IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


’විධායක ජනපති ක්‍රමය අභෝසි කරනවා කියලා ඡන්ද ගත්තා දැන් ඒක පුස්සක් වෙලා’

 

(අජිත්ලාල් ශාන්තඋදය, දාපනේ ජයන්ත නානායක්කාර සහ කොලොන්නේ පී.ආර්. ගමගේ)

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු වෙලා ඡන්දෙ අරගෙන දැන් කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නේ නෑ කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය  ඕනෑ කියලා. බොරු පොරොන්දු දීලා ඡන්දෙ ගන්න එපා කියලා මම කියනවා යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (5) සවස කොලොන්න කලූගල දී පැවසීය.

කොලොන්න කලූගල ශ‍්‍රී හේමගිරි පිරිවෙනේ පරිවේනාධිපති පණ්ඩිත විජේරියේ ජිනානන්ද හිමියන්ට අමරපුර අරියවංශ සද්ධර්ම යුක්තික මහා නිකායේ සද්ධර්ම කීර්ති ශ‍්‍රී විනය විශාරද කර්මාකාර්ය ශ‍්‍රී හේමතිලක තිස්ස ශාසන වංශාලංකාර ගෞරව නාමයත් සමග එම නිකායේ සබරගමු පළාතේ ද්විතීය සංඝනායක පදවියේ අක්ත පත‍්‍ර පිරිනැමීමේ උත්සවයේදී  මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.

අමරපුර අරියවංශ සද්ධර්ම යුක්තික මහා නිකායේ මහා නායක එගොඩමුල්ලේ අමරමෝලි හිමියෝ උත්සවයේ මුලසුන හෙබවූහ. අක්ත පත‍්‍ර ප‍්‍රදානය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිදුකළ අතර විජිනිපත රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා විසින් පිරිනමනු ලැබීය.

 

උත්සවය අමතමින් කතා කළ මහින්ද රාජපක්‍ෂ මහතා:

මෙවැනි යුගයක මේ ස්වාමීන් වහන්සේලා මුල් කරගෙන සමාජය නැවත ගොඩනගන්නට කටයුතු කළ යුතු කාලයක් කියලයි මම විශ්වාස කරන්නේ. අද මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් දෙනු ලබන අනුශාසනා පිළිබඳව තුට්ටුවකට සලකන්නේ නැති රජයක් තියන අවස්ථාවක් කියන එකත් අමතක කරන්න එපා. නායක ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි, මහා නායක ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි, මේ සමාජයට, පන්සල් වලට, හාමුදුරුවරුන්ට, බත්පතට, දානෙටත්, බදු අයකරන්නට යන යුගයක් බවට පත්වෙලා තියනවා.

අද පන්සල ගණන් ගන්නේ පුද්ගලයෙක් වශයෙන්. අපේ යුගයෙදි හාමුදුරුවනේ පුණ්‍යායතන බදුවලින් නිදහස් වෙලා තිබුණේ. පුණ්‍යායතන විතරක් නෙවෙයි බදු සහන ලබන ආයතන දෙසිය විසි ගාණක් තිබුණා.

අලූත් බදු පනත තුළ මේ සියල්ලක්ම කප්පාදු කරලා. පිටු 44ක් තිබිච්ච ඒ සහන පිටු දෙකකට සීමාවන විදියට විසි එකකට ද කොහේද සීමාවෙන්න කටයුතු කරලා තියනවා. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාත්, බන්දුල ගුණවර්ධන ඇමතිතුමත් මුදල් ඇමතිවරයා හමුවෙලා මේ බදුපනත මේ ආකාරයෙන් ගේන්න එපා කියලා කිව්වා. පන්සලෙන් අපේ හාමුදුරුවරුන්ගෙන් අහිංසක මිනිස්සුන්ට දෙන ආධාර මුදල පවා, බද්දකට යට කරන්නේ නැතුව මේවා නිදහස් කිරීමට පියවර ගන්න කියලා ඉල්ලීමක් කළ බව මට බන්දුල ගුණවර්ධන මහත්තයා දුරකතනයෙන් කතා කරලා කිව්වා.

අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේ වෙනස්කම් ඇති කරයි කියලා. හැබැයි මේ ආණ්ඩුව පිංකැටේට බදුගහන තත්ත්වයකට වැටුනම කොහොමද? දඹුල්ලෙ පන්සලේ පිංකැටේ උදුරාගෙන ගියේ. මේ තත්ත්වය තමයි අපිට අද මේ රජයෙන් බලාපොරොත්තු වෙන්න වෙලා තියෙන්නේ.

