IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘වැටුප් වැඩිකිරිමට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුනුත් විරෝධය පළ කරනවා’

 

 

 

 

(නිමල කොඩිතුවක්කු සහ ඡායාරූප හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

  

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරිමේ යෝජනාවක් ඇත්නම්  ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රිවරුන් ලෙස එයට  විරෝධය පළ කරන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී  අද (6) පැවසීය.

ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දී දේශපාලඥයන්ද පටි තදකරගත යුතු බවත් ඒ ආදර්ශය දේශපාළඥයන් විසින් ජනතාවට ලබාදිය යුතු බවත් මන්ත‍්‍රිවරයා  සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

 ‘‘ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප්  වැඩි කරන්න යන බවට මේ දිනවල  මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාලා වලින් පුවත් පළවුණා.

ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩිවෙන විට එයට අනුරූපිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප්  වැඩිවෙන්න  ඕන කියලා 2006 වසරේදී එවකට හිටපු සභානායක අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා සම්මත කරලා තියෙනවා

ඒ අනුව  2018  ජනවාරි මාසයේ ඉඳලා ඉහළ අධිකරණවල විනිශ්චකාරවරුන්ගේ වැටුප් වැඩිවෙලා තියෙනවා. ඒ අනුව  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ  වැටුප් වැඩිවිය යුතුයි කියලා කතා බහක් ඇවිත් තියෙනවා.

මෙම වැටුප් වැඩිවෙලා ඇරියස්  එකත් එක්ක මන්ත‍්‍රිවරුන්ට වැටුප් වැඩිවෙලා වගේ තමයි මාධ්‍ය මගින් මේ ගැන ප‍්‍රචාරය  ගියේ.  මේ පිළිබඳ තවම තීන්දුවක් අරගෙන නැහැ කියලා අපි ඉතා පැහැදිලිව කිව යුතුයි.

කවුරුහරි මෙහෙම යෝජනාවක් කරලා තියෙනවනම්  පසුපෙළ මන්ත‍්‍රීවරුන් විදියට අපි මේකට විරුද්ධයි. එහෙම යෝජනාවක් තියෙනවානම් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේදීත් අපේ විරෝධයත් අපි ඒකට ප‍්‍රකාශ කරනවා.

අපිට මේ  වගේ ප‍්‍රතිචාර  දක්වන්න වෙලා තියෙන්නෙත් මාධ්‍ය මගින් මෙවැනි ප‍්‍රචාර යන නිසයි. ඒ නිසා මේ පිළිබඳ විකාශනය කරන්න කලින් මෙම වැටුප් වැඩිකිරීම ගැන තීන්දුවක්  අරගෙන තියෙනවද නැද්ද කියලා මාධ්‍යයට හොයා බැලිම වටිනවා. මේ පිළිබඳ යම්කිසි වගකිමක්  සහිතව වාර්තා කරන්න කියලා අපි  මාධ්‍ය මගිනුත් ඉල්ලා සිටිනවා.

 



අදහස් (1)

‘වැටුප් වැඩිකිරිමට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුනුත් විරෝධය පළ කරනවා’

Raveendra Monday, 06 August 2018 02:03 PM

අම්මපා... පුදුම සෙනෙහසක් නේ මේ උන්දැට මහජනතාව ගැන එක පාරටම ඇතිවෙලා තියෙන්නේ.... " බූරුවන් " තෝරන තරගයක් ළඟපාතක නැහැ නේද?

:       0       103

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site