(රංජන් අමරසිංහ)
වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් වන පසුබිම යටතේ 2025දී ශ්‍රී ලංකාව සමෘධිමත් රාජ්‍යයක් බවට පත් කළ නොහැකි බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියයි.
“රජය ප්‍රකාශ කර තිබුණා ඒක පුද්ගල වාර්ෂික අදායම ඩොලර් 4000 සිට 5000 දක්වා වර්ධනය කරනවා කියලා.නමුත් එසේ වර්ධනය වීමට නම් වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 15ක් විය යුතුයි.
කොළඹ සම සමාජ පක්ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා මේ බව කීය.
“රජය පසුගිය කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගන්නේ සියයට 6ක වාර්ෂික පොලියකට.අරමුදල ණය ලබාදීමේදී කොන්දේසි පනවා තියෙනවා.ඒ එක් කොන්දේසියක් වන්නේ ශ්‍රී ලංකාවේ සුබ සාධන කපා දමන ලෙසයි.දැන් රජය ඒ අනුව කටයුතු කරමින් සිටිනවා.
නමුත් ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ ණය ලබා දෙන්නේ නම් වාර්ෂිකව ගෙවන්නට සිදු වන්නේ සියයට 2ක පොලියක් පමණයි.අනෙක කොන්දේසි පැනවීමකුත් නෑ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පවසා තිබුණා 2025දී ශ්‍රී ලංකාව සමෘධිමත් රාජ්‍යයක් බවට පත්කරනවා කියා.නමුත් මේ පසුබිම යටතේ මේ රජයට එසේ කළ නොහැකි බව පැවසිය යුතුයි“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2025 දී නොව මේ දේශපාලකයින් ඉන්න තාක් කලකට මෙරට සමෘද්ධිමත් කළ නොහැකියි.
සාධාරණ තර්කයක්. මෙතුමා කියන්නේ ඇත්ත. මේ යන විදිහට අපි 2025 දී සමෘධිමත් වෙන්න නම් පොළවෙන් තෙල් උල්පතක්, එහෙම නැත්නම් රත්‍රන් නිධියක් වැනි දෙයක් මතුවෙන්න ඕනේ.
සම සමාජ පක්ෂය තවම තියෙනවද? මම හිතුවේ ඇන්. ඇම්. සහෝදරය මැරුණත් හරි පක්ෂයත් එදාම වළ දාන්න ඇති කියල. අනේ මේ ගොල්ලන්ගේ ආර්ථික විග්‍රහ.
ඔබතුමා මේ කෙහෙල්මල් දේසපාලනය අතහැරලා ඩෙංගු මදුරුවා ගැන පර්යේසන කරන්න. එය ජනතාවට කරන විසිස්ට සේවයකි.
සමාවෙන්න, ලංකා සම සමාජ පක්ෂය රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමට මේ දක්වා කලේ මොනවාද?
මගේ සුදු බෑණන්ධිට තුනුරුවන් පිහිටයි