විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ඉන්දියාවේ ජනාධිපති ධුරයට සමාන ජනාධිපති ක්‍රමයක් ලංකාවේ ඇතිකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටියේය.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකඟතාවය පලකර ඇති බැවින් එය සිදුකරන ලෙස තමා ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කීවේයය.
‘විධායක ජනාධිපතික්‍රමයට විරුද්ධවයි අපි මුල ඉඳන්ම කතා කළේ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි කියන මතයේ මමත් ඉන්නවා. ඉන්දියාවේ ජනාධිපති ක්‍රමයට සමාන ජනාධිපති කෙනෙක් අපිටත් පත්කරග්නන පුළුවන්. වත්මන් ජනාධිපතිතුමාත් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. මම එදත් අදත් හෙටත් විධායක ජනාධිපතික්‍රමයට විරුද්ධයි.‘
ව්‍යවස්ථා සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මන්ත්‍රීවරයා එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙල්ගම මහතා ඉන්දියාවේ ජනාධිපති ධුරයට සමාන බලතල නැති ජනාධිපති ක්‍රමයක් ලංකාවේ ඇතිකරන කියන්නේ ඇයි? වැඩකට නැති පඹයෙක් තියාගෙන කෝටිගණන් වියදම් කරන්න හදන්නේ ඇයි? දැනටමත් වෙලාතිබෙන දේ පෙන්නවා නේද? දෙමල්ලු මේ රටේ ඉන්න තුරාවට යුද්ද කිරීම සහ හමුදාව මෙහෙයවීමට අධි බලැති ජනාධිපති ක්‍රමයක් මේ ශ්‍රී ලංකාවට අවශ්‍යයි. ගොඨාභය වගේ අයට අධි බලතල දීල ඔය පුටුවේ තියන්න.
හැම ජාතියකම මිනිස්සු එකතුවෙලා පත් කරන ජනපති කෙනෙක් හොඳයි. නැත්නම් සුළු ජාතීන්ට කිසිම ආරක්ෂාවක් නැහැ.
බමුණු ආරච්චිටත් අතුරුදහන් වෙන්න උවමනාවක් තිබෙනවද? බොහෝ අය ඉතිහාසය අමතක කර අනාගතය ගැන කතා කිරීම පුදුම සහගතය.
සුළු ජාතික ජනාධිපති කෙනෙක් පත්විය යුතුයි ..
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකල යුතුයි.
මේ හදිස්සියේ වෙල්ගම උන්නේහෙට ඉන්දීය ගාය හැදිලා තියෙන්නේ මොකෝ ලොක්ක ලඟදි එපැත්තේ රවුමක් ගහල ආවට පස්සේ බළල්ලු ලවා කොස් ඇට බැවවීමක් ද
නමින් "බමුණන්" වන අයද බොහෝ විට අහිකුන්ටකයන් වෙන අවස්ථා ඉහතින් දකින්නට ඇත. ප්‍රභාකරන් සාධාරණ කිරීමට මෝඩ බමුණන්ට පුළුවන.
බමුණුආරච්චි මහත්තයෝ යුද්දේ දිනුවේ එක්කෙනෙක් නිසා ලකුණු දා ගත්තේ තව කෙනෙක් . අන්තිමට යුද්ද වීරයා ජම්පර් එකක් දාගෙන හිරේ හිවල මගුල් ගෙදරක් ගත්ත මනමාලියෙක් නැතුව ඒවා මතක ?
වෙල්ගමට ඕක කියන්න තිබුනේ එයාල බලයේ ඉන්නකොට. එතකොට කිසිම ප්‍රශ්නයක් නෙතිව එයාලගේ රජා එක කරන්න තිබ්බ. දැන් ඕව කියල පලක් නැහැ. ලොක්කා ඉන්දියාවේ ගිහින් ආවට පස්සේ බළල්ලු ලව්වා කොස් ඇට බාවන්න හදනවා වගෙයි මටනම් පෙනෙන්නයි.
පක්ෂග්‍රාහි වන්න එපා... මම මේ ගොල්ලන්ට දෙන පිළිතුරු පල කරන්න...
