IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


විශ්වාසභංගය පැරදුණත් ජයග්‍රහණ රැසක් ලැබුණා

(ජයන්ත සමරකෝන්)

අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වුවද, ඉන් ජයග්‍රහණ රාශියක් ලැබී ඇති බවත් ආණ්ඩුවේ අත්තනෝමතික හිතුවක්කාර තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට තිබූ තුනෙන් දෙකේ බලය අහිමිවීම ඉන් ප්‍රධාන බවද, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (8) පැවසීය.

ඒ අනුව, ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම ආණ්ඩුවේ හිතුවක්කාර තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවද, කොළඹ 10, පුංචි බොරැල්ල, වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

මෙම විශ්වාසභංගයේ පරාජය ගැන විවිධ මත තියෙනවා. ඒ පරාජය වීම නිසාම නොවෙයි. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විශ්වාසභංග 46ක් ඉදිරිපත් වී තිබෙනවා.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක හා රනිල් වික්‍රමසිංහ යන අගමැතිවරුන් තුන් දෙනාද ඒ අතර වෙනවා. මෙම විශ්වාසභංග යෝජනාවලින් ඒ. අමිර්තලිංගම් මහතාට එරෙහිව ඉදිරිපත්වුණු විශ්වාසභංගය හැර අනෙක් සියල්ලම පරාජය වී තිබෙනවා.

අපට තිබෙන ප්‍රශ්නය මේක සාර්ථකද? නැද්ද? කියන එක නෙවෙයි. එයින් ඇතිවී තිබෙන ප්‍රතිඵල මොනවාද යන්නයි වැදගත් වන්නේ. මේ වනවිට ආණ්ඩුව තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වෙලා. විධායක ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග දෙස රටම බලා ඉන්නවා.

එදා ඡන්ද අවස්ථාවේදී එජනිසයට ඡන්ද 96ක් තිබුණා. ජවිපෙ 6ක්ද සමග 102යි. එජාප 19න්ද පක්ෂව ඡන්දය දෙන්නට හිටියා. ඒ අනුව ඡන්ද 113ක් ගන්නටයි. අපි සැලසුම් කර තිබුණේ. තුන්වැනිදා රාත්‍රී වනතුරුම මෙම තත්ත්වය තිබුණා.

සියල්ල අන්තිම මොහොතේ වෙනස් වුණා. පහුගිය ඡන්දයෙන් අත හා බුලත්කොළයට මොකද වුණේ. මහින්ද රාජපක්ෂ යන සාධකය පමණයි මිනිස්සු ඉල්ලුවේ. ඡන්ද ප්‍රතිඵලයෙන් එළියට ආ සත්‍යය එයයි.

අද ආණ්ඩුව තුළ මතු වී තිබෙන දේශපාලන අර්බුදයේ ඇත්ත තත්ත්වය නම් විශ්වාසභංගයට එකඟ වූ ශ්‍රීලනිප 16 දෙනා ඉවත් කරන්නට රනිල් කියනවා. ඒ දේ කරන්නට ජනාධිපතිවරයා එකඟවෙලා නැහැ.

මේ විශ්වාසභංගයේ ජය පරාජය තියෙන්නේ ජනාධිපතිවරයා අත බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණා. මෙම පරාජයට දේශීය විදේශීය බලවේගවල මැදිහත්වීමක් තිබුණා. මේවා හැමදාම වෙන දේවල්. ඒත් සිද්ධ වූ දේ ගැන බලනවිට එය සත්‍යයක්ම නොවන බව පෙනෙන්නට තිබෙනවා.

එදා විශ්වාසභංග විවාදයට පෙර පක්ෂය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණු බවද අමතක නොකළ යුතුයි. ඒ අනුවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වෙන්නට කීවේ. පක්ෂයේ එකඟතාවක් නැත්නම් එහෙම වෙන්නේ නැහැ.

දේශපාලන පක්ෂවල වගකීම් දරන පිරිසක් ඉන්නවා. එම කමිටුවලින් ගන්නා තීරණ දැනුම්දීම පමණයි අපට ලැබෙන්නේ. මෙම විශ්වාස භංගයෙන් පස්සේ ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් නැහැ. මේ කිසිදු අර්බුදයක් මහ මැතිවරණයකින් තොරව විසඳන්නට බැහැ. එහිදී ජනාධිපතිවරයා ඉන්ද්‍රඛීලයක් ලෙස නොසැලී සිටිය යුතුයි. අද වනවිට අලුත් පාර්ලිමේන්තුවක්, අලුත් ආණ්ඩුවක් අලුත් කැබිනට් එකක් සඳහා මහ මැතිවරණයකට යා යුතුයි. ජනතාව ඉල්ලන්නෙත් එයයි.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනා ජනතාවගේ පැත්තේ හිටගන්නට නම් ඒකාබද්ධ විපක්ෂයට ආ යුතුයි. විපක්ෂනායක ආර්. සම්පන්දන් විපක්ෂයේ කාර්යභාරය කරන්නේ නැහැ. ආණ්ඩුවේ ඩීල් හා කොන්ත්‍රාත් වෙනුවෙන් පමණයි පෙනී සිටින්නේ. ඒ නිසයි, දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායකකම ඉල්ලා සිටියේ. අද විපක්ෂයේ භූමිකාව කරන්නේ කවුද කියා අද රටම දන්නවා.

