(තිලකරත්න දිසානායක)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ප්‍රකාශය බරපතල තත්ත්වයක් බවත් මෙය පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට පෙළැඹවීමක් බවත් එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පියසිරි විජේනායක මහතා අද(25) ගම්පහදී පැවසීය.
පාර්ලිමේන්තුවට බෝම්බ පහාරයක් එල්ලකළ යුතු බවට විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පියසිරි විජේනායක මහතාගේ ගම්පහ නිවසේදී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු එසේ පැවසීය.
‘‘ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය දිනෙක ප්‍රකාශයක් කර තිබුණා පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝම්බ දැමිය යුතු බව. මේ ප්‍රකාශයෙන් පක්ෂයේ ජාතික සංවිධායක විදියට මම තැති ගැන්වීමකට ලක්වුණා. මොකද මේ ප්‍රකාශය බොහොම බලවත් බරපතල ප්‍රකාශයක් නිසා. මේ පිළිබදව පක්ෂයේ ක්‍රියාකාරීන් විවිධ ප්‍රදේශ වලින් විමසා සිටිනවා. ඒ නිසා මම ජාතික සංවිධායක ලෙස පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් විමසා සිටියා මධ්‍යම කාරක සභාව මගින්වත් නොගත් තීරණයක් ප්‍රකාශයට පත්කරල තිබෙනවා. මෙය කුමක්ද කියලා. මහ ලේකම් වරයා කියා සිටියා එවන් තීරණයක් ගෙන නැති බව. ඒ නිසා විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කර ඇති බෝම්බ ගැසීමේ ප්‍රකාශය ඇත්තටම වැරදි ප්‍රකාශයක්. මෙය ජාතික නිදහස් පෙරමුණේ මතයක් නොවෙයි. ජාතික නිදහස් පෙරමුණේ තීන්දුවකුත් නොවෙයි. එය එතුමාගේ පෞද්ගලික මතයක් වෙන්න පුළුවන්‘‘ යැයි ද ඔහු කීවේය.
එමෙන්ම සාමකාමී රටක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේදි දායාද කර දුන් බවත් එබැවින් සාමකාමි රටක පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අවුලක් බවත් කී විජයනායක මහතා එම ප්‍රකාශය ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා එය වැරදි ප්‍රකාශයක් ලෙස සලකන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා එයාගේ ජීවිතේ පටන් ගත්තෙත් මුළු ධනේශ්වර ක්‍රමයටම බෝම්බ ගහන්න ඕනේ කියලයි. පස්සේ කාලෙක ධනවාදී පාර්ලිමේන්තු කාරයින්ට එකතු වී ඒකේ රහ බලන ගමන් තමයි අතීත පුරුද්ද වැරදීමකින් වගේ ඔළුවට ඇවිත් තියෙන්නේ. ඒ අතින් විජේනායක හොඳයි.
උපවාස කරන උදවිය බෝම්බත් ගහනවද ? දන්නේ නැති නිසයි ඇහුවේ .
නිතරම තමන්ගේ වලිගය තමන්ම පාගා ගෙන දඟලන දේශපාලකයන්ද ශ්‍රී ලංකාවේ නැතුවාම නොවේ. බොහෝ වෙලාවට කටින් පැවැත්ම ගෙන යන අය ඒ අතර වැඩියෙන්ම දකින්නට ඇත.
පියසිරි විජේනායක මහතා ජරාවක් කාලා වගෙයි පේන්නේ...
කිසිම වැරැද්දක් නැහැ... කරගන්න බැරුව මිසක්...