බමුණුආරච්චි මහතාට හොඳටම තරහ ගිහින් වගේ. සමහර අයට තරහ ගියාම මුල සහ අග පටලවා ගෙන තමුන්ම ගුටිකන අවස්ථාද ඇත. ඉහත රෝහණ මහතාගේ ප්‍රකාශය බමුණු ආරච්චි මහතාට හොඳ පිළිතුරක් බව සළකන්න.
රෝහණ මම ඔබට පිළිතුරු දුන්න මොකක් හෝ හේතුවකට ඒවා පලවෙන්නේ නැත.
රෝහණ මම ඔබට පිළිතුරු දුන්නා... ඒත් ඒවා පලකරන්න බයයි.
වින්සන්ට් සහ රෝහණ වෙත. යුද්ධය දිනුවේ එක්කෙනෙක් නෙවෙයි. නාවික හමුදාව ඉතා විශාල කාර්යක් කරා කොටින්ගේ ආයුධ ජාලය කඩලා. එතකන් යුද්ධය දිනුවා බොරු. ඒ වගේම ගුවන් හමුදාවත් ඉතා විශාල කාර්යයක් කරා. ඒවා කපලා යුද්ධය දිනුවේ තනියෙන්ම කියලා නම දාගත්තේ එක්කෙනෙක් තමයි. එතුමා ජම්පරය ඇන්දේ අර ඩොලර් මිලයන ගණන ලැබුණු හැටි කියන්න බැරිවුණ නිසයි. අදත් එක ගන්න වලිකනවානේ. ඒ වගේම එතුමායි දැන් කියන්නේ යුද්ධයේදී හමුදාව අපරාධ කරා එයා ඒවාට වග කියන්නේ නැහැ කියලා. ඒ වගේම අන්තර්ජාතික විමර්ශනයකදී අපේ හමුදාවට විරුද්ධව සාක්ෂි දෙනවා කියන්නෙත් එයයි. ඒ නිසා දිනනකොට නම ගන්නේ කවුද කියලා දැන් හරියට හොයනවාද?
යුද්දේ පැරදුණා නම් එ්කේ වගකීම ගන්න ඔය කියන අය ඉදිරිපත් වෙයිද? එහෙම වුණා නම් ඇත්ත දකින්න අමාරු අය බොරුව රජකරවන්න හදනවා. මෙයාලා ඉස්සර හිටිය නම් කියයි යුද්දේ දිනුවේ දුටුගැමුණු නෙමේ වේළුසුමන කියලා...
බමුණු ඔබේ බමුණු ගති විදහා පන්න එපා.
සුපුන් බබා බේබිලත් එක්ක මොන්ටිසෝරි යන ගමන්ද? ගුරුතුමියගෙන් අකුරු ලියන විදියත් ඉක්මනට ඉගෙන ගන්න.
ජම්පර් කාරයාගේ කටේ නරිවාදම නිසා තමයි අපට ජාත්‍යන්තරයන් මෙතරම් ගැටළු එක මේ අයට පෙනේනේ නැත.
අපේ අදහස් පල කරන්නේ මොන පදමනක ඉඳලද කියලා අපට කියන්න බැරිය. කාටහරි කෙලින්ම පහර වදිනවා නම් ඒවා පලකරන්නේ නැත. මේ වගේ පක්ෂග්‍රාහී අය අතුරුදන් කරනවට මගේ කිසිම විරුද්ධත්වයක් නැත.
කුමාර වෙල්ගම නිකන් බයිලා ගහන්නේ නැතිව ඉන්න... රට සීසී කඩ යන එක නැවතී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි.
ඕනෑම කෙනෙකුට පිළිතුරු නැතිව යනකොට "සෝන් " වගේ වචන කියන්නටත් පුළුවන්. නිමල් මහතා කැමති නම් " මහ සෝන්" කිව්වත් ගැටළුවක් නැත. ඒ වගේම නිමල් මහතා කවදාවත් සීයා කෙනෙක් නොවීම ආඩම්බර විය හැකි කරුණකි.