IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


විපතට පත් ජනතාවට අයවැයෙන් කිසිදු සහනයක් නැහැ

(නිමල කොඩිතුවක්කු)

රාජපක්ෂ රජය ඉදිරිපත් කර ඇති අය වැයෙන් ගජ මිතුරන්ට, විදේශිකයන්ට, සමාගම් හිමිකරුවන්ට, තැරැව්කරුවන්ට සහන ලබාදෙද්දී ආණ්ඩුවට ඡන්දය ලබාදුන් ලක්ෂ 69 ඇතුලු කොරෝනා  ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට කිසිදු සහනයක් ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

ජනතාවට සහන කිසිවක් නැති මෙවර අය-වැයට පක්ෂව ඡන්දය ලබා දීමට හෘද සාක්ෂියට අනුව කිසිදු මන්ත්‍රීවරයකුට හැකියාවක් නැතැයිද  ඔහු සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්  මහතා මෙසේද කීවේය.

    "ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අවුරුද්දක් පරන උනත් තවම තල්ලු ස්ටාර්ට්. මෝටරය වැඩ කරන්නේ නැහැ. අයවැය ඉදිරිපත් කරන්නම අවුරුද්දක් ගියා.

මේ ආණ්ඩුව කන්දක් විලි ලාලා  තටමලා තටමලා මීයෙක් වැදුව වගේ තමයි මේ අයවැය ඉදිරිපත් කළේ. මේ අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් නැහැ.

මේ අයවැයෙන් තමන්ගේ ගජ මිතුරන්ට, ජාවාරම්කරුවන්ට, තැරැව්කරුවන්ට බදු සහන වාසි ලබා දීලා තියෙනවා. මේ ආණ්ඩුවට ඡන්දය ලබා දීපු ලක්ෂ 69 ඇතුළු කොරෝනා  ව්‍යසනයෙන් පීඩා විඳින බහුතරයක් පොදු ජනතාවට මේ අයවැයෙන් කිසිම සහනයක් නැහැ.
ඒ අයගේ ප්‍රශ්න ගැන ආශු මාත්‍රයකින් වත් ආමන්ත්‍රණය කරලා නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියතුන් නිර්මාණය කළ මේ අයවැයෙන් කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ එක ඡේදයක් පමණයි. ආර්ථිකය කළමනාකරණය කරන්නේ කොහොමද ව්‍යසනයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා මෙහි සඳහන් වෙලා නැහැ. මේ ලෝකෙ ඉඳන් මේ අයවැය හැදුවා කියලා අපිට හිතන්න බැහැ. ලෝකයේ සෙසු රටවල් මේ ව්‍යසනයෙන් රට මුදා ගැනීමට වැඩි අවධානය යොමු කරලා තියෙනවා.

ආණ්ඩුවේ මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතියෙන් කිලෝමීටර් පනස් දහසක් හදන්න මිලියන විසි දහසක් වෙන්කරලා තියෙනවා. කිලෝමීටරයක ප්‍රමාණය ඉදිකරන්න අඩුම තරමින් රුපියල් මිලියන 12ක් වත් වැය වෙනවා. කිලෝමීටරයක් හදන්න මේ ආණ්ඩුවෙන් කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ හතරක් පමණයි. මේ මුදලින් හදන්න පුළුවන් කිලෝ මීටර් 1200ක් පමණයි. කිලෝමීටර් ලක්ෂයක් හදනවා කියල කියලා ජනතාවට පට්ට බොරුවක් මේ අය ගෙනියනවා.
නිරුවතින් පිහිනුවේ කවුද කියා අනාවරණය වන්නේ වඩදිය බැස ගිය පසුවයි කියා කියමනක් තියෙනවා. මේ ආණ්ඩුවේ හෙලුව අයවැයෙන් අද හොඳටම පෙනීයනවා.

මේ ආන්ඩුවේ වියතුන් කියන කණ්ඩායමේ අලුත් ධනේශ්වර පංතිය හදන්න තමයි මේ අයවැය යොදාගෙන තියෙන්නේ.
අද ජනතාවට රැකියා නැහැ. ආදායම් මාර්ග අහිමි වෙලා. එදාවේල කන්ඩ විදියක් නැහැ. ණය වාරික පොලී  ගෙවන්න විදියක් නැහැ. මේ ජනතාවට අයවැයෙන් ලැබිච්ච සහන මොනවද කියලා අපි අහනවා. අසරණ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව තඹ සතයක් වෙන් කරලා නැහැ.

