IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


වරප්‍රසාද ලැබූ අය අල්ලාගෙන සිටි ජනපති අරමුදල දැන් ජනතාවගේ

(අංජුල මහික වීරරත්න)

වරප්‍රසාද ලත් පිරිසක් විසින් ඔවුන්ගේ වරප්‍රසාදයක් බවට පත් කරගෙන සිටි ජනාධිපති අරමුදල වත්මන් රජය යටතේ සීයට සීයක් ජනතාව වෙනුවෙන් භාවිත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.

2023 සහ 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එක් එක් විෂය ධාරාව යටතේ විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසු දරු දැරියන් ඇගයීමට ජනාධිපති අරමුදල විසින් ගනු ලැබූ තීරණයට අනුව, විශිෂ්ට දක්ෂතා දැක්වූ දරු දැරියන් ඇගයීමේ මධ්‍යම පළාත් වැඩසටහන⁣ට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවැත්විණි.

"ජාතික අරමුදල පිළිබඳ කතා කරද්දී අපට ගොඩක් අහන්න ලැබෙන්නේ ජනාධිපති අරමුදල අවභාවිත වූ ආකාරය ගැනයි. වරප්‍රසාද ලැබුණු පිරිසක් විසින්ම තමන්ගේ වරප්‍රසාද වගේම ප්‍රතිලාභ වැඩි කරගන්න මේ අරමුදල අවභාවිත කරලා තියෙනවා.

ඒ වගේම මානව සම්පත දියුණු කිරීමේ රජයේ ප්‍රමුඛ කාර්යයක් විදිහට රජය හඳුනා ගෙන තියෙනවා. ඒ අරමුණ ඇතිව අපි අධ්‍යාපනයට ආයෝජනය සිදු කරනවා. ඒ ආයෝජනය මුදල් අතින් පමණක් නෙවෙයි අනෙක් සියලු අංශවලින් ද සිදු කරනවා යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (4)

වරප්‍රසාද ලැබූ අය අල්ලාගෙන සිටි ජනපති අරමුදල දැන් ජනතාවගේ

Nishan Monday, 15 September 2025 05:21 AM

මම දන්න දහයක් පහලවක් සාමාන්‍ය මිනිස්සු ජනාධිපති අරමුදලෙන් ආධාර අරන් වකුගඩු සැත්කම්, බයිපාස් සැත්කම්, පිළිකා රෝගෙට විදේශ ප්‍රතිකාර ලබා ගත්තා. මේ කියනවා ඇත්තේ වෙන ජනාධිපති අරමුදලක් ගැන වෙන්න ඇති. නමුත් පැලවත්තේ ට්‍රිලියන ගාණක අරමුදල ගැන නම් වෙන්න බෑ. ඒක මාලිමාවේ ලොක්කෝ සඳහාම පමණයි.

:       1       0

Shelton Monday, 15 September 2025 05:34 AM

ජේවීපීය විසින් රට කෑවා කියා මරන්න හදපු ජේ.ආර් ජයවර්ධන ජනාධිපති තුමාගේ වැඩක් ඔය ජනාධිපති අරමුදල කියන්නේ.

:       1       0

ගුණරත්න Monday, 15 September 2025 08:12 AM

මගුල් ගෙදරක හෝ මරණ ගෙදරකට ගිහින් ස්තුති කතාවට දේශපාලන කතාවක් කරනවා වගේ තමයි අගමැතිතුමියගේත් කතාව. ඔය ශිෂ්‍යයන්ගේ ඔලු කුරුවල් කෙරිල්ල ජවිපෙ මාලිමා ප්‍රතිපත්තියක් නිසා අවුල තේරෙන්නේ නැතිව ඇති.

:       2       0

Perera Monday, 15 September 2025 08:38 AM

මගේ චන්දය මාලිමාවට සහ අනුර සහෝදරයාට දුන්නු එකෙන් රටට පාඩුයි බව ටික ටික අවබෝධ වෙනවා

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23935 25

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18124 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10853 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 563 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 171 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 830 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site