IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැරදිකරුවන් වැරදි හදාගෙන සමාජයට එන්න ඕනෑ

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
‘මගෙන් යම් වැරද්දක් වුණා. නමුත් කිසිම දවසක ඒ ගුරුවරිය කියලා නෑ නැවත ආනන්ද රවලාවත් බැලුවා කියලා.  ඒකනේ විය යුත්තේ. වැරදි කරපු අය වැරදි හදාගෙන නැවත සමාජය ඉදිරියට එන්න ඕනෑ.‘ යැයි ආණමඩුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නව සංවිධායක ආනන්ද සරත් කුමාර මහතා පැවසිය.
 
ආනන්ද සරත් කුමාර මහතා මේ බව පැවසුවේ ඔහු  පිළිගැනිම වෙනුවෙන් සංවිධානය කර තිබූ    රැස්විමකට එක්වෙමිනි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටි අතර හිටපු කැබිනට් ඇමතිවරයකු වන මිල්රෝයි ප්‍රනාන්දු, නියෝජ්‍ය ඇමතිවරයකු වන වික්ටර් ඇන්ටනී යන මහත්වරුන් හා 2000 කට ආසන්න ජනතාවක් පිළිගැනිමට එක්ව සිටියහ.  
 
‘‘සංවිධායක තනතුර භාර අරන් සති දෙකක් බලන් හිටියා ඕනා කෙනෙකුට ඕනාම දෙයක් කියන්න මඩ ගහන්න ඉඩ දීලා. ඊට පස්සෙයි මම අද මේ පිළිගැනීමට එක්වු‍ණේ . දිගට හරහට මඩ ගහන්න මම ඉඩ දීලා හිටියා. නමුත් වරදක් වුන පළියට   එළව එළවා පහර දිම කුමන දෙයක් දැයි මට වැටහෙන්නේ නෑ. 
කරපු වරද සමත මණ්ඩලෙන් බේරගන්න පුළුවන් තරමේ එකක්. නමුත් පොලිස් අත් අඩංගුවට අරං අධිකරණයට ඉදිරිපත් කරලා ඉන් පස්සේ මහ අධිකරණයට දාලා වරදකරු කරලා දඩ ගැහුවා .  තවත් මොන දඬුවමක්ද? හැබැයි මම මට ජන්දේ දුන්න ජනතාවට ආචාර කරලා බොහෝම ගෞරව ලෙස මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වුණා.  
 
 දේශපාලනයට මම අමුත්තෙක් නොවේයි . කිසි කෙනෙකු ජන්දය ඉල්ලන් සුදානම් නැති කාලයක මම ජන්දෙට ආවේ . ඒ තරමට රටේ භීෂණය තිබුන කාලයක් . සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ ඉඳලා තමයි ආණමඩුව සංවිධායක ධුරය ඉල්ලා සිටියේ. නමුත් ලැබුනේ නැහැ. මම  පණ වාගේ ආදරය කරපු අදටත් ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයාත් දුන්නේ නැහැ. නමුත් මහ මැතිවර්ණයේදි මහින්ද මහත්තයාට වැඩ කරලා වේදිකාවල මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට මම බැණපු විදිහට මම හිතුවේ නැහැ කවදාවත් එතුමා අතින් මට ආණමඩුව සංවිධායක කම ලබා දෙයි කියලා. 
 
 ආණමඩුව ජනතාව හැමදාම ඉල්ලා සිටියේ ආණමඩුවේ එකෙක් .දැන් ජනතාවට ඒ සදහා අවස්ථාව තියෙනවා ජනතාව මා ගැන හොදින් දන්නවා .  ‘‘



අදහස් (4)

වැරදිකරුවන් වැරදි හදාගෙන සමාජයට එන්න ඕනෑ

bamunuarachchi Sunday, 05 November 2017 11:44 PM

ඇයි ආණමඩුවේ වෙන සුදුසු අය නැද්ද?

:       0       1

Vijitha Monday, 06 November 2017 12:46 AM

අපිටත් මේ ගැන තේරෙන්නේ නැහැ. මොකක්ද හරි මොකක්ද වැරදි කියලා. එ්ත් කලේ හරිම අසීලාචාර වැඩක්. එහෙම අසීලාචාර කමක් කරපු කෙනෙකු තවත් ඒවගේ වැඩ නොකරයි කියල හිතන්න පුලුවන්ද?

:       0       80

Bamunuarachchi Tuesday, 07 November 2017 06:10 PM

මේවත් අපේ වැරදි... හදාගන්නම් ඡන්දේ නොදී....

:       0       323

Raveendra Friday, 10 November 2017 04:31 AM

හරකුන්ට ,අම්බරුවන්ට, මිහරකුන්ට වැනි අයට තම වටිනා ඡන්දය දෙන පුරවැසියන් සිටින ලෝකයේ එකම රට අපගේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාව වේ.

:       0       266

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site