IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘වත්මන් ජනපති රටට ආදරේ ඇති නායකයෙක්‘

(විනීතා එම් ගමගේ)

වත්මන් ජනාධිපතිවරයා රට පළමු තැනට තබා කටයුතු කරන රටට ආදරය ඇති නායකයෙකු බව එක්සත් ජාතින්ගේ මහ සමුළුව ඉදිරියේ මව් බසින් කළ කතාවෙන් යළිත් වරක් ඔප්පු කර ඇතැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ස්වාධීන රටක් ලෙස සංහිදියා ගමන් මගේ ඉදිරියට යන්නට ශ්‍රී ලාංකිකයන්ට ඉඩ තිබිය යුතු බව ද බලපෑම් ඇඟිලි ගැසීම් අවශ්‍ය නොවන බව ද ජනාධිපතිවරයා එම සම්මේලනය ඉදිරියේ කියා සිටියේ නිර්භීත නායකයෙක් ලෙස යැයි ද සමරසිංහ මහතා කීය. 

වීරෝධාර රණවිරුවන් සිහි කරමින් එහිදී ඔවුන්ටද උත්තමාචාර දක්වමින් තම දේශනය කළ ජනාධිපතිවරයා එහි දී පෞද්ගලිකව ලකුණු දමා  ගැනීමකින් තොරව රට වෙනුවෙන් පෙනී සිටීම විශේෂයෙන් කැපී පෙනෙන්නේ යැයි ද පැවැසීය. 

රට පාවාදුන් නායකයෙකැයි ද ජිනීවා හි සම්මත වූ යෝජනාවට ඔහු වගකිව යුතු යැයි ද ඉකුත් වසර තුන හමාරේ දී නිතර නිතර ජනාධිපතිවරයාට නැගුණු චෝදනාව මේ කතාවත් සමඟ නිසි පිළිතුරක් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. 

අපි මානව හිමිකම් සුරකින රටක් බව ලොව  ඕනෑම තැනක දී කිව හැකි යැයි කී සමරසිංහ මහතා 19 වන සංශෝධනය ගෙන එන්නට එතුමන් මැදිහත් නොවුයේ නම් මෙවන් රටක් ඇති නොවනු ඇතැයි ද කීය. 

සංහිදියාව ස්ථාපිත කළ යුතු අතුරේ පමණක් නොව දකුණේ ද සංහිදියාව ඇති කළ යුතු යැයි ජනාධිපතිවරයා සිය දේශනයේ දී පෙන්වා දුන් බව පැවසූ අමාත්‍යවරයා රටත් ජනතාවත් වෙනුවෙන් එක්සත් ජාතින් ගේ සම්මේලනය ඉදිරියේ දී ඔහු සාධාරණය ඉටුකළේයැයි ද සඳහන් කළේය. 

ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ සම්මේලනය ඉදිරියේ කළ දේශනය ඓතිහාසික කථාවක් ලෙස තමන් දකින්නේ යැයි පැවසු සමරසිංහ මහතා එහි දී කී ලෙසම කටයුතු කරන්නට ජනාධිපතිතුමන් සුදානම් බව ද පැවසීය.

මහින්ද සමරසිංහ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද  (26) පැවති පක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි. 



අදහස් (5)

‘වත්මන් ජනපති රටට ආදරේ ඇති නායකයෙක්‘

rohana Thursday, 27 September 2018 02:14 AM

අනිවාර්යෙන්ම සිරිසේන මහතා රටට ආදරේ කරන කරපු කෙනෙක්. මෙතුමා කාලෙකින් අපිට ලැබුන ශ්‍රේෂ්ට නායකයෙක්.

:       205       21

Bamunuarachchi Friday, 28 September 2018 01:33 AM

එක ඔබතුමා කියලා වැඩක් නැත. රටේ ජනතාවයි කියන්න ඕනේ නැතිනම් පිළිගන්න ඕනේ.

:       1       106

Saththaya Friday, 28 September 2018 03:21 AM

ඇයි මෙතෙක් කල් බිහිවුන මේ රටේ එකම නායක තුමා , පක්ෂ පාට නොබලා රටට සේවය කරපු. ඒ නිසා තමයි රට දියුණු වුනේ.

:       20       0

Bamunuarachchi Saturday, 29 September 2018 06:06 AM

ඉස්කෝලේ යනකාලේ නම් අපි ඕවට කීවේ බෝලේ මිරිකනවා කියලා. ඒ අවුරුදු 60කට ඉස්සෙල්ලා... දැන් මොනවා කියනවද දන්නේ නැහැ.

:       0       14

RaveendraSunday, 30 September 2018 05:51 PM

දැන් කියන්නේ " ගොට්ට අල්ලනවා " කියලා.. එහෙමත් නැත්නම් වසුරුත් සුවඳයි කියන එක...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site