ගෙන සිටිනවා.

විශ්වාසභංගය පැරදවීමට අප සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන අවසානයි. නියත වශයෙන්ම විශ්වාසභංගය පරාජය කිරීමට හැකියාව අපට තිබෙනවා එහි කිසිම සැකයක් නැහැ.

අප්‍රේල් 4 වැනිදා වන විට කිසිවකු නොසිතන බලවේග විශ්වාසභංගය පරාජය කිරීම සඳහා අප සමඟ අත්වැල් බැඳ ගන්න සූදානමින් සිටිනවා.

ආණ්ඩුවේ සිටිමින් ජනවරමක් නැතිව ඇමැතිකම් දරමින් කුමන්ත්‍රණ කරන අයගේ සටනට විරුද්ධව අප පෙළ ගැසෙනවා.

සියලුම දෙනා ජනවරමක් රැගෙන පැමිණි අයයි. අද මාධ්‍ය සාකච්ඡා පවත්වමින්, කෑ ගසන්නේ ජනවරමක් නැති අයයි. පදනමක් නැති පිරිස අද කුමන්ත්‍රණ කර එක්සත් ජාතික පක්‍ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිහිටෙන් ඉදිරි දේශපාලන ගමන තහවුරු කර ගැනීමට උත්සාහ කරනවා.

මේ වනවිට අප ඉතා ශක්තිමත්ව ඉන්නවා. අපේ පක්‍ෂයේ ඇතුළේ අයත් පසුගිය දිනවල විවිධ මත පළ කළා. මේ වනවිට ඒ සියලුම දෙනා විශ්වාසභංගය පරාජය කිරීම සඳහා අත්වැල් බැඳ සිටිනවා. මේ කුමන්ත්‍රණ කරන අයට අප්‍රේල් 04 වැනිදා අප හොඳ පාඩමක් උගන්වනවා.

ජනතාව ජයග්‍රහණය කරන 2020 සටන අප මෙතැන් සිට ආරම්භ කරනවා.

විශ්වාසභංගය ගෙනැවිත් තිබෙන්නේ බැඳුම්කරයක් ඉදිරියට දමා ගෙනයි. මහ බැංකු අධිපති පත් කිරීමේ වරදක් නැති බව බැඳුම්කර කොමිසම කිව්වා. අධිපතිගේ භාවිතාව ගැන පවතින ගැටලුවලට නීති පියවර ගත්තා. ඊටත් එහා ගිය 2015 ට පෙර වූ සිද්ධිවලට සම්බන්ධ අය විශ්වාසභංග ගේන්න මූලිකවීම සැබෑම විහිළුවක් බව කිව යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-

“2005 සිට 2015 දක්වා රටේ අගමැතිලා හිටියාද? අද සක්‍රීය අගමැතිවරයකු ඉන්නවා. කාර්යශූර අගමැතිට විරුද්ධව විශ්වාසභංග ගෙනැවිත් තියෙනවා.

බැඳුම්කර මඟඩියට වුනේ කුමක්ද? අගමැති වරදකරු කියා කොතැනකවත් සඳහන්වී නැහැ. ජනපති කොමිසමෙන්ම එය ඔප්පුකර තිබෙනවා.

බැඳුම්කර කොමිසම ඉදිරියට ගෙන ඇත්තේ පටු දේශපාලන වාසි ගන්නයි. 2008 සිට විශ්වාසභංග ගේන්න තිබුණා. එජාපයේ සියලුම දෙනා අද එක හිතින් පෙළ ගැසී සිටිනවා.

ශ්‍රීලනිපයේ අය ගැන අපට සැකයක් තියෙනවා. අද ජනාධිපති නායකත්වය දෙන පක්‍ෂය බරපතළ ලෙස කඩාවැටිලා. 2020 දී පාර්ලිමේන්තුවට එන්නේ කෙසේද යන්න ඔවුන්ගේ බරපතළම ගැටලුවයි.

පිරිසක් මහින්දගේ ඇඟේ එල්ලෙන්න හදනවා. තවත් සමහරුන් එජාපයට එන්න හදනවා. අපේ ළඟට එන අය ආදරෙන් පිළිගන්නවා. අප කුහක ලෙස හැසිරෙන්නේ නැහැ. අපේ රැහේ ප්‍රශ්න අපේ රැහැට විසඳන්න පුළුවනි.අභ්‍යන්තර සාකච්ඡා යනවා. ලබන 8 - 9 සාකච්ඡා කර පක්‍ෂයේ දැවැන්ත වෙනස වෙනවා.

