IMG-LOGO

‘විරෝධතාකරුවන්ට කාර්යාලයට ගෙන්වා තේ දෙනවා : ඔක්කෝම මැතිවරණය වෙනකම් විතරයි’

(නිමල කොඩිතුවක්කු)

‘දැන් උද්ඝෝෂණ විරෝධතා කරන අයට  ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වලා තේ එකක් දීලා යනවා. මේ සංදර්ශන ඔක්කොම  මහමැතිවරණය වෙනකම් විතරයි. ඊට පස්සෙ තමයි මේ ආණ්ඩුවේ සැබෑ ස්වරූපය එළියට දාන්නේ’ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා  පැවසීය.

මහබැංකු බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණනයෙන්  රාජපක්ෂ රජයට චෝදනා එල්ල වෙද්දී  එය පාඩුවක් බවට ප‍්‍රකාශ කරමින් සිටින පිරිස්,  ටයි කොට් මහබැංකුව හොරකමක් වන්නේත් සාටක  මහබැංකු කොල්ලය පාඩුවක් වන්නේත් කෙළෙස දැයි රටට හෙළි කළ යුතු බව එහිදී මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළේය.

වෝහාරික  විගණන වාර්තාව පදනම් කරගනිමින් මහජනතාවගේ  බදු මුදල් හොරා කෑ සියලූ  දෙනාට පාට පක්ෂ තරාතිරම නොබලා දඬුවම් දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත‍්‍රීවරයා  සඳහන් කළේය.

කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ අද (3) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා මෙසේ ද කීය.

‘‘2013 දී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඒ 330 එයා බස්  හයකුත් ඒ වගේම  ඒ 350 එයා බස් හතරකුත් ගන්න සාකච්ඡාවක්  ගිහින් තියෙනවා.  මේ ප‍්‍රංශ එයා බස් සමාගමේ තැරැව්කාර  නියෝජිතයන් විදියට  බෘනායි සමාගමක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ සමාගමේ එක අධ්‍යක්ෂවරයලූ ඉන්නේ.

මේ ගැන බි‍්‍රතාන්‍යයයේ බරපතල  වංචා විමර්ශණ කාර්යාලය  එරට අධිකරණයට වාර්තා කරපු වාර්තාව මගේ ගාව තියෙනවා. ඒ අනුව ඩොලර් මිලියන  16.4ක පගාවකින් ඩොලර් මිලියන  දෙකක පගාවක් ඇඩ්වාන්ස් විදියටත් අරගෙන තියෙනවා.

යහපාලන ආණ්ඩුව ආවට පස්සේ මේ පාඩුව දරා ගන්න  බැරි නිසා අපේ  ආණ්ඩුව මේ ගණුදෙන්ව නැවත සකස්කරන්න වුණා. ශ්‍රී ලංකා රජයට  ඩොලර් මිලියන 98ක පාඩුවක් සිදුවුණා කියලා කොප් වාර්තාවේ තියෙනවා.

මේ  පගාව ගත්තේ කවුද, ඒ නිළධාරියා කවුද කියලා සොයාගෙන මේ පාඩුව අයකරගන්න රජය කටයුතු කළ යුතුයි.  ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා සමාන ගුවන්  සමාගම් ලාභ ලබද්දී ශ්‍රී ලන්කන්  එක පාඩු ලබන්නේ  මේ වගේ වැරදි ගනුදෙනු නිසයි.

දැන් මේ විමර්ශන සිදුකරලා  ඒ ගාස්තු අයකරගෙන අපේ ජාතික ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට  පත් කළ යුතුයි.  ඒ වගේම මේ කොමිසම  පත්කරාම  වැරදිකරුවන්ට තරාතිරම නොබලා ක‍්‍රියා කරන්න කියලා  අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා.

මොකද ඒ කාළේ රාජපක්ෂ පවුලේ  ඥාතියෙක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ  සභාපති වෙලා හිටියා.  ඊළඟට හිතවත්තු අධ්‍යක්ෂ මණ්ඩල වල හිටියා. මේවා මහජනතාවගේ බදු මුදල් ගෝඨාභය  රාජපක්ෂ මහතා කෙලින් වැඩ කරනවනම් මේ වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරාවි කියළා අපි විශ්වාස කරනවා.