දැන් බලන්න මේ රටේ ගොවියා රජකරනවා කියලා ගොවි පුතෙක් රජවුණාම අපි හිතුවේ ගොවියට හොඳ කාලයක් ඇතිවෙයි කියලා. මුලින්ම කළේ ලක්‍ෂ හතරක් කුඹුරු කිරීම ජලය නොදී බලහත්කාරයෙන් නැවැත්තුවා. එහෙම නවත්වපු නිසා තමයි අපිට පිටරටින් හාල් ගේන්න සිදුවෙලා තියෙන්නේ. නමුත් අපි ගුවන් විදුලිය අහගෙන ඉන්න විට කියන්නේ මම අහවල් රටින් හාල් ඉක්මනට ගේනවා කියලා. හාමුදුරුවනේ ඒක ආඩම්බර වෙන්න දෙයක් නෙමෙයි. පිටරටින් හාල් ගේන්න කාටත් පුලූවන්. බොහොම පහසු වැඬේ. නමුත් පිටරටින් මෙච්චර කලක් ගෙනාපු හාල් ප‍්‍රමාණය අපි නවත්වලා මේ රටේ ගොවියා හාල් පිටරට යවන යුගයක් අපි බිහිකළා. අන්න ඒ යුගය නැවත ආපස්සට හැරවීම තමයි අපිට තියන කනගාටුව.

ඔබ දන්නවා එක යුගයක් තිබුණා වී ටික විකුණාගන්න බැරිව. දැන් හාල්ටික ගන්න බැරුව ඉන්නවා. දැන් ගම්මිරිස් ටික විකුණා ගන්න බෑ. දැන් හරි ලොකු මිලක් ඇතිනේ. හැබැයි  මේකට හේතුව මොකුත් නෙවෙයි සමහර ඇමතිවරු වියට්නාමයෙන්, ගම්මිරිස් නැව් පිටින් ගෙන්වලා. ඒකේ ප‍්‍රතිඵලය තමයි ලංකාවේ ගම්මිරිස්වල මිල අඩුවෙලා තියෙන්නේ.

ඒක නිසා වැඩියෙන් කන්න, වැඩියෙන් සැප විඳින්න, වැඩියෙන් හොඳ කාර්වල යන්න, රත්තරං බඩු බේරාගන්න දෙනවයි කිව්වා. පොලී නැතුව හම්බ වුණාද? මම ලංකාවටම වයිෆයි දෙන්න පහසුකම් ටික හදලා දුන්නා, මේ අය කිව්වා වයිෆයි දෙනවා කියලා. අපේ හාදයෝ ටික ගියා වයිෆයිවලට. අන්තිමට වයිෆියුත් නෑ, රැකියා දස ලක්‍ෂයත් නෑ. දැන් ඉතිං මේ තත්ත්වය තමයි අපට සිද්ධවෙලා තියෙන්නෙ. ගුවන් විදුලිය දාන්න බෑ ටීවී එක දාන්න බෑ මහින්ද රාජපක්‍ෂකාලේ තමයි ඔක්කොම වුණේ කියලා කියනවා. දැන් මට තමයි බනින්නේ. අපි ඔක්කෝම හිරේ දානවලූ. මට හාමුදුරුනමක් කිව්වා අමරදේව මහත්තයාගේ උත්සවයට ගියාලූ. ඒකෙදි අමරදේව මහත්තයා ගැන නෙමෙයිලූ කිව්වේ මම ගැනලූ. මට දොස් කියපු එක හැර වෙන දෙයක් නෑ.

නායක හාමුදුරුවන්ගේ උත්සවයේ මේවා කියන්න ගිහිං නායක හාමුදුරුවෝ මටත් ඒක කියයිද දන්නේ නෑ. හැබැයි ව්‍යවස්ථා වෙනස තුළ රට දෙකඩ කැඞීම ගැන කතා නොකළොත් ඒක ජනතාවට කරන අසාධාරණයක්.

කවුරුවත් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ නෑ. තියන ව්‍යවස්ථාව හොඳයි. ඡන්දය දුන්නා මිනිස්සු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න. හැබැයි දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියනවා දැන් ඒක තියාගන්න අපිට  ඕනෑ කියලා. ජනාධිපතිතුමා කියනවා නෑ නෑ දැන් මං ඒක අතහරින්නේ නෑ කියලා. ඒක දෙන්න බෑ.... කමක් නෑ. හැබැයි රටේ ජනතාවටත් අර දුන්න පොරොන්දු ඉටු කරන්න. හැබැයි මේවගේ පොරොන්දු දෙන්න එපා කරන්න බැරි දේ.... ඡන්දෙ ගන්න විතරක් බොරු පොරොන්දු දෙන්න සූදානම් වෙන්න එපා. 

