IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


වාර්ගික ගැටුම ඒකාබද්ධ විපක්ෂයට පටවන්න හැදීම දැන් පුස්සක් වෙලා

(අමරදාස සිල්වා)

විශ්වාසභංගයක් ගෙනැවිත් අග්‍රාමාත්‍යවරයා පලවා හැරීම ඒකාබද්ධයේ සිහිනයක් යැයි රාජිත සේනාරත්න
ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් කියවෙන්නේ අගමැතිවරයා ආරක්ෂා කිරීමේ මුර බල්ලාගේ රාජකාරිය ඔහු ඉටු කරන බව යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ජනවාර්ගික ගැටුම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයට එල්ල කළ චෝදනා අද පුස්සක් බවට පත් වී ඇතැයි ද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ කොළඹ පිහිටි පක්ෂ මූලස්ථානයේ පෙරේදා (13) පෙරවරුවෙහි පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා එසේ කීය. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය පිළිබඳව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය. අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් එක අත කින්ද බැඳුම්කර සිද්ධියට ඔහු සම්බන්ධ බවට බරපතළ චෝදනාවක් ද තිබිණ බව මුළු රටම දන්නා කරුණක්. එපමණක් නොව අගමැතිවරයාට එරෙහිව ඔහුගේ පක්ෂය තුළින්ම කැරැල්ලක් ද තිබුණා. එවන් පසු බිමක් තුළ ජනවාර්ගික ගැටුමක් ඇති වීම ගැන අගමැතිවරයා විශාල සතුටක් ලැබුවාට කිසිම සැකයක්නැ හැ. මක්නිසාද?

ජනතාවට අගමැතිවරයා කෙරෙහි තිබූ අවධානය වෙනතකට පෙරළීයාම නිසා. ජන වාර්ගික ගැටුම්කාරී තත්ත්වය දුර දිග ගිය හේතුව පොලිසිය ඒ ගැන නිසි වේලාවට නිසි පියවර නොගත් නිසා බව දැන් මුළු රටම පිළිගෙන අවසානයි. ඒ වන විට පොලිසිය තිබුණේ අගමැතිවරයා භාරයේ බවත් අප අමතක කළ යුතු නැහැ. එසේ නම් ගැටුම්කාරී තත්ත්වය දුර දිග යාම පිළිබඳ වගකීම අගමැතිවරයා වෙත පැවරෙනවා ඇති.

මෙම ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන්නටත් පෙර රජය ප්‍රකාශක රාජිත සේනාරත්න
අමාත්‍යවරයා මේ සම්බන්ධ චෝදනාව කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට එල්ල කරන්නට වුණා. කඩිමුඩියේ ඔහු ඒ චෝදනාව එල්ල කළේ. අග්‍රාමාත්‍යවරයාට එල්ල වන චෝදනා වලින් එතුමා නිදොස් කර නිදහස් කිරීමේ අපේක්ෂාවෙන් විය හැකියි.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් කළේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පිට විය හැකි බවයි අප විශ්වාස කරන්නේ. ඊට පසුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටිනවා විශ්වාසංභගයක් ගෙනැවිත්  අග්‍රාමාත්‍යවරයා පලවා හැරීම සිහිනයක් විතරයි කියා.

මෙයින් හොඳ හැටි පැහැදිලි වන්නේ රාජිත සේනාරත්න ඇමතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින මුර බල්ලාගේ රාජකාරිය කරන බවයි. කෙසේ වෙතත් ඔහු මෙතෙක් කලක් ඒකාබද්ධ විපක්ෂයට එල්ල කළ චෝදනා සියල්ල අද පුස්සක් බවට පත් වී අවසාන බවත් අප ඉතා සතුටින් ප්‍රකාශ කර සිටිනවා. 

