(චමිල් රූපසිංහ)
දශක කිහිපකයට පෙර තිබූ දේශපාලන සංස්කෘතිය පසුකාලීනව සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවත් වෛරය,ක්‍රෝධය,ඊර්ෂ්‍යාව,බොරුව,චරිත ඝාතනය පිටු දකින නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව දැන් රටට තදින් දැනෙන බවත් කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.
මහනුවර ඊ.එල් සේනානායක ළමා පුස්තකාලය මහනුවර මහ නගර සභාවේ මුදල් ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ උත්සවයට අද (05) සහභාගි වෙමින් ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ගෞරවනීය ලෙස ජීවත් වෙමින් අන් අයගේ ගෞරවය ආරක්ෂා කරන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුතු බවත් එම දේශපාලන සංස්කෘතියට මුල පිරුම නව පාර්ලිමේන්තුවෙන් හෝ ඇතිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් කතානායකවරයා එහිදී පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරූ ජයසූරිය මහතා මෙසේ කීය.
‘‘මන්ත්‍රීවරයාගේ නාමයට ඉදිරියෙන් යොදන ගරු නාමය බලෙන් ලබාගත හැකි දෙයක් නෙමේ එය මහජන නියෝජිතයින් ජනතාව වෙතින් උපයා ගත යුතු දෙයක් ඩී.එස් සේනානායක මහතා වැනි අය එලෙස ජනතා ප්‍රසාදයට පත්වන ලෙස කටයුතු කළා.
කන්ද උඩරටින් බිහි වූ කෘතහස්ත දේශපාලනඥයෙකු වන ඊ.එල් සේනානායක මහතා ජනතාව වෙනුවෙන් තමන්ගේ ධනය පරිත්‍යාග කළ නායකයෙක්. ඔවුන් වැනි පිරිස් අද දේශපාලන ලෝකය තුළ විරලයි. එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ඊ.එල් සේනානායක මහතා පක්ෂයේ අභිවෘද්ධිය පිණිස කැපවීමෙන් කටයුතු කළ නායකයෙක්.
පොහොර සහනාධාරය මෙරටට හඳුනාවා දීමට එතුමා මූලිකත්වය ගෙන කටයුතු කළා. කතානායක ධූරය හොබවමින් එතුමා ගෞරවනීය පාර්ලිමේන්තුවක් ඇති කිරීමට එදා කැපවුණා. යැයි කතානායකවරයා පැවසීය.
ළමා පුස්තකාලය ඉදිරිපිට ස්ථාපිත කරන ලද දිවංගත ඊ.එල් සේනානායක මහතාගේ පිළිරුවක් විවෘත කිරීමද කතානායකවරයා අතින් සිදු කෙරුණි.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලිලිත් යූ ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල,එම්.එච්.එම් හලීම්,ලකී ජයවර්ධන,මහනුවර පුරපති කේසර සේනානායක,උතුරු මැද හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක,මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘වෛරය - බොරුව - චරිත ඝාතන නැති දේශපාලනයක් රටට අවශ්‍යයි‘‘
HRAMANIS Tuesday, 07 January 2020 02:09 AM
ඔබතුමාගේ කට්ටියගේ වැඩ පේනවා නේද?
Bamunuarachchi Thursday, 16 January 2020 02:27 PM
දැන් කවුද ඒවා කරන්නේ ?