මේ ආණ්ඩුවට ඡන්දය දීපු විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්න කිසිදු මුදලක් වෙන්කරලා නැහැ. මේක පුදුම ආණ්ඩුවක්.
මේ ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් යනකන් කිසිම දෙයක් කළේ නැහැ. ඊළඟ අවුරුද්දෙත් කිසිදු වැඩපිළිවෙලක් නැහැ කියලා මේ අයවැයෙන් පෙනී යනවා. ඒ නිසා තමයි අපි කිව්වේ ගෝඨාභය සර් ෆේල් කියලා.  එක පාරක් නෙමෙයි දෙපාරක් ⁣ෆේල් වෙලා බොරු කියන එකෙනුත් ෆේල් වෙලා තියෙනවා.

නිදහසින් පස්සේ වැඩිම ණය අරගෙන තියෙන්නෙ මේ ආණ්ඩුව යටතේයි. 2020 සඳහා රුපියල් බිලියන 2830 කුත් 2021 සඳහා රුපියල් බිලියන 2900 කුත් ලෙස මේ වසර දෙක සඳහා රුපියල් බිලියන 5730 ක වාර්තාගත ණයක් ලබාගෙන තියෙනවා.  එහෙත් ජනතාවට කිසිම සහනයක් නැහැ.

අපේ රජය යටතේ ජනතාවගේ සුබසාධන සඳහා රුපියල් බිලියන 654ක් වෙන්කළා. එතකොට කොරෝනා  තිබුණෙත් නැහැ. මේ ආණ්ඩුව ඒ මුදලත් කප්පාදු කරලා තියෙනවා.

ජනතාවට සහන නැති මේ අය වැයට පක්ෂව හෘද සාක්ෂියට එකගව මහජන නියෝජිතයන්ට ඡන්දෙ දෙන්න බැහැ. ඒ නිසා මේ අය-වැය ට විරුද්ධ ව සිදු දෙනා ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා.

   "ජනාධිපතිතුමා ජාතිය අමතනවා. ජනාධිපතිතුමා මාධ්‍ය එක්ක සාකච්ඡාවක් තිබ්බ නම් වඩා හොඳයි කියලා අපි හිතනවා. එහෙනම් මේ කොවිඩ් වසංගත පිළිබඳ ප්‍රශ්න අහන්න මාධ්‍යයටත් අවස්ථාවක් හිමි වෙනවා.
මුදල් ඇමතිවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේක තරම් ජනතාව නින්දට දාපු අය වැයක් මම දැකලා නැහැ.

මේ අය වැය මඟින් සංඛ්‍යා විජ්ජාවක් කරලා තියනවා. බොරුව වැපුරුවොත් මොනවද ලැබෙන්නේ කියලා අපි දන්නවා.

මේ අයවැයේ හොඳ අරමුණු තියෙනවා. අරමුණු තිබුනට ඒවා ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් හෝ සම්පත් වෙන් කිරීමක් නැහැ.

රට ෆෝජී වලින් ආවරණය කරනවා කියලා මිලියන පහළොවක් වෙන්කරලා තියෙනවා. රුපියල් මිලියන 15 කින් එක ගොඩනැගිල්ලක්වත් හදන්න බැහැ.

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් පනස් දහසක් හදන්නේ මිලියන විසි දහසක් වෙන්කරලා තියෙනවා. එක කිලෝමීටරයක් හදන්න රුපියල් ලක්ෂ හතරක් වගේ තමයි වෙන් කරලා තියෙන්නේ.

ග්‍රාමීය පාලම් දස දහසක් හදන්නේ මිලියන හත්දාහක් වෙන් කරලා තියෙනවා. එක පාලමකට ලක්ෂ හතයි වෙන් කරලා තියෙන්නේ.
මේක භාණ්ඩාගාර  නිලධාරීන් මැදිහත් වෙලා හදපු අයවැයක් කියලා අපි හිතන්නේ නැහැ.
මේ අය වැයම පුස්සක්. ඉලක්කම් ගැලපෙන්නේ නැහැ. වැඩ පිළිවෙලක් නැති හුදු වචන පමණක් ගලපලා තියෙනවා.



අදහස් (0)

විපතට පත් ජනතාවට අයවැයෙන් කිසිදු සහනයක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site