(විනීතා එම් ගමගේ)
විධායක ජනාධිපති ධුරය නිසා රට ආරක්‍ෂා වුණා යැයි ඇතැම් අය කියතත් එය පිළිගත නොහැකි තර්කයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවැසීය.
විධායක ජනාධිපතිධුරය ඉවත් කළත් අවශ්‍ය නීති ව්‍යවස්ථාවට ඇතුළත් කර එම බලතල පාර්ලිමේන්තුව හරහා හෝ අගමැතිවරයා හරහා කි‍්‍රයාත්මක කළ හැකි යැයි ද ඔහු පෙන්වා දුන්නේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ එම පක්ෂයේ මුලස්ථානයේ දී අද (18) පැවැති මාධ්‍ය හමුවකදීය.
‘‘වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බවට ප‍්‍රකාශයට පත්කරපු වෙලාවේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක‍්‍රමය පාවිච්චි කරලා රට ආරක්‍ෂා කරගත්තා කියලයි කියන්නේ. නමුත් 78 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධුරයට එවැනි බලතල ලැබිලා නැහැ. හදිසි පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තමයි වර්ධරාජා පෙරුමාල්ගේ ප‍්‍රකාශය නීත්‍යානුකූල වශයෙන් පරාජයට පත්කළේ. එනිසා විධායක ජනාධිපති බලතල පාවිච්චි කරලා රට බේරාගත් බවට කරපු එම ප‍්‍රකාශය අසත්‍ය එකක්. ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් ඉවත් වන්නෙත් නැහැ. විධායක බලතල තමයි අඩුවෙන්නේ‘‘ යැයි ද ඔහු කීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘විධායක ජනපති ධූරය නිසා රට ආරක්ෂා වුණේ නෑ‘
sathyayaa Wednesday, 25 October 2017 12:18 AM
ඔය හදාගෙන ඉන්නේ රටට ආදරය කරන විධායක අගමැති කෙනෙක්. මහා බැංකු කොල්ලයේදී විධායක ජනාධිපති නොසිටින්න රනිල් ජනාධිපති. අර්ජුන් මහේන්ද්‍රන් අගමැති. අර්ජුන් ඇලෝෂියස් මුදල් ඇමති. නාම මාත්‍රයට හෝ අර්බූද කාරී අවස්ථාවක විධායක ජනාධිපති කෙනෙක් ඉඳීමේ වැදගත් කම මුදලාලිලාගේ කුඹුරුවල මේ දවස්වල ගොයම් කැපීමේ යෙදී ඉන්න දෑකැති මිටිවල ට වැටහෙන්නේ නැහැ.