(මුදිතා දයානන්ද)
විධායක බලතල අහෝසි කරන්න අවශ්‍යම නම් ඊට පෙර පළාත් සභාවලට බලය බෙදන 13 වැනි සංශෝධනය අහෝසි කරන්න යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ අද (27) සම්බුද්ධත්වය ජයන්ති මන්දිරයේදි පැවසීය.
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් දැනට අපි දකින්නේ නැහැ. මේක ගේන්නේ ජාත්‍යන්තර සංවිධානවල බලපෑම් අනුවයි. මේ ජාත්‍යන්තර සංවිධානත් අපේ පාලකයින් ඇතුළු දේශපාලඥයිනුත් ගහන මැච් එකේ මේ රටේ සිංහල හා දෙමළ සාමාන්‍ය ජනතාව පන්දුවලට පත්කරගෙන. මෙවැනි ව්‍යවස්ථාවක් දෙමළ ජනතාවට අවශ්‍යත් නැහැ.
විධායක බලතල අහෝසි කරන්න ඕන කියලා කියනවා. ඒක එහෙම කරනවා නම් පළාත් සභාවලට බලය බෙදන 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අහෝසි කළ යුතුයි. මෙපමණ කලක් පළාත් සභා මගින් රට බෙදෙන්න තිබුණ ඉඩකඩ අහුරා ගත්තේ නූලෙන් වගේ මේක එල්ලගෙන හිටියේ විධායක බලතල නිසයි.
ඒක නැතිවුණ ගමන් රට බෙදෙන එක වළක්වන්න බැහැ. ඒ වගේම මේ ව්‍යවස්ථාව ගේන එක නවත්ව ගත්තත් ආණ්ඩුව ගැටයක් ගහලා පළාත් සභාවලට මෙතෙක් ලබානොදුන් අධිකරණ, පොලිස් හා ඉඩම් බලතල ලබාදෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා ඒ ගැනත් අවධියෙන් සිටිනා ලෙස අපි රට ගැන කැක්කුමක් තිබෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවස්ථාව ගේන එක නවත්ව ගත්තත් ආණ්ඩුව ගැටයක් ගහලා පළාත් සභාවලට මෙතෙක් ලබානොදුන් අධිකරණ, පොලිස් හා ඉඩම් බලතල ලබාදෙන්න ඉඩ තිබෙනවා. මේක වැදගත් කරුණක්. අපට මේක මග ඇරිලා වගෙයි. අර අත උස්සන්න ලැහැස්ති වෙලා ඉන්න සෙට් එකට මේකත් කියන්න ඕනේ. ජාතියක්, ජන්මයක් තියෙන අය බලාගත හැකියි.
ඔබ වහන්සේට මේ මොහොතේ මීට වඩා යමක් රට වෙනුවෙන් කීරීමට හැකියාව ලැබෙන පරිදි නිරෝගි බව ලැබීමට රට වාසනාවන්ත වනු ඇතැයි ප්‍රාර්ථනා කරමි
පරිස්සමින් කතා කරන්න හාමුදුරුවනේ... ෆොන්සේකාට ඇහුණොත් කියයි ඔබ වහන්සේත් එයාගේ ජාතියේ කෙනෙක් කියලා....
හිටපු පාලකයා කොහොම කෙනෙක්ද කියලා දැන දැනත් එයාව නැවත බලයට ගේන්න වලිකන කෙනෙක් හැටියට ඒ කාලයේ දීම "මහා රජාට" කියලා 13 සංශෝධනය ඉවත් කර ගන්න තිබුනනේ. දැන් ඉන්න අය ඒක කීයටවත් ඉවත් කරන්නේ නැති බව දැන දැනත්, කෙරෙන්නේ නැති දෙයක් ගැන ඔහේ කියවනවා.
අසවු, අසවු! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන විශේෂඥ දේශපාලකයෙක් කතා කරයි! මුන් වහන්සේලා ඉන්නේ ආගමික කටයුතුවලට නොව දේශපාලන කටයුතු වලටය. රට දෙකට බෙදන්නේ මේ දේශපාලන වහන්සේලායි !!!
කියන තැනකට වඳින්නම්. හාමුදුරුවන්ට දේශපාලනය ගැලපෙන්නේ නැහැ. සිවුර ගලවන්න. මේක හරි කැතයි.
සේරටම කලින් රජයේ දේපොළ මන්ත්‍රීවරු, මැති, ඇමති වරුන්ගෙන් බේරාගැනීමට ක්‍රමවේදයක් සකසන්න.