ප‍්‍රාදේශීය සභා මැතිවරණයක් එනවා. වැඩි කලක් යන්න ඉස්සර පළාත් සභා මැතිවරණයත් එනවා. ඒකත් මම හිතන්නේ කල්ගිහිල්ලා දැන් මැතිවරණ කාලේ දික්කරන්න තමයි මහන්සි ගන්නේ. මැතිවරණ තියන්න බයයි. සෙනග දැක්කම බයයි. හැබැයි කල් ගියත් කවදා හරි එනවනේ නේද? ඒක හින්දා බයවෙන්න දෙයක් නෑ.  මේ රට නිදහස් කරගත්ත රණවිරුවෝ යුද අපරාධ වශයෙන් සලකලා අරං ගිහිල්ලා තියනවා. දැන් මෙහෙම නම් කඩාගෙන යන වාහනයකට පොලිසියෙන් වෙඩි තිබ්බානම් ඒක ගැටලූවක් වෙන්නේ නෑ. නමුත් වැරදිලාවත් උතුරු නැගෙනහිර පොලිස් නිලධාරියෙක් වෙඩි තිබ්බොත් මිනීමැරුම් චෝදනාවට ඒ පොලිස් නිලධාරියා මාස ගණන් රිමාන්ඞ් කරනවා. එවැනි අවස්ථා මේ රටේ  ඕනෑ තරම් පෙන්වන්න පුලූවන්.

මේ යුගයේ උතුරෙ ඇතිවෙලා තියෙන්නේ වෙන විදියකට. දකුණේ වෙන විදියකට සලකන්නේ. එදා පොලීසියට දුන්න විදියට මොටෝ සයිකලය ස්කූටරය දෙනවා කිව්වා. නමුත් අද එහෙම නෑ වෙළඳ වට්ටම් ගෙවන්න  ඕනෑ. මේවගේ තත්ත්වයක් තමයි රට තුළ ඇති වෙමින් පවතින්නේ.

රත්නපුර දිස්ත‍්‍රික් ශාසනාරක්‍ෂක බලමණ්ඩල ලේඛකාධිකාරී සහ ගොඩකවෙල මහින්ද පිරිවෙන් අධිපති කෝම්පිටියේ සුසීල හිමියෝ මෙසේ කීහ.

දරුවො දෙන්නට සීමා නොකර දරුවෝ පස් දෙනෙක්වත් වදන්න කියලයි තරුණ තරුණියන්ගෙන් ඉල්ලන්නේ. අනිත් අය අම්මලා පස් දෙනෙකුට පහ ගානේ හදනවා. විසිපහයි ඒ පවුලකට. අපෙ දෙන්නයි. එකෙක්ගේ ඇහැ පේනේ නෑ. අනිකගේ කණ ඇහෙන්නේ නෑ. අන්ධයෝ, බීරෝ, අබ්බගාතයො, වැඩියෙන් උපදිනව. ඒ නිසා මේ ගැන ටිකක් හිතලා ජාතික සංවර්ධනයක් අවශ්‍යයි.

මහා සංඝරත්නයද, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජානක වක්කුඹුර, පවිත‍්‍රා වන්නිආරච්චි, සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න, සබරගමු පළාත් සභා මන්ත‍්‍රී බී. ආරියවංශ (එජාප), ජී.එම්. කරුණාපාල (එජනිස) මහත්වරුන්ද ප‍්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

’විධායක ජනපති ක්‍රමය අභෝසි කරනවා කියලා ඡන්ද ගත්තා දැන් ඒක පුස්සක් වෙලා’

shan saudi Thursday, 07 September 2017 06:30 AM

අනේ මහත්තයෝ ඔයා හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුනා කියලද? ඔයාත් පලවෙනි පාර 2005 ජනාධිපති උනෙත් විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියලා පොරොන්දු දීලා තමයි. චන්ද්‍රිකා නෝනා 94 ජනාධිපති උනෙත් ඔය විදියටම පොරොන්දු දීලා.

:       0       4

kumar (galf) Thursday, 07 September 2017 06:53 AM

ඔයත් ඒ ටිකමනේ කලේ

:       0       1

Rohana Thursday, 07 September 2017 07:21 AM

ඔබතුමා විධායක ජනපති ක්‍රමය අභෝසි කරනවා කියලා කිසැරයක් ඡන්ද ගත්තාද? බලය නැතිවුනාම මොනතරම් වේදනාවක්ද තිබෙන්නේ.! දැන් ඔබට දුකද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 266 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1497 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 951 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 460 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 117 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site