විශ්වාසභංගය නිසා ආණ්ඩුව මෙන්ම පක්‍ෂයත් ශක්තිමත් වෙනවා. දෙපැත්තේ කකුල තියාගෙන ඉන්න අය දේශපාලන කුණු බක්කියට වැටෙනවා. ඩබල් ගේම් කාරයන් නැති ආණ්ඩුවක් එවිට බිහි වේවි.

මෛත්‍රී ගුණරත්නලා මෙහෙයවන අය-කවුදැයි අප දන්නවා ඒවා ඉදිරියේදී හෙළිදරව් වේවි. මහින්ද පන්සල්වලට ගිහින් බොරු කියනවා. පන්සිල් ගන්න එක නවත්වලාලු.

ගමේ කොල්ලො ඝණ්ටාර ගහන්න පන්සල් යනවා වගේ රාජපක්‍ෂත් පන්සල් යන්නේ ඝණ්ටාර ගහන්නයි. අපේ නායකතුමා පන්සල් යන්නේ පන්සිල් ගන්නයි.රට ගිනි තියන්න එපා යැයි මහින්ද මහත්තයාට කියනවා. 

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය : එක්සත් ජාතික පක්‍ෂයේ විසිපස් දෙනකු විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙන බව ඇතැම් පුවත්පත් වාර්තා කර තිබුණානේද?

පිළිතුර : (අකිල විරාජ් කාරියවසම් මහතා)

තමන් ගැනවත් විශ්වාසය නැති අය එක්සත් ජාතික පක්‍ෂය ගැන කතා කරන්නේ කෙසේද? අප අංක ගණිතය ගැන හොඳින් දන්නවා ඒ අයට අප්‍රේල් 04 වැනිදා උත්තර ලැබේවී.

ප්‍රශ්නය :- පක්‍ෂයේ ඇතුළේ අර්බුද විසඳන්නේ නැද්ද?

පිළිතුර : (අකිල විරාජ් කාරියවසම් මහතා)

මැතිවරණ පසුබෑමක් වූ විට ප්‍රශ්න එනවා. අපට දරුණු ස්වාභාවික උවදුරුවලට මුහුණ දීමට සිදුවුණා. විශ්වාසභංගය පරාජය කළ සැණින් ප්‍රතිසංවිධාන කටයුතු කෙරෙනවා.

ප්‍රශ්නය : අප්‍රේල් 8 සහ 9 දෙදින පක්‍ෂයේ වන වෙනස කුමක්ද?

පිළිතුර : කමිටු වාර්තා සලකා බලමින් තරුණයන් ඉදිරියට ගන්න මෙහෙයුම අප ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය : ශ්‍රී.ල.නි.ප.යේ සහයෝගය අගමැතිට ලැබේවිද?

පිළිතුර : (නලින් බණ්ඩාර මහතා)

සමහරවිට පොහොට්ටුවේ ඡන්ද කිහිපයකුත් විශ්වාසභංගයට එරෙහිව වැටේවි. විශ්වාසභංගයට එරෙහිව ඡන්ද එකසිය විසි ගණනක් වැටෙන්න නියමිතයි.

විශ්වාසභංගයක් ගෙනැවිත් වැරැදි වෙලාවක වැරැදි දෙයක් කළා යැයි පොහොට්ටුවේ ඇතැම් අය ඇතුළේ සාකච්ඡා කරන බව ආරංචියි.”

විශ්වාසභංගයට එරෙහිව එකසිය විසි ගණනක් ඡන්ද වැටෙයි: 

                   පොහොට්ටුවෙනුත් කිහිපයක් ලැබේවි - නලීන් බණ්ඩාර-

(අංජුල මහික වීරරත්න)   

“විශ්වාසභංගයට විරුද්ධව එකසිය විසි ගණනකට වැඩිය ඡන්ද ලැබේවි යැයි” එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (2) පැවැසීය.

“සමහර විට පොහොට්ටුවේ ඡන්ද කිහිපයකුත් විශ්වාසභංගයට විරුද්ධව වැටෙන ලකුණු තියෙනවා. මේ වෙලාවේ කළේ වැරදි දෙයක්. මේ විශ්වාසභංගය ගෙන ආ යුතු නැතැයි යනුවෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙකට බෙදීමක්වී තිබෙනවා” යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. පිටකෝට්ටේ සිරිකොත එ.ජා.ප. මූලස්ථානයේ මාධ්‍ය හමුව පැවැත්විණි.

 



අදහස් (0)

විශ්වාසභංගය පැරදවීමට කිසිවකුත් නොසිතන බලවේග එ.ජා. පෙරමුණ හා අත්වැල් බැඳ ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 265 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1497 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 951 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 460 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 117 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site