මහබැංකු බැදුම්කර සම්බන්ධයෙන්  සිදුකළ වෝහාරික විගණනය ගැන දැන් ආණ්ඩුව කතා කරන්නේ නැහැ. 2015 න් පස්සේ සිදුවූ වංචාව තමයි හොරකම, 2015 ට පෙර සිදුවෙලා තියෙන්නේ  පාඩුව කියලා  ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියලා තියෙනවා මම දැක්කා.

මහමැතිවරණය  අභියස තමයි පාස්කු ප‍්‍රහාරයේ පලමු වසර එන්නේ. ඇතැම් මාධ්‍ය ආයතන බලාගෙන ඉන්නවා මේ ප‍්‍රහාරය පිළිබඳ සංවේදී වාර්තාමය වැඩසටහන් සිදුකරන්න.  මේ දේවල් කරන්නේ ඒ ජනතාව වෙනුවෙන් නෙමෙයි මේ ආණ්ඩුවට ලකුණු දාන්නයි.

මේ පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන්ව මේ අය අල්ලන්නේ නැහැ. ඒ අය මේක වවාගන්නයි බලන්නේ.  මේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ වූවන්ට මරණ දඩුවම ලබාදෙන්න කියලා අපි රජයට කියනවා. ආණ්ඩුව දැන් බලයට පත්වෙලා වෙනත් දේ කියමින් ජනතාව අන්දමින් බොරුවෙන් ප්‍රෝඩාවෙන් සැබෑ ජනතා ප‍්‍රශ්න යටපත් කරන්න හදනවා’ යැයි පැවසීය.



අදහස් (8)

‘විරෝධතාකරුවන්ට කාර්යාලයට ගෙන්වා තේ දෙනවා : ඔක්කෝම මැතිවරණය වෙනකම් විතරයි’

Champa Tuesday, 04 February 2020 01:59 PM

දැන් විරෝධතා සංවිධානය කරන්නේ ආණ්ඩුවෙන්...

:       28       123

HARMANIS Thursday, 06 February 2020 03:53 PM

මෙයා කියන ඒවා කවුරුවත් ගණන් ගන්නේ නැහැ

:       52       86

amila Friday, 07 February 2020 05:22 AM

ඔබගේ කතාව හරියටම හරි. හැබැයි අපේ වහල් ජාතිය ඒවාට රැවටෙයි.....

:       141       211

Bamunuarachchi Friday, 07 February 2020 06:07 AM

ඔහෙලා ඉස්සෙල්ලාම කළේ විරෝධතාකරුවන්ට වතුර ගහපු එකනේ. අපි වතුර ගහන එක කරන්නේ පස්සේ. වතුර විතරක් නොවෙයි.

:       3       104

HARAMANIS Sunday, 09 February 2020 03:03 PM

මරික්කාර්ගේ තැන මින්ස්සු තීරණය කරලා ඉවරයි.

:       0       75

Ratna P Tuesday, 11 February 2020 08:27 PM

ඔය ගොල්ලන්ගේ කාලේ වගේ ජල ප්‍රහාර, කඳුළු ගෑස්, සහ බැටන් ප්‍රහාර විතරක් දුන්නොත් ඇද්ද?

:       2       15

HARAMANIS Friday, 14 February 2020 01:51 PM

මරික්කාර්, ඔයාට ඕනෑ මිනිස්සුන්ට ගස්සවන්න... ඔයාලා වගේ අය අපි දැකලා තියනවා. ඔයාලට ඡන්දෙ දෙන්නේ මෝඩයන් විතරයි.

:       0       16

Bamunuarachchi Monday, 09 March 2020 02:00 AM

‘විරෝධතාකරුවන්ට කාර්යාලයට ගෙන්වා. තේ දෙනවා. ඔක්කෝම ‘විරෝධතාකරුවන්ට කාර්යාලයට ගෙන්වා තේ දෙනවා. ඔක්කෝම මැතිවරණය වෙනකම් විතරයි’ වෙනකම් විතරයි’ ඉතින් ඕක කියන්න දෙයක්ද මැට්ටෝ? මැතිවරණයෙන් පස්සේ විරෝධතාකරුවන් නැහැ. මොකද ජෙප්පන් මේ රටින් අතුගෑවී යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site