මෙම ජන වාර්ගික ගැටුම් උත්සන්න වීමට හේතුවක් වූ යැයි කියා සමාජ මාධ්‍ය ජාල තහනමට ලක් කළත් ඒවා ඉතා ඉක්මනින් නිදහස් කළ යුතු බවයි අපේ ස්ථාවරය වන්නේ. හදිසි නීතිය තවත් දිගු නොකිරීමට ගත් තීරණයක්
අපි අගය කරනවා. ජාතිය ආගම හා සංස්කෘතිය ගැන නොසලකා රට පාලනය කරන නිසා මෙවැනි ගැටුම් ඇති වන බවටත් සමහර මෙම සිද්ධිය ගැන මත පළ කරනවා. ලංකාව එක්සත් කිරීම පිළිබඳව ප්‍රශ්නය විසඳීමට අපොහොසත්  වීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වූ බවයි අප දකින්නේ.

අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්තයෙක් මත එජාප පක්ෂය අද මේ රටේ ජාත්‍යන්තරය පිනවන ආර්ථික හා මිලිටරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න උත්සාහයක යෙදී සිටින බව අප දන්නවා. එය මේ රටට විය හැකි මහා විනාශයක් හැටියටයි අප දකින්නේ. මෙන්න මේ සූදානමට එරෙහිවත් ජනතාව සුදානම් විය යුතුයි කියා මා ජනතාවට කියා සිටිනවා. සූදානම් වී සිටින බව පසුගිය පළාත් පාලන මැතිවරණයකදී කළ දැනුම් දීම ගැනත් අප ජනතාවට ප්‍රණාමය පළ කර සිටිනවා.

ඒ දැනුම් දීමට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතා කැමති පාලනයක් ලබා ගැනීමට රජය මහා මැතිවරණයක්පැවැත්විය යුතු බව අප රජයට කියා සිටිනවා. ඒ වෙනුවෙන් අප රජයට විරුද්ධව ප්‍රබල ජන මතයක් ගොඩ නගමින් සිටින බවත් කියා සිටිනවා. මේ වන විට ඉන්දීය රජය විසින් ලබා දුන් නිදහස් ගිලන් රථ සේවයට මුල්වුණේ සෞඛ්‍ය හා පෝෂණ කටුයතු ඇමති රාජිත සේනාරත්න මහතායි.

දැන් සෞඛ්‍ය ඇමතිවරයා සූදානම් වෙනවා රෝහල් වල රෙදි සේදීමේ කටයුත්ත ඉන්දීය සමාගමකට ලබා දෙන්නට. සමහර විට ගිලන් රථ සේවයෙන් සිදු වන පාඩුව පියවා ගන්නට මේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවට දෙන්නට හිතෙනවා ඇති. එහෙම නම් මෙරටට නොමිලේ ලබාදුන් ගිලන් රථ සේවාව ඇමක්ද? රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙයට විරුද්ධ වී සිටියත් රජය නම් තවම නිහඬයි. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී.වී.ඩී. තිලකසිරි, සීමා සහිත ස්වයං රැකියා වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.



අදහස් (3)

වාර්ගික ගැටුම ඒකාබද්ධ විපක්ෂයට පටවන්න හැදීම දැන් පුස්සක් වෙලා

Rathna Thursday, 15 March 2018 12:47 PM

ඔබතුමා හරියට හරි.

:       0       0

Chandra Saturday, 17 March 2018 02:03 AM

කාව හරි බය ගන්නවල නේද මේ රඟපෑම් කරගෙන යන්නේ?

:       0       233

saththaya Sunday, 01 April 2018 02:43 AM

හැබයි ජීවිත කාලයේදී රටට පලදායි වැඩක් හැමෝම කරන්න ඕන . දුෂිත වැඩවලට සහබාගි වෙලා අනුන් කරපු පව් හෝදන්න සහබාගි වෙන ඇත්තන්ට වෙනදේ..... අපිට හිතාගන්න බැහැ. පොත් වලනම් කරුණු කාරනා වටහල දීල තියනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site