මේ අවුල් ජාලාව තුළ තනතුරු නොගෙන දිගටම විපක්ෂයේ සිටීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රීලනිප ආණ්ඩුවක් ඇතිව පමණයි අපේ කාර්යභාරය ඉටුකරන්නේ.

ටී.එන්.ඒ. එකත් එක්ක දෙමළ ජනතාව කලින් පැවැති තත්ත්වය අද නැහැ. අපේ දෙමළ විරෝධයක් නැහැ. අපේ ආණ්ඩුව එදා උතුරු නැගෙනහිරට විශාල වැඩ කොටසක් කළා. ඒ සියල්ල කළේ සද්භාවයෙන්. ඉකුත් ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද කොටසක් අපට ලැබුණේ ඒ නිසයි.

රෝගීන්ගේ කිළිටි රෙදි සේදීම දැන් ඉන්දියාවට දෙන්නට සියලුම සැලසුම් හදලා. එක්ටා ගිවිසුම ගෙනෙන්නට බැරිකමට පිටින් කරන මේ දේවල් නිසා පාරම්පරික ස්ව ජාතිකයන්ගේ ස්වයංරැකියාවලට කණකොකා හඬලා ලක්ෂ 4ක් පාරට වැටෙනවා. මේක වහාම නවත්වන්නට කියා ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.

කිළිටි රෙදි ටිකවත් සෝදාගන්නට බැරි ජාතියක් විදියට අපේ රට ලෝකයේම පිළිකුලට භාජනය වෙනවා. මෙවැන්නක් සිදුවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අදහස් දක්වමින් මෙසේ කීය. දැන් ආණ්ඩුව නොනිල අන්දමින් එක්ටා ගිවිසුම ක්‍රියාත්මක කරන්නට හොර රහසේම කටයුතු කරලා. රෝහල් රෙදි සෝදන එකත් ඉන්දියාවට දෙන්නට හදනවා. මෙහෙම වුණොත් අපේ ඇමැතිවරුත් අපුල්ලලා ගන්නම වෙනවා.

මේ ආණ්ඩුවේ අවසානය අත ළඟයි. එළඹෙන අලුත් අවුරුද්ද අවුරුදු නැති අවුරුද්දක්. ඇල්මැරුණු මළානික වූ කොහා කොහේද කියලා සොයාගන්නට බැහැ. නියං සායෙන් ජනතාව දුක් විඳිනවා. තුන්වේල කන්නට නැතිව තවත් පිරිසක් නොමැරී ජීවත්වෙනවා.

අටු කොටු පිරුණු රටක්, අවුරුද්දක් අද නියංසායෙන්, දරිද්‍රතාවෙන් පීඩා විඳිනවා. නකල්ස් කඳුවැටිය කෑගල්ල පැත්තේ දේශපාලනකයින්ගේ හිතවතුන් පිරිසක් අක්කර 21000ක් බෙදා වෙන්කරගෙන. තවත් පැත්තකින් බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරු දඩයම ටී.එන්.ඒ. වුවමනාවට හොඳින්ම කරගෙන යනවා.

ටී.එන්.ඒ. ඉල්ලීම් 10 අතර රණවිරු දඩයමත් තියෙනවා. විශ්වාසභංගය පරාජය කරන්නට සහාය දුන්නාට දෙන සන්තෝෂම් තමයි ඒවා. ජනබල අරගය ආරම්භ කළ යුතු යැයිද කීය.

 



අදහස් (5)

විශ්වාසභංගය පැරදුණත් ජයග්‍රහණ රැසක් ලැබුණා

sanath Monday, 09 April 2018 08:34 AM

කබරයා තලගොයා කරන නියාය පෙරලුනු අත හොදයි නොකියා වෙන මොනවා කියන්න ද හැමදාම මහජනයා මෝඩයින්ට අන්දන්න හිතන්න එපා .

:       0       121

shan saudi Monday, 09 April 2018 12:32 PM

තවත් ගම් කබරයෙක්.. මහජන මුදල් ගසා කමින් රටට කිසිම සේවයක් නොකරපු කෙනෙක්..

:       0       18

Ajith Nissanka Monday, 09 April 2018 05:50 PM

ඒක නේන්නම්! රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් වීමත් කොච්චර ලොකු ජයග්‍රහණයක්ද?

:       0       15

saththaya Tuesday, 10 April 2018 01:46 AM

දිගටම බලන්නේ රට අගාදයට පත් කරලා දුෂිතයන්ව නඩු වලින් බේරන්න. නියම දේශපාලුවෝ. මෙතෙක් කල් රටට කරපු සේවය ඕනෑම දෙයකට අත උස්සපු එක විතරයි.

:       0       192

Saman Sunday, 15 April 2018 08:29 PM

නරියා සහ මිදී වැල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 283 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1506 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 468 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 119 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site