( හාලිඇල- විජේරත්න රත්නායක සහ ඇටම්පිටිය- චන්දන කුරුප්පුආරච්චි )
රටේ විදුලි අවශ්‍යතාවයට මුවාවී අධික මිලට විදුලිය මිලදී ගැනීමට බලධාරීන් කටයුතු කරන බවත්, පාලකයින් උත්සාහ කරන්නේ ජනතාවට ප්‍රශ්න ඇතිකොට ඒ ප්‍රශ්න විසඳීමට කියා ජනතාව මත බර පැටවීමට බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (06) දහවල් හාලිඇල රොකතැන්න ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අවසානයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
‘‘අද පවතින විදුලි අර්බුදය රටේ ආර්ථිකයට හා ජන ජීවිතයටද විශාල බලපෑමක් කරනවා. ඒ නිසා එවන් ක්ෂේත්‍රයක් ඉතා සැලසුම් සහගතව මෙහෙයවිය යුතුයි. නමුත් සෑම පාලකයාම කළේ ඒ සඳහා අවශ්‍ය දීර්ඝකාලීන සැලසුම් සකස් නොකර, ඒ සඳහා අපට ඇති ස්වභාවික සම්පත් උපයෝගී කර නොගෙන ඉතා අධික මිලකට විදුලිය මිලදී ගැනීමට කටයුතු කිරීමයි. මේ විදුලිබල අවශ්‍යතාවයට මුවාවෙලා අදටත් මේ අය කටයුතු කරන්නේ විදුලි ඒකකයක් රුපියල් තිහක් වැනි අධික මිලකට මිලදී ගන්නයි. මේ පාලකයන් හැමදාමත් උත්සාහ කරන්නේ ජනතාවට ප්‍රශ්න ඇතිකොට ඒ ප්‍රශ්න විසඳීමට යැයි කියා ජනතාව මත බර පැටවෙන තීන්දු තීරණ ගන්නයි.
ඒ නිසා අද පවතින මේ විදුලි අර්බුදයට මේ රට පාලනය කළ හා පාලනය කරන සෑම පාලකයාම වගකිය යුතුයි. සෑම වසරකම පාහේ ඇතිවන මේ ප්‍රශ්නය සඳහා දිගුකාලීන සැලැස්මක් හා මෙහෙයුමක් නොමැතිවීම පාලකයින්ගේ අසමත් බවක්... ඒත් එහි විපාක විඳින්නේ ජනතාවයි.‘‘ යැයි සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයන් විතරක් නොවී ඔබත් අසමත්. නිකන් කියවනවා විතරි.
දැන් මේ රටට ඇති එකම බලාපොරොත්තුව ජවිපෙ පමණයි. අවුරුදු හැත්තෑවක් තිස්සේ රට අගාදයට ගෙනගිය ප්‍රධාන පක්ෂ දෙකම තමන්ගේ අසමත්කම ඔප්පු කරලා තියෙන්නේ. දැන්වත් අපි වෙනසක් ගැන හිතමු. ජවිපෙට අවුරුදු 5 කට රට බාර දීලා බලමු.
අම්මෝ මොනවට කියනවද .තියෙන ජාතික ආලෙට ,87-88 ට්‍රආන්ස්ෆොර්මර් කීයක් පුපුරවල අරියාද මයේ අම්ම .
මෙතුමා සඳහන් කර සිටිනවා රජය අපට ඇති ස්වභාවික සම්පත් උපයෝගී කර නොගෙන, ඉතා අධික මිලකට විදුලිය මිලදී ගන්නවාය කියා... මා දන්නා තරමට ලංකාවේ තවත් විශාල ජලවිදුලි බලාගාර ඉදිකිරීම ප්‍රායෝගික දෙයක් නොවේ. සූර්ය කෝෂවලින් නිපදවන විදුලිය ගබඩා කළ නොහැකි බැවින්, රාත්‍රී කාලයේදී භාවිතා කළ නොහැක. එසේනම්, අප භාවිතා නොකරන්නේ කුමන ස්වභාවික සම්පත්ද කියා මෙතුමාට කිව හැකිද? ස්වභාවික වායු හෝ ගල් අඟුරු බලාගාර ඉදිකළ හැකියි.. නමුත්, එවැනි දේ සඳහා රටේ මුදල් නොමැති බැවින්, පිටරටින් ණය ගැනීමට සිදුවනු ඇත...
නිශාන්ත සහ වජිර දෙදෙනාමට ස්තූතියි..
මා සිතන හැටියට ජවිපෙට ජාතික ඡන්ද පදනම වැඩි කර ගත නොහැක්කේ ඔවුන්ගේ අතීතයේ පැවති ප්‍රචණ්ඩකාරී හැසිරීමයි. විශේෂයෙන්ම 88/89 සමයේ සාමාන්‍ය පුරවැසියන් මරා දමමින්, ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරමින්, ලංගම බස් පුළුස්සා දමමින්, රජයේ ගොඩනැගිලි විනාශ කරමින්, රාත්‍රී කාලයේ නිවෙස්වලට බලෙන් පැමිණ හැඳුනුම් පත්‍ර හොරකම් කිරීම වැනි ක්‍රියාවලින් ඔවුන් හුවා දැක්වුයේ ඔවුන් පාලන ක්‍රමයයි. ජවිපෙ මෙවැනි ක්‍රියා වර්තමානයේ අනුමත නොකරනවාද යන්න ගැන නොදනිමි. නමුත්, වර්තමාන මහජන ඡන්ද වලින් තවමත් පෙන්නුම් කරන්නේ මහජනයා එදා ඔවුන් ගෙනගිය පාලන ක්‍රමය පිළිගන්නවාද, නැද්ද යන්නයි. ලංකාවේ දේශපාලනයට ජවිපෙ මගින් යම් සැලකිය යුතු බලපෑමක් තවමත් කළ නොහැක්කේ මේ හේතුව නිසා යයි සිතමි...
පිළුණු කතන්දර වෙනුවට විද්වත් කතාන්දරය කියවන්න. වසර 71ක් රට වැනසූ මුග්ධයින්ගේ මුසා වෙනුවට සත්‍ය සොයන්න.
මේකේ ඉන්න සමහරු ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ . තමන් දා ගත්ත කණ්ණාඩියේ පාටට බලනවා. තමන්ගේ දරුවන්ගේ අනාගතේ විනාශ කරන්න හදනවා තමන්ගේ පක්ෂය දිනවන්න. සිගිති ආතල් එකක් අරගෙන. ලෝකේ වෙන රටවල් බලන්න. හරි දේ කරන කෙනාට හැමෝම සහයදෙනවා. හැමදාම වැරදි කරන දේශපාලකයෝ ඉන්න පක්ෂ හරි අතීතයේදී වරදක් කරපු එක තමා වැරදි. සමහරවිට ඒ වා කරපු මිනිස්සු දැන් මැරිලත් ඇති. නමුත් එකම තමා පෙන්නේනේ.