IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘විජයකලාගේ ප්‍රකාශය දකුණේ ජනපති සිහිනය මවා සිටින අයගේ කොන්ත්‍රාත්තුවක් දැයි සැකයක්’


 
(කාංචන කුමාර ආරියදාස)
 
කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය වන විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය ගැන කළ ප්‍රකාශය දකුණේ ජනාධිපති සිහිනය මවාගෙන සිටින අයකුගේ කොන්ත්‍රාත්තුවක් දැයි සැක සිතෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.


කිරි ගොවීන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් අද (5)  දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.


රාජ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් එහෙත් ඒ පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු යැයි ද මේ වන විට දකුණේ කණ්ඩායම් ජනාධිපති උණුසුමෙන් විවිධ රැස්වීම් පවත්වමින් කලඑළි බහින කාලය බවත් සඳහන් කළේය. 


එම නිසා රාජ්‍ය අමාත්‍යවරිය ඒ අයකුගේ කොන්ත්‍රාත්තුවක් මේ ආකාරයෙන් ඉටු කළේ ද යන්න දැඩිව සැකයක් පවතින බව හෙතෙම සඳහන් කළේය.


කිලිනොච්චියේ සේවය කළ මේජර් රත්නප්‍රිය බන්දු වැනි චරිත එම ප්‍රදේශයට තව තවත් ගොනුකර විජයකලා නැමැති චරිතය දෙමළ ජනතාව තුළම කොන් කර දැමිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.


එම  ප්‍රකාශය අල්ලාගෙන දෙමළ ජනතාවට පහර දෙන්න සූදානම් වෙනවා නම් එමෙන්ම දකුණ ගිනි තියන්නට සූදානම් වෙනවා නම් ඒවාට ඉඩ ලබා නොදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.


ඉදිරි ජනාධිපතිවරණය සඳහා රැල්ලක් සූදානම් කර ගැනීමට දකුණේ අවධානය දිනාගැනීමට විජයකලා යම්කිසි අන්තවාදීන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉෂ්ඨ කළාද යන සැකය තවදුරටත් තිබෙන බව සඳහන් කළේය.

යම්කිසි මුදලක් ලබාගෙන මෙය සිදු කළේ ද යන්න සැක සහිත බව ද නාමල් කරුණාරත්න මහතා පැවසීය.
  
 



අදහස් (0)

‘විජයකලාගේ ප්‍රකාශය දකුණේ ජනපති සිහිනය මවා සිටින අයගේ කොන්ත්‍රාත්තුවක් දැයි සැකයක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site