හාමුදුරුවනේ, ඔබවහන්සේලා නිවන් මග අත්ඇරියාද?
ලංකාවට මොන පළාත් සභාද? මුළු ලංකාවම ගත්තත් එ්ක පළාත් සභාවකට මදි...! එහෙව් එකේ මොන කෙහෙල්මලකටද මේ රට තව කෑලි නවයකට කඩන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රී කොට්ඨාසය තමයි අපට ගැලපෙන හොඳම පරිපාලන ඒකකය. ආයි මොන පළාත් සභාද? අපේ බදු මුදල් එක එක පන්දම්කාර දේශපාලකයින්ට බෙදාදෙන්න යොදාගත් උප්පරවැට්ටියක් නෙ මේක. එ්කෙන් මෙච්චර කාලෙකට රටට වෙච්ච යහපත මොකක්ද?
අලුත් ව්‍යවස්ථාව ගෙනාවට පස්සේ කියවා බලා හොඳ නැත්නම් අපිත් විරුද්ධ වෙනවා. දැනට ගෙනත් නැති එකකට කොහොමද විරුද්ධ වන්නේ? මේ ගැන කලබලවෙලා දඟලන සමහර උන්නාන්සේලාගේ වැඩ දැක්කහම මතක්වෙන්නේ අර තල් අත්තට බෙලි ගෙඩියක් වැටුනහම ලෝකේ කඩාවැටෙනවා කියා දුවගිය හාවාගේ කතාවයි. අර ශ්‍රී පාදේ යන බැතිමතුන් දමන කුණු නිසා ශ්‍රී පාදය අනතුරට පත්වී තිබෙනවා. අතීතයේ සිටම ඔබවහන්සේලා උපදෙස් දුන්නා. සටන්කලා කියනවා. එහෙම කලානම් අපේ බෞද්ධයෝම ඕව අපිරිසිදු කරනවද? මෙම ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීම ඔබවහන්සේලගේ යුතුකමක්... මුල් තැන දියයුත්තේ ආගමික කටයුතුවලටයි...
13 (ප්ලස්) දෙනවා කියලා ඔබ වහන්සේලා කඩේ ගිය නායකයෝ කිව්වේ ඕකටද?
සත්‍යය, හිටපු නායකයා කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා. ඒ නායකයා තමයි රට සිංහලයාට බේරා දුන්නේ. හිටපු නායකයෝ හැදුවේ දෙමළුන්ට උතුර සින්නක්කර ලියලා දෙන්න. "හිටපු පාලකයා කොහොම කෙනෙක්ද කියලා දැන දැනත් එයාව නැවත බලයට ගේන්න වලිකන කෙනෙක්" එයා ගැන අපි දන්නවාට වඩා ඔබ මොනවාද දන්නේ? අපි කව්රුත් වලිකන්නේ නැවත ඒ නායකයා ගෙන එන්නයි. මේ නායකයා මොන ඉටිගෙඩියක්ද මේ අවුරුදු දෙකහමාරට කලේ? පුලුවන්නම් එක කියන්න.
"අලුත් ව්‍යවස්ථාව ගෙනාවට පස්සේ කියවා බලා හොඳ නැත්නම් අපිත් විරුද්ධ වෙනවා." ඔබ කියවලා එය තේරුම් ගන්න විට වැඩේ ඉවරයි. ඔබ තේරුම් ගත්තත් නොගත්තත් ඕකට හවුල් වුණු 225 දෙනා ඕකට අත උස්සනවා. ඔබටයි මටයි කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැත. අලුත් ව්‍යවස්ථාව හදන්නේ ඒ ගොල්ලන්ගේ පැවැත්මට සහ දෙමලුන්ගේ පැවැත්මට සහ පරදේශක්කාරයින්ගේ වුවමනාවට. ඉන්න යකා අලුත් සුරදූතියට වඩා හොඳයි කියමු.
හාමුදුරුවෝ කියනදෙය හරිකියල මම හිතනවා පළාත්සභා අහෝසිකරලා ප්‍රාදේශිය ලේකම් කොට්ටසයකට වගකියන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් පත්කරලා කටයුතු කලොත් දහස් ගණනක් වන මහජන නියෝජිතයන්යයි කියාගන්න අයට වියදම් කරන මහජන ධනය සංවර්ධනයට යොදාගන්න පුළුවන් වේවි රටත් සංවර්ධනය කලහැකිවේවි