(විනීතා එම් ගමගේ)
වත්මන් ජනාධිපතිවරයා රට පළමු තැනට තබා කටයුතු කරන රටට ආදරය ඇති නායකයෙකු බව එක්සත් ජාතින්ගේ මහ සමුළුව ඉදිරියේ මව් බසින් කළ කතාවෙන් යළිත් වරක් ඔප්පු කර ඇතැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ස්වාධීන රටක් ලෙස සංහිදියා ගමන් මගේ ඉදිරියට යන්නට ශ්‍රී ලාංකිකයන්ට ඉඩ තිබිය යුතු බව ද බලපෑම් ඇඟිලි ගැසීම් අවශ්‍ය නොවන බව ද ජනාධිපතිවරයා එම සම්මේලනය ඉදිරියේ කියා සිටියේ නිර්භීත නායකයෙක් ලෙස යැයි ද සමරසිංහ මහතා කීය.
වීරෝධාර රණවිරුවන් සිහි කරමින් එහිදී ඔවුන්ටද උත්තමාචාර දක්වමින් තම දේශනය කළ ජනාධිපතිවරයා එහි දී පෞද්ගලිකව ලකුණු දමා ගැනීමකින් තොරව රට වෙනුවෙන් පෙනී සිටීම විශේෂයෙන් කැපී පෙනෙන්නේ යැයි ද පැවැසීය.
රට පාවාදුන් නායකයෙකැයි ද ජිනීවා හි සම්මත වූ යෝජනාවට ඔහු වගකිව යුතු යැයි ද ඉකුත් වසර තුන හමාරේ දී නිතර නිතර ජනාධිපතිවරයාට නැගුණු චෝදනාව මේ කතාවත් සමඟ නිසි පිළිතුරක් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
අපි මානව හිමිකම් සුරකින රටක් බව ලොව ඕනෑම තැනක දී කිව හැකි යැයි කී සමරසිංහ මහතා 19 වන සංශෝධනය ගෙන එන්නට එතුමන් මැදිහත් නොවුයේ නම් මෙවන් රටක් ඇති නොවනු ඇතැයි ද කීය.
සංහිදියාව ස්ථාපිත කළ යුතු අතුරේ පමණක් නොව දකුණේ ද සංහිදියාව ඇති කළ යුතු යැයි ජනාධිපතිවරයා සිය දේශනයේ දී පෙන්වා දුන් බව පැවසූ අමාත්‍යවරයා රටත් ජනතාවත් වෙනුවෙන් එක්සත් ජාතින් ගේ සම්මේලනය ඉදිරියේ දී ඔහු සාධාරණය ඉටුකළේයැයි ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ සම්මේලනය ඉදිරියේ කළ දේශනය ඓතිහාසික කථාවක් ලෙස තමන් දකින්නේ යැයි පැවසු සමරසිංහ මහතා එහි දී කී ලෙසම කටයුතු කරන්නට ජනාධිපතිතුමන් සුදානම් බව ද පැවසීය.
මහින්ද සමරසිංහ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (26) පැවති පක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම සිරිසේන මහතා රටට ආදරේ කරන කරපු කෙනෙක්. මෙතුමා කාලෙකින් අපිට ලැබුන ශ්‍රේෂ්ට නායකයෙක්.
එක ඔබතුමා කියලා වැඩක් නැත. රටේ ජනතාවයි කියන්න ඕනේ නැතිනම් පිළිගන්න ඕනේ.
ඇයි මෙතෙක් කල් බිහිවුන මේ රටේ එකම නායක තුමා , පක්ෂ පාට නොබලා රටට සේවය කරපු. ඒ නිසා තමයි රට දියුණු වුනේ.
ඉස්කෝලේ යනකාලේ නම් අපි ඕවට කීවේ බෝලේ මිරිකනවා කියලා. ඒ අවුරුදු 60කට ඉස්සෙල්ලා... දැන් මොනවා කියනවද දන්නේ නැහැ.